Wednesday, July 31, 2019
Monday, July 29, 2019
Sunday, July 28, 2019
Saturday, July 27, 2019
ආගමික ඇදහිලි හා දේව විශ්වාස
සෑම මිනිසකුම කුමන හෝ ආගමක් හා බැඳී සිටී. සෑම කටයුත්තකදීම ආගම මුල් කරගන්නා ආකාරයක් දැකිය හැකිය .සෑම තරාතිරකම අයෙක් ආගම හා බද්ධව සිටි .එය අතීතයේ සිටම පැවත එන්නකි .කෘෂිකාර්මික රටක් වූ අප රට ස්වයං පෝෂිත වූවකි. ආගම දේව ඇදහිලි හා විශ්වාස මෙම කෘෂි ආර්ථිකය සමඟ සමීප සබඳතා පවත්වන බවත් එය අතීතයේ සිට පැවත එන බවත් නිරීක්ෂණය කළ හැක. ගොවිතැන ඒ අතරින් ප්‍රධාන වේ .අප රට කුඩා රටක් වුවත් ප්‍රදේශයෙන් ප්‍රදේශ තුළ පවතින දේහය ඇදහිලි හා විශ්වාස විශ්වාසයන් එකිනෙකට වෙනස් ස්වභාවයක් උසුලයි .මේ බොහොමයක් තුළ සන්නිවේදන කාර්යයක් වක්‍රව හෝ සෘජුව සිදුවන ආකාරයක් හඳුනාගත හැකිය .සිංහල ගොවියා වී සැලකුවේ විශාල වූ බුද්ධ භෝගයක් ලෙසිනි.ගොවිතැනේ සෑම වැඩකටම දෙවියන් බුදුන් සම්බන්ධ කරගැනීමට ඔවුන් අමතක කළේ නැත .ගොවිතැන වටා තිබූ තිබූ අනුස්මරණීය ආගමික ක්‍රමයන් හා දේව ඇදහිලි සම්භාරයන් ඇතැම් වෙනස්කම් සහිතව නූතනයේදී නොනැසී පවතී .එසේම කෙත හා බැඳි ඇදහීම් රටාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන ආකාරයත් ඒවා දෙස නිරීක්ෂණය කරන විට හඳුනා ගත හැකිය .බෞද්ධාගමික රටක් වන ශ්‍රී ලංකාව බුදුන් මුල්කොටගෙන සියලු කාර්යන් කරන ආකාරයක් දැකගත හැකිය .කෙතට කෙටීම ආරම්භ කරන්නේද සන්සුන් සිතින් ය. සියල්ල සිදුවන්නේ ද බුදුන් වැඳීමෙන් අනතුරුව ය .මේ හරහා ඔවුන් තමන්ගේ සිත සන්සුන් කර ගන්නා අතර එය බලා සිටින බාල පරම්පරාව එසේ කිරීමට පෙළඹේ .ආධ්‍යාත්මික සුවය මෙන්ම පහල පරම්පරාවට මේ පිළිබඳව සන්නිවේදනය වේ. සෑම යහපත් කටයුත්තක් ම යහපත් ආකාරයෙන් ආරම්භ කළ යුතු බව මෙයින් සන්නිවේදනය කරයි.ගොවිතැන වටා තිබූ අනුස්මරණීය ආගමික ක්‍රමයන් හා දේව ඇදහිලි සම්භාරයන් ඇතැම් වෙනස්කම් සහිතව නූතනයේදී නොනැසී පවතී. එසේම කෙත හා බැඳි ඇදහීම් රටාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන ආකාරයත් ඒවා දෙස නිරීක්ෂණය කරන විට හඳුනා ගත හැකිය. බෞද්ධාගමික රටක් වන ශ්‍රී ලංකාව බුදුන් මුල්කොටගෙන සියලු කාර්යයන් කරන ආකාරයක් දැකගත හැකිය. සෑම යහපත් කටයුත්තක් ම යහපත් ආකාරයෙන් ආරම්භ කළ යුතු බව මෙයින් සන්නිවේදනය කරයි .
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් කුඹුරු කිරීමෙන් අනතුරු ව පෙර කුඹුර කොටා කොටා පිරිත් නූල් බදිනු ලබයි .අනතුරුව කුඹුරු කොටන තැනැත්තා සිතින් සබ්බ පාපස්ස අකරණං ගාථාව කියනු ලබියි. එම කුඹුරට සතුන්ගෙන් හානියක් හෝ සතුන්ට තමන්ගේ හානියක් නොවේ යැයි සිතනු ලබයි .මේ හරහා සත්ව හිංසනය අවම වන බව ඔවුන් විශ්වාස කරයි .එසේම තමා මේ ආහාර ලබා ගැනීමේදී කිසිවකුටත් හානියක් නොවිය යුතුය යන හැඟීම සන්නිවේදනය කරයි.
ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල පිරිත් කරනු ලබයි .මේ හරහා විශ්වයේ තම ශක්තියෙන් ක්‍රියාත්මක වන බවත් මෙම පිරිතේ ශක්තියෙන් නිසා හානිය අවම බවත් විශ්වාස කරනු ලබන නූතන විද්‍යාවෙන් පිරිත් ක්ෂණික විශ්වයට මුදා හැරෙන බවත් එහි ශක්තියට ශාක නම්‍යතාවක් දක්වන බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරයි. බොහෝවිට මෙම පිරිත් ගමේ වැඩිහිටි ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් විසින් පවසන අතරේ පසු පරම්පරාවට ඉගැන්වීම සඳහා ද එහි වටිනාකම පවත්වාගෙන යෑම සඳහා ද මේවා යොදා ගන්නා ආකාරයක් හඳුනාගත හැකිය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිදුකරන විවිධ ආගමික ක්‍රියාවන් හඳුනාගත හැකිය.
අනුරාධපුර ගලෙන්බිඳුනුවැව
කුඹුරු ගොවිතැන සතුන්ගෙන් ස්වභාවික ආපදාවලින් ආරක්ෂා කරන දෙන මෙන් පෙර අස්වැන්න ලබාගන්නා ලද වී කරල් මිටක් ගෙයි කොනක එල්ලා තබනු ලබයි. අනතුරු අදාල කන්නේ තුළ ගොවිතැන් කර ගැනීමටත් කන්න තුළ ගොවිතැන් කර ගැනීමට ප්‍රථම කමතට ගොස් හක්ගෙඩියක් ,බුලත් හා පොල් ගෙඩියක් කමත මත තබා ගම්භාර දෙවියන්ට තමන්ගේ ගොවිතැන ආරක්ෂා කරලා දෙන මෙන් පවසයි .ඇතුලින් ගෙයක් තුළ එවැනි වී කරල් එල්ලා තබයි.එවිට ගෙදරට පැමිණෙන අය මොවුන් ගිය පාර ගොවිතැන් කරලා තියෙනවා යැයි හඳුනා ගනී. අස්වැන්න ලැබී තියෙනවා ඉස්සරහට ගොවිතැන් කරන්න සූදානම් යයි සන්නිවේදනය කරනු ලබයි. ගොවිතැන ආරම්භ කිරීමට ප්‍රථම පොල් ගෙඩියක් ගෙන එහි හුණු වලින් ගෙවත්තේ සලකුණු කොට ගසක එල්ලීම සිදු කරයි .මෙය කුඹුරු ගොවිතැන සතුන්ගේ ස්වාභාවික විපත්වලින් ආරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලමින් ගැට ගසන ලදී. කුඹුරු කටයුතු සියල්ල අවසන් කොට අස්වැන්න නෙලීමෙන් අනතුරුව පොල් ගෙඩියේ ලෙල්ල අයින් කර පොල් කිරි ලබා ගනියි .අනතුරුව ඒ සහල්වලින් කිරි හැර පූජාව පවත්වනු ලබයි .
පූජාව නොකළහොත් අදාල ගෙදර පිරිසට හීනෙන් අලි පෙනීම, බියවීම ,ජලයෙ ගිලීම වැනි නරක සිහින පෙනෙන බව පවසයි .ඇතැම්විට මෙය සන්නිවේදන ක්‍රමයක් විය හැකිය .පොරොන්දුවක් වුවහොත් එය අනිවාර්යයෙන් ඉටු කළ යුතු බව මෙයින් ගම්‍ය වේ .
ගම්පහ ප්‍රදේශය අස්වනු නෙළා ඉවර වීමෙන් අනතුරුව ගම් මතුව නම් අස්වැන්න ලබා දුන්නට ස්තුති කරන ස්ථානයක් තිබේ. එතැනට පැමිණ දෙවියන්ට ස්තූති කරන බව සඳහන් වේ .
මේ හරහා තමාට උපකාර කළ අයෙක් වේ නම් ඔහුට උපකාර කළ යුතු බව සන්නිවේදනය කරයි. එනම් කෘත ගුණ සැලකීමයි .
අනුරාධපුර අලුත් සහල් මංගල්‍යය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල තමන්ගේ කුඹුරු වලින් ලබාගන්නා පළමු අසන්න බුදුන්ට මෙන් වෙන්කොට තිබේ .අනතුරුව අනුරාධපුර ශ්‍රී අනුරාධපුර ශ්‍රී මහ බෝධිය ඉදිරිපිට සියල්ලන්ගේම සහලින් නැලියක් පුරවා ප්‍රාර්ථනාවන් කරනු ලබයි. මෙහිදී සියලු දෙනාට යහපත සතුට සාමය ප්‍රාර්ථනා කරනු ලබයි .
නුවර අලුත් සහල් මංගල්‍යය
නුවර දළදා මාලිගාවේ සහල් මංගල්ලෙට පෙර පවත්වනු ලැබුවේ පෙරහැරකින් තැන් තැන් වලට ගොස් සහල් එකතු කර කර ගැනීමෙනි. නූතනයේ සියල්ල මාලිගාවට මාලිගාවට ගොස් පූජා කරන ආකාරයක් දැකගත හැකිය .
අනුරාධපුර ගලෙන්බිඳුණු වැව
සහල් අලුතෙන් ගැනෙන විට මුට්ටියකට වෙනම සහල් ප්‍රමාණයක් වෙන්කොට තිබේ .අවුරුද්දට දෙසැරයක් නිවසකට කිරිහර පූජා කිරීම සඳහා අවස්ථාවක් ලැබේ. ධාතුන් වහන්සේගේ පූජාව සඳහා එනම් උදේ 6 ට පෙර මෙම සහලින් පිසු කිරිබත් පන්සලට ගෙන ගොස් ලබා දිය යුතුය. ඒ සඳහා පොල් කිරි ධාන්‍ය වර්ගයක් හකුරු හා කෙසේ භාවිතා කරයි. මේ දැනුම් දෙන්නේ හැන්දක් වැනි උපකරණයක් කතා නොකොට උදේ 6 න් පසු අදාළ නිවසට ලබාදීමනි. පසුව මෙය ලග නිවසට ලබාදීමේ පසු අදාල නිවසට ලබා දේ.මෙහෙ නිර්වාචික සන්නිවේදන ක්‍රමයක් ගැබ් වී ඇති ආකාරයක් දැකගත හැකිය .යම් වැරදි දෙයක් කියවන හොත් යැයි යැයි සිතා මෙය ලබාදීමෙන් පසු කතා නොකිරීම සිදු කරයි. මෙය දීමෙන් අනතුරුව එම නිවසේ බොහෝ වේලාවක් රැදෙන්නේ නැත .සිංහල ගොවියා බුදුන්ට අමතරව වී ගොවිතැන සම්බන්ධයෙන් දෙවිවරු රාශියක් සමග කටයුතු සිදුකරනු ලබයි. මෙම දෙවියන් ප්‍රධාන ධාරාවන් දෙකක් වත් ඒ වග කරනු ලබයි .
1.රටපුරා පිළිගන්න දීප ව්‍යාප්ත දෙවිවරු
• හිරු
• සඳු
• මහී කාන්තාව
• වැස්ස වලාහක
• පත්තිනි දෙවියන්
• සතර වරම් දෙව්වරු
• කතරගම දෙවියන්
• සමන් දෙවියන්
• ගම්භාර දෙවියන්
2.ප්‍රාදේශීය වශයෙන්
• වීරමුණ්ඩ
• සපුමල් බණ්ඩාර
• ගඟේ බණ්ඩාර
• විභීෂණ
• බිසෝබණ්ඩාර
• ගනේෂ්වර
• මාරි අම්මා
කුඹුරට ජලය ලබා ගැනීම, අමුණු බැදීමේ, ගොයම් කැපීම, අස්වැන්න නෙලීමේ සිටම පරිභෝජනය දක්වාම මෙම දෙවියන් හා ආගම සම්බන්ධ වේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ද මෙම දෙවියන් හා බැඳී පවතින සබඳතා වෙනස් වේ .
අනුරාධපුර ගලෙන්බිඳුණු වැව
ප්‍රධාන වශයෙන් ගණ දෙවියන් සෑම කෙනෙක් පාහෙම අදහනු ලබයි .තමන්ගේ මුල්ම කොටස බුදුන් අයින් කිරීමෙන් අනතුරුව ගමේ සියල්ලන්ගේ ම දායකත්වයෙන් රූස්ස ගසක් යට කිරි උතුරවනු ලබයි .ඒ සඳහා පිරිමියා පමණක් දායකත්වය සපයයි .කුඩා ළමුන් මේ සඳහා උපකාර ලබාගැනීමට ලගින් සිටි .මේ කෑම සදහා මිරිස් හොද්ද යැයි විශේෂිත වූ හොද්දක් සාදන අතර තමන් විසින් සාදන වියලි මිරිස් ඒ සඳහා යොදා ගනු ලබයි.
මෙතුළින් සහයෝගීතාවය කළගුණ සැලකීම සෑම දෙනාටම එකට එක්වී වැඩ කලයුතු බව සන්නිවේදනය කරයි .
අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ගලෙන්බිඳුනුවැව හුරුලු දේවාලය කිරි ඉතිරවීම
මෙම වැවේ ජලයෙන් විශාල ගොවි බිම් ප්‍රමාණයක් ජීවය ලබයි .හුරුළු වැව අසල දේවාලය පිහිටා ඇති අතර තම අස්වැන්න ලබා ගැනීමට මෙම වැවත් දෙවියනුත් උපකාර කලා යැයි සිතා
කිරි ඉතිරවීම
පෙරහැර
දිය කැපීම සියල්ල සිදු කරනු ලබයි .
බහිරව මුත්තා
ගොවිතැන් ආශ්‍රිත ආශ්‍රිතව වැව ප්‍රධාන තැනක් ගනී. ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ වැව ආරක්ෂා කරන ඉඩම් ආරක්ෂා කරන අරක්ෂකයා වන්නේ මොහුය .බහිරව මුත්‍තා සමඟ ඔහුගේ බිරිඳ සිටින අතර රාත්‍රියේ මොවුන් ගමේ සැරිසරන අතර නරක වැඩ කරන අයට දඬුවම් දෙන ලබන බව විශ්වාස කෙරේ. මොවුන් සඳහා ගමේ තුන්මං හන්දියක කිරිබත් කෙසෙල් තබා පූජා වට්ටියක් සේ ගොටුවක් තුන්මංහන්දිය තබන ලබයි. කිසිදු පුද්ගලයකු රාත්‍රියේ මේ දිනවල ගමන් බිමන් යන්නේ නැත .
වී ගොවිතැනට අමතරව හේන් ගොවිතැන ආශ්‍රිතව ද දේව ඇදහිලි දැකගත හැකිය. ප්‍රධාන දෙවියන් හත් දෙනකු හඳුනා ගනු ලබන අතර කවර හෝ දෙවියකුට හෙන බාර දෙනු ලබයි .
1. සූනියම් දෙවියන්
2. ගන දෙවියන්
3. වන්නි බණ්ඩාර දෙවියන්
4. කන්දෙ දෙවියන්
5. කුමාර දෙවියන්
6. මැණික් බණ්ඩාර දෙවියන්
7. කළුබණ්ඩාර දෙවියන්
හේනේ මල් යහනාවක් ඉදිකර මල් පහන් හා පුද පඩුරු යාතිකා කොට හේනේ වටේ අතු බඳිනු ලබයි.මල් මාලා ගොතලා දෙවියන්ට බාර කරනු ලබයි .හේන වටා සිටවූ රිටි වල අතු බැද තිබෙන දුටු කිසිවකු ඊට ඇතුල් වන්නේ නැත .ගොවියාට හේනට ඇතුළු විය නොහැකිය. හානි සිදු නොවේ යැයි විශ්වාස කරනු ලබයි. අනතුරුව අස්වනු නෙලන්නේ කොටසක් ඉවත් කර ගැනීමෙනි .
*කෙසෙල් හේන් හොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හේන දෙවියන්ට හා යකුන්ට වෙන් කරනු ලබයි මෙසේ වෙන් කරනු ලබන කොටසින් කෙසෙල් කෑවොත් ගතහොත් ඒ තැනැත්තා විනාශ වේ යැයි විශ්වාස කරයි විස්වාස කරයි ආරක්ෂා කර ගැනීම මෙහි ප්‍රධානම අරමුණ විය හැකිය .
දේව පූජාව
හේනවල මුල් අස්වැන්න දෙවියන්ට පූජා කරනු ලබයි. බොහෝවිට මේ සමූහික ව කරන ලද්දකි. එම අස්වැන්න නෙළා අනතුරුව නියම කරගත් තැනක පුද පූජා කරනු ලබයි .අනුරාධපුර ප්‍රදේශයේ මේ බහුලව සිදු කරයි. අස්වැන්න අලින්ගෙන් හා වෙනත් සතුන්ගෙන් උවදුරු උවදුරුවලින් ආරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් එල්ලනු ලබයි.
කිරි ඉරිඟු පූජාව
හේනේ ඉරිගු කිරි වදින විට හොඳ වේලාවක් බලා ඒවා කඩා පන්සලට ගෙන ගොස් කිරි ඉරිගු දානයක් දීමට හේන් ගොවි හුරුව සිටියහ .තම්බන ලද කිරි කරල් බුද්ධ පූජාවට තබා ඉන්පසු භික්ෂූන් වහන්සේලාට දන් දෙනු ලබයි .
උතුරු මැද පළාතේ බහුලව මෙම චාරිත්‍රය දැකිය හැකි ය .
Tuesday, July 16, 2019
ඒ එළිය ඔයා මට දෙන්නේ නෑ
සුළගටත් අහසටත් මහ පොළොවටත් දැනෙනවා..
ඒත් ඔයාට දැනෙන් නෑ..
අහසට දරාගන්නත් බෑ
පොළොවට උහුලගන්නත් බෑ
අහස මහ පොළොවට
බර කරනවා
ඒ වේදනාව ...
මගේ වේදානාවේ උරුමක්කාරයා ඔයා..
ඒත් මට උරුම උනේ කදුලු විතරයි ..
මට මගේ හෙවනැල්ලවත් නෑ..
මුලු ජීවිතේම අදුරුයි..
ඒ අදුරට එළිය තියෙන්නේ ඔයා ලග..
නමුත් ඒ එළිය ඔයා මට දෙන්නෙ නෑ..
ඒ තරමටම ඔයා නපුරුයි..
ඔයාටවත් මුණ නොගැසුනු ඔයාව
හොයාගත්තේ මම..
කමක් නෑ...
මට නොලැබෙන දේවල්
ඔයාට ලැබෙනවන්ම්
මට ඒ හොදටම ඇතී..
ඒත් ඔයාට දැනෙන් නෑ..
අහසට දරාගන්නත් බෑ
පොළොවට උහුලගන්නත් බෑ
අහස මහ පොළොවට
බර කරනවා
ඒ වේදනාව ...
මගේ වේදානාවේ උරුමක්කාරයා ඔයා..
ඒත් මට උරුම උනේ කදුලු විතරයි ..
මට මගේ හෙවනැල්ලවත් නෑ..
මුලු ජීවිතේම අදුරුයි..
ඒ අදුරට එළිය තියෙන්නේ ඔයා ලග..
නමුත් ඒ එළිය ඔයා මට දෙන්නෙ නෑ..
ඒ තරමටම ඔයා නපුරුයි..
ඔයාටවත් මුණ නොගැසුනු ඔයාව
හොයාගත්තේ මම..
කමක් නෑ...
මට නොලැබෙන දේවල්
ඔයාට ලැබෙනවන්ම්
මට ඒ හොදටම ඇතී..
එතකොට මට මමවත් අයිති නැති වෙයි
ඒ හදවත මගේ කියල හිතුණා..
ලෝකයක් මට එරෙහි උණේ
ඔය හදවත නිසා..
හැමදේටම වඩා ඔබේ හදවතට ආදරේ කළා..
ඒ විදවීම් දරාගන්න
ඉවසීමට විතරක් සීමා උණා..
දකින්න උත්සාහ කරපු මූණ
නොදැක ඉන්න තරම් හිත ඉඩ දුන් නෑ..
ඒ මගේවත් ඔයාගෙවත් වැරදි නිසා නොවේ,
ලෝකයාගේ වැරදි නිසා ..
සදහටම ඔයා මගේ කරගන්න තිබුණා..
ඒත්
මම ඔයාට හිටියට ඔයා මට හිටියේ නෑ..
දවසක ඔයාට තේරෙයි..
එතකොට මට මමවත් අයිති නැති වෙයි..
මගෙ අයිතිය කදුළට විතරක් සීමා වෙලා තියේවි ..
ලෝකයක් මට එරෙහි උණේ
ඔය හදවත නිසා..
හැමදේටම වඩා ඔබේ හදවතට ආදරේ කළා..
ඒ විදවීම් දරාගන්න
ඉවසීමට විතරක් සීමා උණා..
දකින්න උත්සාහ කරපු මූණ
නොදැක ඉන්න තරම් හිත ඉඩ දුන් නෑ..
ඒ මගේවත් ඔයාගෙවත් වැරදි නිසා නොවේ,
ලෝකයාගේ වැරදි නිසා ..
සදහටම ඔයා මගේ කරගන්න තිබුණා..
ඒත්
මම ඔයාට හිටියට ඔයා මට හිටියේ නෑ..
දවසක ඔයාට තේරෙයි..
එතකොට මට මමවත් අයිති නැති වෙයි..
මගෙ අයිතිය කදුළට විතරක් සීමා වෙලා තියේවි ..
අහසටත් පොළොවටත් ක්ෂිතිජය සිටී
අහසටත් පොළොවටත්
ක්ෂිතිජය සිටී...
කවදාවත් එක් නොවෙන බව දැන දැනත්
මුහුණට මුහුණ ඔවුන්
බලා සිටී...
එහෙත් මට
එයවත් උරුම නැත..
ක්ෂිතිජය සිටී...
කවදාවත් එක් නොවෙන බව දැන දැනත්
මුහුණට මුහුණ ඔවුන්
බලා සිටී...
එහෙත් මට
එයවත් උරුම නැත..
වෙනවීම නෙවේ දරාගන්න බැරි ඒ වෙනස් වීමයි
ඊතලයක් හදවත පසාරු කරගෙන ගියත්
දැනුන් නෑ ඒ වේදනාව..
මුලු ලෝකෙම එරෙහි උනත්
දැනුන් නෑ ඒ තනිකම....
මෙහෙ බලලා එහෙ බලනකොට
මුලු ජීවිතේම අසරණ කළා...
වෙන්වීම නෙවේ දරාගන්න බැරි
ඒ
වෙනස්වීමයි..
දැනුන් නෑ ඒ වේදනාව..
මුලු ලෝකෙම එරෙහි උනත්
දැනුන් නෑ ඒ තනිකම....
මෙහෙ බලලා එහෙ බලනකොට
මුලු ජීවිතේම අසරණ කළා...
වෙන්වීම නෙවේ දරාගන්න බැරි
ඒ
වෙනස්වීමයි..
මා යශෝධරාවක් නොවේ
ඔබ යන බව දැනන් සිටියා
එහෙත් මා යශෝධරාවක් නොවේ..
හිමි කදුළට ඇසේ ඉඩ තියා
ඔබ යන දෙස මා බලා සිටියා...
මවා දුන්න ලෝකයේ මා නිහඩ වී තනි වී උන්නා..
දයාවක් අනුකම්පාවක් නැති ඔය ඇස් දෙකේ මා
සෙනහස හෙව්වා..
රිදෙන නොරිදෙන රිදුම් අතරින්
කල්පයක් දෙස බලා හිටියා...
නොලැබෙන බව දැන දැනත් රිදුම් හිමිහිට පිරි මැද්දා...
පාවී යන සුළගක් උනත්
මොහොතකට පවා දුන් ඒ සෙනහස
මට මහ සාගරයක් වගේ..
එහෙත් මා යශෝධරාවක් නොවේ..
හිමි කදුළට ඇසේ ඉඩ තියා
ඔබ යන දෙස මා බලා සිටියා...
මවා දුන්න ලෝකයේ මා නිහඩ වී තනි වී උන්නා..
දයාවක් අනුකම්පාවක් නැති ඔය ඇස් දෙකේ මා
සෙනහස හෙව්වා..
රිදෙන නොරිදෙන රිදුම් අතරින්
කල්පයක් දෙස බලා හිටියා...
නොලැබෙන බව දැන දැනත් රිදුම් හිමිහිට පිරි මැද්දා...
පාවී යන සුළගක් උනත්
මොහොතකට පවා දුන් ඒ සෙනහස
මට මහ සාගරයක් වගේ..
Friday, July 5, 2019
ඡායාරූප සහ මාධ්‍ය ආචාරධර්ම
වර්තමානය වන විට ජනමාධ්‍ය මඟින් නිරන්තර සෘණාකල්ප වර්ධනය වන ලෙස පුවත් ප්‍රචාරය කිරීම හා ආචාරධර්ම උල්ලංණය කරන ආකාරයක් දැකිය හැකිය. එවැනි පුවත් නිවැරැදිව අවබෝධ නොකරගන්නා මහජනයා ඒ තොරතුරු නිසා අසහනයට පත් වේ..එයින්ද යහපත්ව නිවැරැදිව පුහුණු කිරීමට මාධ්‍යවේදීන් හා ආයතන කටයුතු කරන්නේ නම් ජනතාවට නිවැරැදි තොරතුරු සපයන යහපත් මාධ්‍ය කලාවක්, මාධ්‍ය සංස්කෘතියක් ඉන් බිහි කළ හැකිය.ලොව පුරා සිටින මිනිසුන්ගේ සිතුම් පැතුම්වල ඒකාකාරිත්වයක් දැකිය හැකිය.
ගුටෙන්බර්ග් මුද්‍රණශිල්පය සොයාගැනීමත් සමඟ පුවත්පත් කලාව බිහි වූවා සේම ජන මාධ්‍ය ද බිහි විය.අනතුරුව මිනිසුන්ගේ අසහනය වර්ධනයට මූලික හේතුවක් ලෙස මාධ්‍ය ක්‍රියාකාරීත්වය හුරු වීය. රටකට හොඳ දේ වෙනුවට හානි වන අන්දමේ ප්‍රවෘත්ති පළ කිරීම බටහිර පුවත් කලාවේ එක් අංගයකි. අප ජීවත් වන්නේ ස්වාධීනව නොවන බව ඇත්තකි. රට රටවල් එකිනෙකා මත යැපෙන බව සැබෑය. ඒවායේ බලපෑම ඇති බව නොරහසකි. එහෙත් බුද්ධිමත්ව රට දියුණු කිරීම සඳහා කටයුතු නොකළ හොත්, මාධ්‍ය හැසිරවීම නොකළ හොත් එය මහත් හානියක් සිදු කරනු ඇත.
සෑම මිනිසකුම සැකැසී ඇත්තේ කොටස් ගණනාවක් එක් වූ පද්ධතියක් ලෙසිනි. එහි එක් කොටසකට තනිව කටයුතු කළ නොහැකිය. එසේම මාධ්‍යයද පද්ධතියකි. එයින් මිනිසාට මිදීමට නොහැකිය. එහෙත් යහපත් පැවැත්ම ඇති කරගැනීම මේ සියල්ලේ අරමුණ විය යුතුය. යහපත් මාධ්‍යකරණය යනු යහපත් වාර්තාකරණයයි. නොසැලකිලිමත්කම වැරැදි මාධ්‍ය භාවිතයේ ආරම්භයයි.යමකුගේ සිත නොරිදෙන අයුරින් තම වෘත්තියේ නිරත වන්නේ කෙසේද යන්න මාධ්‍යවේදීන්ට අවබෝධ කරගත යුතුය. ඕස්ටේලියාව, තායිලන්තය වැනි ලොව ඇතැම් රටවල් විශ්වවිද්‍යාලවල මාධ්‍ය අධ්‍යාපනය සඳහා මේ ක්‍රමය දැන් ඉගැන්වීම අරඹා ඇත. අඩුම තරමේ බෞද්ධ රටවල මාධ්‍යවේදීන් හෝ මේ ක්‍රමය අනුගමනය කළ යුතුය .මෙහි දී මාධ්‍ය ආචාරධර්ම ඉතා වැදගත් වේ.
ජනමාධ්‍යයේ අරමුණ විය යුත්තේ අලෙවිය නොව ජනතා යහපතයි. එවිට ජනතාව ජනමාධ්‍ය සමඟ ඒකාත්මික වනු ඇත.මේ අනූව වර්තමානයේ ලංකාව තුල පුවත්පත් සිය වාර්තාකරනය කිරීමේදී මෙම ආචාරධර්ම පදනමකින් යුතුව කටයුතු කරනවාදැයි සොයා බැලිය යුතුය. ඒ අනූව මෑත කාලීන පුවත්පත් වාර්තාකිරීම් දෙස අවධානය යොමු කිරීමේදී මෙම ඉහතින් දැක්වූ ආචාරධර්මයන් උල්ලංඝනය කෙරෙන අවස්ථා ඕනෑ තරම් හදුනාගත හැක.ඡායාරූප භාවිතයේ දී මෙය වඩා අයහපත් ලෙස බලපානු ලබයි.
ආචාරධර්ම යනු
සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද ජනමාධ්‍ය හරහා වන වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ථ සමාජයට ප්‍රබල ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ සමාජ සංවිධානයන්හි ගරුත්වය සමාජ ආර්ථික බිඳ දැමීම් ද සිදු කරයි. යම් රටක හෝ සමාජයක සමාජ වගකීම් රහිත මාධ්‍ය පවතින විට ජනතාව රැක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකීම් ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ.ආචාර ධර්ම සහ නීතිය යනු ප්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද ඒ දෙක අතර ප්‍රබල, වෙනසක් ද දක්නට ලැබේ. නෛතික තත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැත.
ආචාරධර්ම යනු දර්ශනය මුල් කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. මෙය සදාචාරය සහ සාරධර්ම කායික, මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් බව ද පැහැදිලිය. ඒ අනුව මේ තුළින් සමාජ පද්ධතියක ස්වරූපයක් මෙන්ම මූලධර්මීය ලක්ෂණ ද ඉස්මතු වන බව පෙනේ. මෙම සාධක අනුව මෙහි සමාජ විද්‍යාත්මක කාරණා, මනෝ විද්‍යාත්මක කාරණා මෙන්ම ආගමික කාරණාවන් ද බද්ධ වී ඇති බැව පැහැලිය.
ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණීය ,ක්ෂණය කි. එය අර්තවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයනට අනුව ය.ආචාර ධර්ම වන උපයෝතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්දර්භයනට ප්‍රවේශ වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවූවත් සමාජීය මිනිසකු වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කළ හැකි අයෙකි. සමාජයෙහි නියම ස්වරූපයන් හදුනා ගැනීමට නම් එම සමාජයෙහි සාමාජිකයෙකු බවට පත් විය යුතුය. මාධ්‍යවේදියා තුළ ගොඩ නැගෙන අසතුට සහ ඉච්ඡුා භංගත්වය, එම සමාජ සංසිද්ධීන් හදුනා ගැනීමේ ක්‍රමවේදයෙන් ඔහුව ඉවත් කරයි. ඔහු සමාජ පර්යේෂකයෙකි. ඔහු සතු වෘත්තීමය පුහුණුව, සමාජ පිළිබඳ විද්‍යාත්මක දැනුම සහ ඒ පිළිබඳ චින්තනමය හැකියාව, ආචාර ධර්මීය පදනම, සමාජ ප්‍රවර්ධනය සඳහා ඍණාත්මක හැසිරීම ආදිය වෘත්තීය මාධ්‍යවේදියා සාමාන්‍ය මාධ්‍යවේදියාගෙන් වෙන් කරනු ලබන සුවිශේෂී ලක්ෂණ වේ. වෘත්තික භාවය සහ ඒ පිළිබද ගැඹුරු දැනුම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි.
ආචාර්ය ජෝන් මැනෝසි
”ආචාරධර්ම අපගේ මානුෂීය අත්දැකීම් වන පරම වටිනාකම් අතුරින් එකක් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන්නකි.එනම් මනුෂ්‍යයා තුළ පවතින සාධූත්වය ක්‍රියා කිරීම නම් අංශය තුළින් පිළිබිිඹු කෙරෙන්නේ මේ අධ්‍යයනයන්ය.
-ආචාර්ය හෙන්රි සිප්වික්
“ආචාරධර්මය සදාචාර නීති හෝ ප්‍රඥප්ති මෙහෙයුම් ගැන ගවේෂණය කරන අතර සමහර විට පරිපූර්ණ සාධාරණ ක්‍රියාවක ස්වභාවය සොයයි. මිනිසාගේ යහපත් භාවය සත්‍යමය යහපත හා එයට නියුක්ත වීමේ ක්‍රමය ගැන ගවේෂණය කරයි.“
-විලියම්
ආචාරධර්ම යනු මිනිසුන් ජීවත් වන කුඩා වූත් විශාල වූත් සමාජයන්හි හැසිරීම් පද්ධතීය නිගමනය කරන විද්‍යාවකි. එමගින් හොඳ හෝ නරක නිරවද්‍යතාව හෝ සාවද්‍යතාව යනා දී මූලික සාධක වන විනිශ්චයක් දෙනු ලබයි.
මේ ආදී සෙසු බොහෝ විද්වතුන් විසින් ආචාරධර්ම පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට තිබේ.
ඒ අනුව ආචාර ධර්ම යන්න සරලව හැදින්වීමේදි එය පුද්ගලයෙකු හෝ සමාජය පාලනය කරනු ලබන එක්තරා රෙගුලාසි පද්ධතියක් බව කිව යුතුය. එය සාම්ප්‍රදායික සමාජයේ සිට අද දක්වා ක්‍රමිකව ව්‍යාප්ත වූවකි. ඒ අනුව අතීතයේ පැවති ආචාරධර්ම හා බැදුණු අංග ලෙසට
■ තහංචි සංකල්පය
■ වාරණය
■ සදාචාරය පිළිබඳ විද්‍යාව
■ යුක්තිය අයුක්තිය හෝ හොද නරක පිළිබඳව පැහැදිලි කිරීම
■ ඇරිස්ටෝටල්ගේ ආචාරධර්ම
මේ ආදි වශයෙන් එය දැක්විය හැක. ආචාරධර්ම සමාජයෙන් සමාජයට වෙනස් වේ.එය සමාජයට අනුව ආගමට අනුව අවස්ථාවට අනුව ආදී වශයෙන් වෙනස් වේ. ඒවාට අනුව එකඟතා මත මිනිසා බැදීම් ඇති කරගෙන සිටී. මෙසේ නීතිය ස්ථාවර නමුත් ආචාරධර්ම එසේ නොවන බව පැහැදිලි වේ.
මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය හැදෑරීමට අවශ්‍ය මූලධර්ම හතරක් පිළිබඳව සාකච්ඡාවට භාජනය කළ හැකි ය.
■ ස්‍යවාදී බව
■ නිදහස
■ හානිය අවම කිරීම
■ වගකිව යුතු බව යනා දී වශයෙනි.
මාධ්‍ය යනු ජනතාව වෙත තොරතුරු, අදහස් හා දැනුම සම්ප්‍රේෂණය හෙවත් සන්නිවේදනය කරන මාර්ගය යි.අතීතයේ සිට වර්තමානය දෙස බලන කළ විවිධ මාධ්‍ය දැකිය හැකි ය. එ වැනි මාධ්‍ය ලෙස
■ මුද්‍රිත මාධ්‍ය
■ විද්‍යුත් මාධ්‍ය
■ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය
■ නව මාධයන් පෙන්වා දිය හැකි ය
ඉහත සඳහන් වන සියලූ ම මාධ්‍ය මගින් ග්‍රාහකස්ථානය කරා විවිධ අයුරින් තොරතුරු සම්ප්‍රේෂණය කරන ආකාරයක් දැකිය හැකි ය. ඒ අනුව ජනමාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරනු ලබන නොයෙකුත් සංදේශයන් නොයකුත් රුචි අරුචිකම් සහිත ග්‍රාහක පිරිසක් තම අවශ්‍යතා සපුරා ගනු වස් පරිහරණය කරන බැවින් මාධ්‍යයන්ගේ අරමුණ ද විවිධාකාර වේ.එම නිසා ජනමාධ්‍යවේදීන් ජනතාව වෙත ගෙන යන ප්‍රවෘත්ති වාර්තා හා විශේෂන් අංවක භාවය හා ස්‍යවාදී භාවය ඉතා වැදගත් වේ. මේ නිසා වෘතිතීය ජනමධ්‍යකලාවේදීන් ඉතාමත් වැදගත් සාධක දෙකක් ඔස්සේ තම කර්තව්‍යය සිදු කළ යුතු ය.
පණිවුඩයේ විශ්වසනීයත්වය
මුලාශ්‍රයේ විශ්වසනීයත්වය
යන සාධක දෙක කෙරෙහි අවධානය යොමු කරමින් ය.
තව ද ප්‍රවෘත්තියක, වර්තාවක හා විශේෂාංගයක් විශ්වසනීයත්වය පාඨකයා තුළ ඇති කිරීමට නම් එය නිවැරදි සත්‍ය සිදුවීමක් විය යුතු ය. එලෙස ම එම නිර්මාණය හෝ ප්‍රවෘත්තීය හෝ වාර්තාව මෙන් ම විශේෂාංගය සමස්ථ වශයෙන් සමබර හා පැහැදිලි බවකින් යුක්ත විය යුතු ය. එවිට විශ්වසනීය තොරතුරක්, දැනුමක්, අධ්‍යාපනයක් තමන්ට ලැබෙන්නේ යැයි ග්‍රාහකයට තෘප්තිමත් විය හැකි ය. එමෙන් ම මාධ්‍යවේදියා සෑම අවස්ථාවක දී ම ස්‍යය දේවත්වයෙහි ලා සැලකිය යුතු ය. එ මෙන් ම ජනමාධ්‍යයන්ගෙන් ප්‍රතිලාභ ලබන්නන් වන ජනතාව වෙත තම යුතුකම හරි හැටි ඉටු කළ යුතු ය. ජාතික ආරක්ෂාව හෝ වෙනයම් නීතිමය තත්වයක් ආරක්ෂා කළ යුතු ය. තව ද ජනමාධ්‍ය විසින් සෑම විට ම
■ ආරක්ෂකයෙකු වශයෙන්
■ මණ්ඩපයක් වශයෙන්
■ ගුරුවරයෙකු වශයෙන් සිටිමින් තමා සතු වගකීම ග්‍රාහකයා වෙනුවෙන් විධිමත් ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු ය.නමුත් නුතනය වනවිට ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය දෙස බැලූ කල ඒ ඉටු වන්නා වූ සමාජ වගකීම් පිළිබඳ ව විවිධ වූ ගැටලූකාරී තත්වයන් මතු ව ඇති ආකාරයක් දැකිය හැකි ය.එ වන් සමාජ වගකීම් විරහිත ගැටුම්කාරී තත්වයන් පිළිබඳ කතා කිරීමේ දී පෙනී යන්නේ මුල් අවධියේ දී මුර බල්ලන් ලෙස ක්‍රියා කළ මාධ්‍ය අද වන විට ඔඩොක්කු බල්ලන් ලෙස පහතට වැටි ඇති ආකාරය යි.
වෙබ් ජනමාධ්‍යවේදය යන්න සම්පූර්ණයෙන්ම මාර්ගගතව,අන්තර්ජාලයෙහි ලෝක ව්‍යාප්ත ජාලය තුළින් පාඨ, ඡායාරූප, ශබ්ද ගොනු සහ වීඩියෝ යනාදිය මහජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම අරමුණු කරගනිමින්, තනි පුද්ගල හෝ සාමුහික පිරිසකගේ භාවිතය හරහා සිදුකෙරෙන සන්නිවේදන ක්‍රියාවලියක් වශයෙන් අර්ථ නිරූපනය කෙරෙනු ලැබේ.අතීතයේ සිට ප්‍රවෘත්ති, කාලීන සිදුවීම්, වෙනත් දැනුම සහ තොරතුරු ජනතාවවෙත සම්ප්‍රේෂණ කරන ලද්දේ මුද්‍රිත මාධ්‍ය සහවිද්්‍යුත් මාධ්‍ය මඟිනි. එහෙත් අද වන විට එම කාර්ය සිදු කිරීමේ වඩාත් ප්‍රචලිත ක්‍රමය වී ඇත්තේ තාක්ෂණය හා මුසුව සයිබර් අවකාශය ඔස්සේ දැනුම සහ තොරතුරු ලබා දීමයි. මෙය විද්්‍යුත් පුවත්පත ලෙසද හඳුන්වාදිය හැකිය.මෙම වෙබ් ආචාරධර්ම සංග්‍රහය මුද්‍රිත, විද්්‍යුත් හෝ වෙබ් යනාදී ඕනෑම මාධ්‍යක්‍රියාවලියක ආචාරධර්ම මූලික කරගත් භාවිතය සහතික කරන්නා වූ ප්‍රධානතම උපකල්පනය පදනම් කරගෙන ගොඩනැගී ඇත.මහජනතාව වෙනුවෙන් සත්‍යය නිරාවරණය කිරීම සහ තමන් වටා ගොඩනැගෙන්නාවූ සිදුවීම් පිළිබඳව, අදාළසිදුවීම්වලින ්ඔහුට/ඇයට ඇතිවියහැකි බලපෑම පිළිබඳව සහ ගුණාත්මක ජීවන පැවැත්මක සාමුහික සන්දර්භය වන ඔහු/ඇය ජීවත්වන සමාජයට එවැනි සිදුවීම්වලින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සැබෑතොරතුරු දැනගැනීම පිණිස මහජනතාවට අවකාශය සැලසීම ඉහත කී ඕනෑම ජනමාධ්‍යයක කාර්යභාරය වේ යන්න එකී උපකල්පනයයි.
වෙබ් මාධ්‍යවේදය සඳහා වන ආචාරධර්ම සංග්‍රහය වෙබ් මාධ්‍යආචාරධර්ම යනුවෙන් ව්‍යවහාර කෙරෙ.
වෙබ් මාධ්‍යආචාරධර්ම වෙත අනුකූල වීමේ මූලික වගකීම වෙබ්අඩවි සහ සියලු ආකාරලිපි, විශේෂාංග, ප්‍රවෘත්ති,තොරතුරු, ජායාරූප, හඬ පට සහ වීඩියෝ යන මේවා සපයන සියලුම පුද්ගලයන් වෙත පැවරේ.එසේම එවැනි ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන සහ සමූහයන් වෙතද, කාලීන සහ ඇතිවන්නාවූ සිදුවීම් සම්බන්ධයෙන් මහජන අවබෝධය ඇතිකිරීම, සංවාදයන් ගොඩනැගීම සහ ඒවා පිළිබඳ තොරතුරු, දැනුම හා ප්‍රවෘත්ති බෙදාහැරීම සිය මූලික අරමුණ කරගත් ප්‍රවෘත්තිමය වෙබ් අඩවි ද මෙම ආචාරධර්ම වෙත අනුකූල විීමට එකසේ වගකීම් දරනු ලැබේ. එසේමදෙන ලද ඕනෑමඅවස්ථාවක එවැනි වෙබ් අඩවිවල පවතිනතොරතුරු සම්බන්ධයෙන් ඒවායේ නීතිමය හිමිකාරීත්වය දරන්නන්,කතෘවරු සහ/හෝ එවැනි වෙබ් අඩවිවල පරිපාලක කාර්යය සිදුකරන්නන් විසින් මුළුමනින්ම වගකිව යුතුය. එවැනි වෙබ් අඩවියක් වෙත තම නමින් යුතුව එක්කරන්නාවූ ඕනෑම ආකාරයක අන්තර්ගතයක් සම්බන්ධයෙන් වන වගකීම අදාළ මාධ්‍යයෙහි සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා හිමිකරු යන මේ අයවිසින් ද දැරිය යුතුවේ.
නමුත් අදවන විට එය වෙනස් වී ඇත.සේයා දැරියගේ ඝාතනයේ දී මෙම වගකීම පැහැර ඇත.
3 කොටසට අනුව තොරතුරු සහ ප්‍රවෘත්ති වාර්තාකරණය කරන්නේ කෙසේ ද යන්න පැහැදිලිව දක්වා ඇත.
ඉලෙක්ට්‍රෝනික සහ මුද්‍රිත යන දෙයාකාරයේම මාධ්‍ය සමග සන්සන්දනාත්මකව බලන කළ වෙබ් ප්‍රවේශයන් හරහා තොරතුරු වාර්තා කිරීම යනු අසාමාන්‍ය තරමේ වේගයකින් යුත් කාර්යක්ය යන්නපොදුවේ පිළිගැනේ.එලෙසින්ම භූගෝලීය දේශසීමා බාධක ඉක්මවා යන්නටත් එතැනින්ද නොනැවතී උසස් තාක්ෂණික ක්‍රියාදාමයන් හරහා සිය අදාළත්වය ඉහළ නංවාගන්නටත් සමත්වූ සන්නිවේදන ව්‍යූහයන්ගෙන් සමන්විතව විශ්ව ගම්මානයක් බවට පත්වූ ලෝකය තුළ වඩාත් වේගයෙන් සහ සියල්ලන්ටම ප්‍රථමයෙන් තොරතුරු සහ ප්‍රවෘත්ති ලබාදෙන්නා බවට පත්වීමේ තරගයක්ද ජනමාධ්‍ය ආයතන අතර සහ ඒවා අභ්‍යන්තරයෙහි ගොඩනැංවී ඇත. ෆෙස්බුක් යුටියුබ් සහ ට්විටර් වැනි සෙසුසමාජ මාධ්‍ය භාවිත කරමින් සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා පුළුල් පැතිරීමක් අත්පත් කරගැනීමේ අමතර හැකියාව ද වෙබ් ජනමාධ්‍ය සතුව ඇත. වෙබ් මාධ්‍ය සතු මෙම ගුණාංග මතින් නිර්මාණය කෙරෙනුයේ කිසියම් අන්තර්ගතයක් වෙබ් මාධ්‍යයක් වෙත එක් කරන ඕනෑම ජනමාධ්‍යවේදියෙකුගේ පාලනයෙන් ගිලිහී යාහැකි ආකාරයේ තත්ත්වයකි. වෙබ්මාධ්‍ය භාවිතය තුළ මෙතරම් තරගකාරී සහ පාලනය කළ නොහැකි තරම් වේගයෙන් වෙනස්වෙන සුළු ස්වභාවයක් පවතින බව සත්‍ය වුවද ස්වඅභිමතය පරිදි අන්තර්ජාලයේ සැරිසරන්නන් වන සමාජය සහමහජනතාව වෙත වෙබ් ජනමාධ්‍යවේදීන්/වේදිනියන් විසින් දැරිය යුතු වගකීම අඩුවීමට එකී ස්වභාවය හේතුවන බවක් එයින් අදහස් නොවේ. වෙබ් මාධ්‍ය වෙත එක් කෙරෙනු ලබන අන්තර්ගතයන් ඕනෑම අවස්ථාවක අනපේක්ෂිත තරම් පැතිර යාහැකි වීමේ ගුණය යනු වෙබ් ජනමාධ්‍යවේදීන්/ වේදිනියන්ට තම තමන්ගේ වෙබ් අඩවි තුළ ප්‍රකාශ කරනු ලබන කාරණා සම්බන්ධයෙන් වඩාත් බරපතල ලෙස සිතන්නටත් වගකීම ගන්නටත් හේතුවක්මය.වෙබ් මාධ්‍ය භාවිතයෙහි නියැලීම සිදුවිය යුත්තේ මෙකී සියලු කාරණයන්නිසි අවධානයට ලක්කිරීමෙන් අනතුරුවය.
3.1. ප්‍රවෘත්ති සහ තොරතුරු එක්රැස්කිරීම.
නව තොරතුරු,ප්‍රවෘත්ති, විශේෂාංග හෝ තොරතුරු මුලාශ්‍ර යන මේවා පුද්ගලයෙකුගෙන් සමූහයකින් හෝ සංවිධානයකින් ලබා ගැනීමේබලාපොරොත්තුවෙන් කිසිදු වෙබ් ජනමාධ්‍යවේදියෙකු/වේදිනියක යම් පුද්ගලයෙකුගේ සමූහයකගේ හෝ ආයතනයක කීර්තිනාමය පළුඳුකරන්නේ යැයි ඔවුනට බිය ඇතිකිරීම බලකිරීම හෝ යම්කිසි ආකාරයකතර්ජනයන් සිදුකිරීම යන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවිය යුතුය.
කිසියම් තොරතුරක් හෝ ප්‍රවෘත්තියක් හෝ සපයන ලද මූලාශ්‍රමය පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හෙළිකිරීමෙන් එම පුද්ගලයාට සෘජු හෝ වක්‍රව හානියක් ඇති නොවන අවස්ථාවක දී ද ඔහුගේ/ඇයගේ පවුලට, එයින් ඔහුගෙන්/ඇයගෙන් යැපෙන්නන්ට, සමීප පුද්ගලයන්ට හෝ වෘත්තීයමය සගයනට යන මේ අයට හානියක් ඇති නොවන්නාවූ අවස්ථාවකදී ද, සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි අදාළ මූලාශ්‍රගත පුද්ගලයා විසින් විශේෂයෙන් ඉල්ලීමක් කර නොමැති අවස්ථාවකදී ද යන මෙම සියලු අවස්ථාවන්හිදී පළ කෙරෙන තොරතුර හෝ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මූලාශ්‍රය කවරක් ද යනවග දැක්විය යුතුය. සේයා දැරියගේ ඝාතනය සම්බන්දයෙන් මෙම වගකීම ඉටු කර නොමැති ආකාරයක් දැකිය හැකිය.ඇයගේ නම මෙන්ම එයට සම්බන්ධ පාසල් දරුවාට මෙන්ම පවුලට සම්බන්ධ තොරතුරු හානියක් ඇති වන පරිදි මුදාහැරිම සිදු කරන ලදී.
උදා÷ මේ රටේ එක පුවත්පතක් එක මඟක යද්දී තවත් පුවත්පතක් ගමන් කරන්නේ තවත් මඟකය. එක රූපවාහිනී නාළිකාවක් යම් දෙයක් පිළිබඳ පවසන මතයට වඩා වෙනස් මතයක් ගොඩනැගෙන අයුරින් අනෙක් නාළිකාව ඒ පුවතම වාර්තා කරයි. මේ මාධ්‍ය ආයතනවල භේදය මුදල් උපයාගැනීම සඳහාය. ඝාතන මෙන්ම දුෂණද එසේමය‘එහෙත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා ගැතිකම වැඩි බවක් පෙනේ.
අන්තර්ජාලය අද ඕනෑම කෙනකුට අදහස් ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ලෙස විවෘත වී ඇති බැවින් කිසිදු සීමාවකින් තොරව තම අදහස් එහි පළ කිරීමට බොහෝ දෙන සූදානම් වී සිටිති. මෙය නිදහසයැයි ඇතැමුන් සිතුවද, එය ප්‍රවෘත්ති පළ කිරීමේ නිදහස යනු එය නොවේ. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සුදුසු දේ තෝරා-බේරා සුදුසු අයුරින් ඉදිරිපත් කිරීම ඒ පුද්ගලයා සතු දැනුම හා ඥානය හඳුනාගැනීමේ මඟකි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්වය ඉතාම අයහපත්ය ‘පුවත්පත් මෙන්ම වෙබ් මාධ්‍ය ආචාර ධර්මද කඩ කරමින් ක්‍රියා කරන ආකාරයක් දැකිය හැකිය‘විශේෂයෙන්ම ජායාරූපප, කිරිමේ දී මෙම ආචාර ධර්මද කඩ කිරිම ප්‍රබලව සිදු වේ. බොහෝමයක වේබ් අඩවි තුළ මෙම තත්වය දැකිය හැකිය.
මෙහිදී මිය ගිය පුද්ගලයන්ගේ ශරීර පෙන්විම තුළ මාධ්‍ය ආචාර ධර්මද අමු අමුවේ උල්ලංගණය කර ඇති ආකරයක් දැකිය හැකිය. මෙලෙස ආචාර ධර්ම කඩ වු ප්‍රබල අවස්තාවක් ලෙස 2015 සැප්තැම්බර් 13 මිය ගිය කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ මිය යාම හදුනාගත හැක.කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන අභිරහස පසුගිය 2015 වසරේ මෙරට සමාජයේ දැඩි අවධානයකට ලක් වූ සිදුවීමකි. කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය අතුරුදන් වන්නේ, 2015 සැප්තැම්බර් 11 වන දා ය.දින 2කට පසු හෙළි වූයේ, දැරිය දූෂණය කොට ගෙල සිට කර මරා දමා ඇති බව ය.මේහිදී සෑම මාධ්‍යක් පාහේම ඉක්මනින් තොරතුරු ලබා දීමට වඩා තවා ප්‍රසිද්ධියට පත් වීම අරමුණු කොටගනිමින් ඒ හා සම්බන්ධ ජායාරූප වේගයෙන් මෙන්ම අචාර ධර්ම කඩ කරමින් ව්‍යාප්ත කරන ලදී. මෙය වඩාත් වේබ් මාධ්‍ය තුළින් සිදුවිය. ඝාතනය සම්බන්ධව 2015 සැප්තැම්බර් 25 හිරු වේබ් අඩවිය හරහා එම දැරියගේ නිරුවත් පින්තුර අදාළ ඊට අදාළ බොහෝමයක් තෙරතුරු ඉදිරිපත් කළේ රට තුළ ගැටලුකාරී වාතාවරණයක් ගොඩ නඟමිණි. වෙබ් ආචාරධර්ම සංග්‍රයේ අනුව මෙය ආචාරධර්ම කඩ කිරීමකි.
සේයා ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සැකපිට මුලින් ම අත්අඩංගුවට ගනු ලැබුවේ, අසල්වැසියන් වන 17 හැවිරිදි පාසල් සිසුවෙක් සහ 35 හැවිරිදි පුද්ගලයෙකි.පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැදිලි කළ පොලීසිය පැවසුවේ ඔහු සතු ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය විඩියෝ දර්ශන තිබීම සහ සේයාගේ ඡායාරූපයක් එම ලැප්ටොප් පරිගණකයේ තිබීම ත් පාදක කර ගනිමින් එම සිසුවා අත්අඩංගුවට ගත් බව ය. දැරියගේ නම සහ ඡායාරූප පළ කිරීම බරපතළ වරදකි. විවිධ අවස්තාව, ගනු ලැබූ දැරියගේ ඡායාරූප තවමත් පළකරනු පෙනේ‘ සිනමා නිළියකගේ රංගන ජීවිතයේ අවස්තා දක්වන්නාක් මෙන් ජනමාධ්‍යවේදීන් මෙසේ ඡායාරූප පළකිරීම අශිෂ්ඨ ක්‍රියාවකි. එමෙන්ම අපයෝජනය පිළිබඳ හැඟීම් දනවන සුළු අනුවේදනීය තත්ත්වයකින් වාර්තා කිරීම බලවත් වරදකි. සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ යොවුන් සිසුවකුගේ සියලු පුද්ගලික තොරතුරු ද ජනමාධ්‍ය වාර්තා කළේය. ඔහු නිවැරැදිකරු වුවහොත්” නිදහස් වූ පසුව සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? යන්න පිළිබඳ හැඟීමක් ජනමාධ්‍යවේදීන්ට නොවීය‘ සැකකරුගේ පරිගණකයෙහි අසභ්‍ය ඡායාරූප තිබී අතැයි බොහෝ මාධ්‍ය වාර්තා කළේ බරපතළ සොයා ගැනීමක් පරිද්දෙනි. ඒ මොහොතෙහි එම මාධ්‍යවේදීන් සියලු දෙනා ද ඇතුළත්ව මුළු රටම සභ්‍ය බවට පත් වී අර සිසුවා අසභ්‍ය බවට පත් කරන ලදී. ලිංගික කුතුහලය වැඩෙන අවධියෙහි පසුවන්නකු එබදු ඡායාරූප ගබඩා කරගෙන තිබීම පුදුම විය යුතු දෙයක්ද? යෞවනයන් පමණක් නොව වැඩිහිටියන් සතුව ද මෙබදු ඡායාරූප සහ ඩී.වී.ඩී. තැටි තිබිය හැකිය. අන්තර්ජාලය පරිහරණය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරය ලිංගික දර්ශන සොයා සැරිසරන බව ප්‍රකට කරුණකී.
ඕනෑම ආකාරයකතොරතුරක්,ප්‍රවෘත්තියක් හෝ ප්‍රවෘත්තිමයවිශේෂාංගයක්, ඡායාරුප ද ඇතුළුව මහජනතාවට ප්‍රවේශ විය හැකි පරිදිප්‍රකාශ කෙරෙන අවස්ථාවක එය සිදුකළ යුත්තේ අදාළ පළකිරීමෙහි අන්තර්ගතයෙහි නිරවද්‍යතාවය පිළිබඳ විවිධ කෝණයන්ගෙන් සලකාබැලීමෙන් අනතුරුවය. යම්හෙයකින් එවැනි සලකාබැලීමක් කළ නොහැකි අවස්ථාවක් පැමිණියේ නම් එහිදී අදාළ වෙබ් මාධ්‍යයෙහි සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා /හෝ හිමිකරු යන මේ අය අතරින් යමෙක් අදාළ අන්තර්ගතයෙහි මූලාශ්‍රයේ වලංගුභාවය පිළිබඳ සහතික වියයුතු අතර පළ කෙරෙන්නේ කවරක්ද එය පිළිබඳ පූර්ණ වගකීම ද දැරිය යුතු බව 3.1.2. සඳහන් වේ.
3.2.ට අනුව දෝෂ, අඩුපාඩු සහ නිවැරදිකිරීම් පිළිබඳ දක්වා තිබුණ ද එය ක්‍රියාත්මක නොකරයි.මහජනතාවට ප්‍රවේශ වියහැකි පරිදි ප්‍රසිද්ධ කරන ලද කිසියම් අන්තර්ගතයකයම් දෝෂයක් හෝ අඩුපාඩුවක් දුටුවේද, මුල් පළකිරීම නැවත සකස්කරනු වෙනුවට පරිශීලකයන්ගේ අවධානයට යොමුවන පරිදි, අදාළ වරදසම්බන්ධයෙන් පරිශීලකයන්ගෙන් සමාව ඉල්ලා සිටීමේ නිවේදනයක් ද සහිතව, දෙවැනි අන්තර්ගතයක් පළකරන්නට වහාම කටයුතු කරන්නට ද වෙබ් මාධ්‍යයෙහි සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා/හෝ පරිපාලකවරයායන මේ අය අතරින් යමෙක් කටයුතු කළ යුතුය. පළකිරීමක වන කිසියම්දෝෂයක් හෝ අඩුපාඩුවක් නිවැරදිකිරීමෙහිලා ප්‍රථමයෙන් එවැනි වරදක් අනුව සිදුව ඇති බව ඉහත සඳහන් අය විසින් පිළිගැනීම අත්‍යවශ්‍ය වේ.
නමුත් සේයා දැරියගේ ඡායරූප සම්බන්ධ මෙම වගකීම පැහැර හැර තිබේ.
33.2.2. යම්කිසි දෝෂයක් හෝඅඩුපාඩුවක් සිදුවඇත්තේද, එම වරද අගතියට පත් යම් පාර්ශ්වයක් විසින් සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා/හෝපරිපාලකවරයා යන මේ අය අතරින් යමෙකුගේ අවධානයට ලක්කරන ලද අවස්ථාවෙක, එම වෙබ් මාධ්‍ය හරහාම තමන් වෙනුවෙන් කරුණුදැක්වීමට එකී අගතියට පත් පාර්ශවයට ඇති අයිතිය පිළිගන්නට ඔවුන් විසින් කටයුතු කළ යුතුය. එසේම එවැනිඅවස්ථාවක, මුල් පළකිරීම සඳහා දෙන ලද ප්‍රමුඛතාවයට එලෙසින්ම සමාන ප්‍රමුඛතාවයක් දෙමින් අගතියට පත් පාර්ශ්වයේ කරුණු දැක්වීමද ප්‍රසිද්ධ කරන්නට කටයුතු කළ යුතුය. නමුත් සේයා දැරියගේ සම්බන් ද ඡායරූප සම්බන්ධ මෙම වගකීම පැහැර හැර තිබේ.
දාමරිකක්‍රියා කාරකම්, ප්‍රචණ්ඩ ක්‍රියා, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි, ක්‍රෑරත්වයන්, පරපීඩාකාම ක්‍රියාවන්, කාමය මුල්කරගත් දාමරිකකම්,ව්‍යාභිචාරයන්, ළමාඅපචාර සහ ළමයින්ට අශ්ලීලකම් පෑම වැනි සමාජය තුළ ප්‍රකම්පනයන් ජනිත කළ හැකි, හැඟීම් අතින් වේදනාකාරී හෝ එවැනි සිද්ධියකටගොදුරු වූ කිසියම් හෝ පුද්ගලයෙකුගේරහස්‍යත්වය හානි වියහැකි අවස්ථාවක තොරතුරු වාර්තාකිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එවැනි සිදුවීමක් ආශ්‍රිතව වාර්තාකරණයේ වගකීම් ජනතාව වෙත ඉටුවිය යුත්තේ කරුණු හෝ මත පළකිරීම්, ඡායාරූප පළකිරීම, සහ රූප සටහන් ආදිය පළකිරීම උචිත සංවේදීතාවයක් සහ රහස්‍යත්වයනඩත්තුවන පරිද්දෙන්ය.
වෙබ්සංස්කාරකවරයෙකු,ප්‍රකාශකවරයෙකු, පරිපාලකවරයෙකුහෝ ඕනෑම ආකාරයක වෙබ් ජනමාධ්‍යයක සේවයෙහි යෙදෙනජනමාධ්‍යවේදියෙකු/වේදිනියක යම් පුද්ගලයෙකුගේ ජනවර්ගය, ශරීර වර්ණය, ආගම, ස්ත්‍රී පුරුෂභාවය, ලිංගිකත්වය, ශාරීරික හෝ මානසික රෝගයක් හෝ අබලතාවයක් සම්බන්ධයෙන් අගතිගාමීව හෝ අවමන් සහගතව සඳහන්කිරීම නොකළ යුතුය. එසේම යමෙකුගේ ජනවර්ගය,කුලය, ලිංගික අනන්‍යතාවය, ශාරීරික හෝ මානසික රෝගයක් හෝඅබලතාවයක් යන මේ කිසිවක් සම්බන්ධයෙන් වාර්තා කරන ප්‍රවෘත්තියටහෝ විශේෂාංගයට සෘජුවම අදාළ වන අවස්ථාවක හැර අන් කිසිදු අවස්ථාවක සඳහන් නොකළ යුතුය.
නමුත් නමුත් සේයා දැරිය සම්බන් ද ඡායරූප සම්බන්ධ මෙම වගකීම පැහැර හැර තිබේ.අදාළ සෑම දෙයක්ම සියුම්ව දක්වයි. කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක ඝාතනය කිරීම සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී සත්‍යගරුක බව මධ්‍යස්ත බව සහ පොදු යහපත මුළුමනින් ම නොසලකා හරින ලදී. දැරිය ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ ” කිසියම් හේතුවක් මත යටපත් වූයේ යැයි සිතමු. එසේ වූවා නම් සැඟවීමට උත්සාහ කරන තොරතුරු අනාවරණය කිරීමේ පර්යේෂණාත්මක වාර්තාකරණයක යෙදීමේ අවස්තාව මාධ්‍යවේදියාට ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් මෙහිදී පරීක්ෂණ සාමාන්‍ය පරිදි සිදුවිය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට යම් පුද්ගලයකු සැකකරු විය හැකි වූවත් මාධ්‍යවේදියාට ඔහු සැකකරුවකු විය යුතු නැත. මාධ්‍යවේදියා මෙහිදී සැකකරුවන්‍්ගේ පැටිකිරිය දිගහරිමින් පොලිසියේ භුමිකාව ද රඟපානු පෙනිණ. මෙය අශෝභන තත්ත්වයකි.17 හැවිරිදි සිසුවාගේ ඩී.එන්.ඒ. සාම්පල ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ආගන්තුක ඩී.එන්.ඒ. සමග නොගැළපීම හේතුවෙන් අධිකරණය සිසුවා නිදහස් කළේ ය.නිදහස් ලැබීමෙන් පසු මෙම ශිෂ්‍යයා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, පොලිස් පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.මෙම සිද්ධිය පිළිබඳව ගත් අවසන් නිගමනයක් තවමත් දැනගන්නට නොමැත.මේ අතර මෙම ශිෂ්‍යයාට සමාජය තුළ අවමන් විදින්නට හා අධ්‍යාපනය අතරමග අත්හැරීමට සිදුවිය‘මෙම පාසල් සිසුවාට අමතරව අත්අඩංගුවට ගත් කොණ්ඩයා නමැත්තෙකු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පොලීසිය පෙන්වා දුන් අතර ඉන් පසුව අත්අඩංගුවට ගත් කොණ්ඩයාගේ සොයුරා මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව හෙළි විය.
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපරාධයකට ලක් කර ඝාතනයට ලක් කළ ආකාරය පිළිබඳව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කර තිබෙනවා. මෙම සැකකරු ගම්පහ - බෙම්මුල්ල - බදුලූවතුගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගනු ලැබfුවිය. දැරිය ඝාතනය කළ බව සිය පාපොච්චාරණයේදී සැකකරු සඳහන් කර තිබෙනවා. දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සේයා සදෙව්මි දැරිය නිදා සිටි කාමරයේ ජනේලය විවෘත කර තිබුණත් එයින් පැනීමට නොහැකි නිසා නිවසේ ඉදිරිපස දොරින් ඇතුලූවූ බවයි ඔහු පාපොච්චාරණයේදී සඳහන් කර ඇත. දැරිය නිවස ආසන්නයෙන් රැගෙන යද්දී එක් කාමරයක විදුලි පහන් දැල්වී ඇති ආකාරය දුටු බවත් ඉන් එබිකම් කර එහි සිටින අය නින්දේ පසුවූ බව තහවුරු කරගත් බවත් සැකකරු පවසා තිබෙනවා. දැරියට අතවර කර ඝාතනය කිරීමෙන් පසු සැකකරු දැරියගේ සිරුර ඇළ අයිනේ සඟවා තබා ඉන්ගම්මාරුවේ පදිංචි ඔහුගේ සොහොයුරියකගේ නිවසට ගොස් තිබෙනවා පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා ”උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක් අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා” කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා සේයා දියණිය ඝාතනය කොට සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. සැකකරු කිසිදු අධ්‍යාපනයක් නොලබා වනචාරී ලෙස ජීවිතය ගත කර ඇත. ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාව සහෝදරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ. මොහු එම ප්‍රදේශයේ පොල් මෝලක සේවය කර ඇත.
සැකකරු එම නිවසේද පිටුපස අගුපිලක නිදාගෙන ඇත. නිවැසියන් අලුයම අවදි වී ඔහු ගැන සොයා බැලීමේදී එම ස්ථානයේ සිට නැති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.
රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස් අසලට ගොස් කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත.
6. පුද්ගල සහ පෞද්ගලික රහස්‍යත්වය.
යම්පුද්ගලයෙකුගේ රහස්‍යත්වයට කිසිදු හෝ ආකාරයකින් හානිවනආකාරයේ පාඨ, දෘස්‍ය මාධ්‍ය, සහ රූප සටහන් ආදිය භාවිත නොවියයුත්තේය.
6.1.ළමයින් සහ බාලවයස්කරුවන් සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති හෝ විශේෂාංග වාර්තාකිරීමේදී පිළිගත් අචාරධර්ම පද්ධතියකටයටත්ව වෙබ් සංස්කාරකවරයෙකු, ප්‍රකාශකවරයෙකු, පරිපාලකවරයෙකු හෝ ඕනෑම ආකාරයක වෙබ් ජනමාධ්‍යයක සේවයෙහි යෙදෙන ජනමාධ්‍යවේදින් යන මේ සියල්ලන්ම අදාළ අනන්‍යතාවයන් හෙළිනොවන බවට උපරිමයෙන් වගබලාගත යුතුය.
නමුත් සේයා දැරියගේ සිදුවීම සම්බන් ද මෙම වගකීම පැහැර හැර තිබේ.පාසල් දරුවා සම්බන්දව ද එසේමය.
මුද්‍රිත මාධ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් වගේ ම නව මාධ්‍යයන් යටතේ එන වෙබ් අඩවිවලටත් ආචාරධර්ම පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය වේ. පුවත්පත්වලට ද ආචාරධර්ම පද්ධතියක් තිබෙන අතර 2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය හා පුවත්පත් පැමිණිලි කොමිසම එක් වී එම ආචාරධර්ම නැවත සකස් කොට වෙබ් අඩවි පිළිබඳව ද ආචාරධර්ම ඇතුළත් කර ඇත. වර්තමානයේ දී ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස් ද මාධ්‍යකරුවන් බවට පත් වී ඇත. ජනමාධ්‍යකරණයේ නියැලීම වෘත්තීය මාධ්‍යකරුවන්ට සීමාවූවක් පමණක් නො ව එය ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි ක්‍රමවේදයක් වී ඇත.එය හේතු කොට ගෙන වෘත්තීය මාධ්‍යවේදීන්ට පමණක් නො ව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ඕනෑම පුරවැසියෙකුට ම මෙම ආචාරධර්ම සුරැකීමේ වගකීමක් ඇති බව පෙන්වා දිය හැකි ය.
තව ද 1994 පසු විද්‍යුත් මාධ්‍යකරණයේ පරිවර්තනිය වෙනසක් දක්නට ලැබෙන අතර රාජ්‍ය ඒකාධිකාරී මාධ්‍ය භාවිතයට පෞද්ගලික නාලිකා පැමිණීමත් සමග තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය පුළුල් ස්වභාවයක් මෙන් ම සංකීර්ණ ස්වභාවයක් ද ගෙන ඇති බව දක්නට ලැබේ.අද වන විට විද්‍යුත් හා මුද්‍රිත සහ නව මාධ්‍ය භාවිතයට වඩා සමාජ මාධ්‍ය භාවිතය සංකීර්ණ වී තිබෙන අතර එය සමාජ ජිවිතයට පමණක් නො ව පුද්ගල ජිවිතයට ද බලපෑම් කරන මට්ටමකට පැතිර ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.
වර්තමානයේ දී වෙබ් අඩවි බ්ලොග් අඩවි හෙළිදරව් කරන ඇතැම් තොරතුරුවල නිවැරදි භාවය එහි කතෘත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් නිර්මාණය කර ඇත. ඇතැම් තොරතුරු සිද්ධීන්ට අදාළ පුද්ගලයන් පමණක් නො ව ඔහුගේ හෝ අයගේ සමීපතමයන්ට ද බලපෑම් කරන මට්ටමකට පත් ව තිබේ. තව ද අද වන විට පවතින තාක්ෂණික දියුණුවත් සමඟ ජනමාධ්‍යවේදීන් තුළ ස්වයං නියාමනයක් ඇති කිරීමට නම් අනිවාර්යයෙන්ම ආචරධර්ම පද්ධතියක අවශ්‍යතාව පවති. ජනමාධ්‍යවේදීන්ට ආචාරධර්මීය ගැටළු මතුවන අවස්තා කිහිපයක් මෙසේ සඳහන් කල හැකිය.
■ අන්‍යන්ගේ ලිපි තමන්ගේ ලිපි ලෙස පළ කිරීම.
■ තම පෞද්ගලික හැඟීම් මුසු කිරීම.
■ දැනගත යුතු තොරතුරු අත් හිටුවීම.
■ තොරතුරු ප්‍රකෘති කිරීම.
■ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම.
■ පක්ෂග්‍රාහි වාර්තාකරණයේ යෙදීම.
මෙවැනි හේතු ආචාරධර්ම සංග්‍රහය ගොඩ නැඟීමට හේතු විය. තව ද මානව සාරධර්ම සුරකමින් මෙම කාර්යයෙහි නිරත වීමට විද්වතුන් විසින් ආචරධර්ම ප්‍රභේද තුනක් යටතේ දක්වයි.
■ පරම ආචරධර්ම - සමස්තව පිළිගත් ආචාරධර්ම.
■ නීති විරෝධි ආචරධර්ම - නීතියට පටහැනි ආචාරධර්ම.
■ අවස්තානුකූල ආචරධර්ම - අවස්තාවට උචිත පරිදී වෙනස් කිරීම.
තව ද මෙම ජනමාධ්‍ය ආචාරධර්ම භාවිතා කරන පුද්ගලයන් අනුව ද වෙනස් වේ. ඒ අනුව මාධ්‍ය පාරිභෝගිකයා සුරැකීම අරමුණු කරගත් ආචාරධර්ම ” මාධ්‍ය සේවකයින් අරමුණු කරගත් ආචාරධර්ම ” අයිතිකරුවන් අරමුණු කරගත් ආචාරධර්ම ” නීතිමය වගකීම අරමුණු කරගත් ආචාරධර්ම ” වශයෙන් එය දැක්විය හැක. ලොව ප්‍රකට මාධ්‍ය ආයතන වලට ද ආචාරධර්ම පද්ධතියක් ඇත.
නූතන මාධ්‍ය ක්ෂේත්‍රය දෙසට අවධානය යොමු කිරීමේදි මුලින් දක්වන ලද ආවාරධර්මීය ස්වභාවයන් කඩවන බවක් දක්නට ලැබේ. එලෙස මෙම ජනමාධ්‍යය ආවාරධර්ම කඩවීම කෙරෙහි බලපානු ලබන හේතු සාධක ද ප්‍රබල වශයෙන් දක්නට ලැබේ. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් හතරක් ඔස්සේ දැක්විය හැක.
■ පක්ෂග්‍රාහි වාර්තාකරණය.
■ පණිවුඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම.
■ තොරතුරු විකෘතිකරණය
■ භාවාතිශය වීම.
මෙහිදී පක්ෂග්‍රාහි වාර්තාකරණය යනු වාර්තාකරන සිදුවීම අර්ධ වශයෙන් ෂත්‍යයක් වීම ” මායවක් වීම ” අඩමුසාවක් වීම හෝ හිතාමතාම ගොතන ලද බොරුවක් වීම දැක්විය හැක. මෙහිදී සාකච්ඡාවට බදුන් වන්නේ ප්‍රස්තුත ප්‍රශ්නයේ එක් පැතිකඩක් පමණී. තව ද ජනමාධ්‍යය ආයතන බොහෝමයක් ස්වාධීන නොමැත. එය නිතර හිමිකරුගේ හෝ හිතවත්කම් දක්වන දේශපාලන පක්ෂවල හෝ රජයේ රජයේ ඇඟිලි ගැසීම් වලට ලක් වේ.මේ හේතුවෙන් සමාජ ” දේශපාලනික ” ආර්ථිකමය ආදී වශයෙන් තමන්ට වාසිදායක වන අයුරින් හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම නිරතුරුව දක්නට ලැබේ.
මෙය අහිතකර වේ. තොරතුරු විකෘතිකරණය ද මෙහිදි සිදුවන ප්‍රබල ගැටළුවකි. ජනමාධ්‍යය මඟින් විසුරුවා හරින තොරතුරු සමුදාය තුළට අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීමෙන් සිදු වේ. ජනතාව මෙම විකෘති තොරතුරු පිළිගෙන තම මතය ගොඩ නැඟීමට උත්සහ කරයි. මෙය අහිතකර තත්වයකි. ග්‍රාහකයින්ගේ කුතුහලය අවුස්සන හැඟීම්බර ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ද මෙය අහිතකර වේ. මේවා භාවාතිශය තොරතුරු වේ.මේ ආදි වු කරුණු හේතුවෙන් ජනමාධ්‍යය ආචාරධර්ම කඩවීම දක්නට ලැබේ. මේ හේතුවෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය මඟින් මෙම ආචාරධර්ම කඩවීම වැළැක්වීමට ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයක් ඉදිරිපත් කරන ලඳි.
ජනමාධ්‍යවේදයෙහි උසස්ම ප්‍රමිති පවත්වාගන්නා අතරම ශ්‍රී ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්” වගකීම් සහගත හා පාඨකරැප්‍රේක්ෂක වුවමනා සහ අපේක්ෂාවන්ටසංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය” වෙබ් අඩවි ඇතුළු සියලූම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් පිළිපැදිය යුතුය.
මෙම ප්‍රමිතීන් මගින් විද්‍යුත්” මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් මාධ්‍ය නිදහසේ මූලික නියමයන්ට එරෙහි විකෘති වාණිජත්වයෙන් හෝ අයුතු පීඩනයෙන් හෝ පටු අභිමතාර්තයන්ගෙන් මිදුණු නිවැරදි බව හා සවෘත්තීය ඒකාබද්ධතාවය උදෙසා උත්සාහ දැරීමත්” මහජන සුභසිද්ධිය වෙනුවෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදයෙහි උසස් සම්ප්‍රදායන් පවත්වාගෙනයාමත් අපේක්ෂා කෙරේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය” වෙබ් අඩවි ප්‍රකාශන මෙන්ම එහි මාධ්‍යවේදීන් හටද තමන්ගේම ප්‍රබල මත දැරීමට හා ප්‍රකාශ කිරීමට නිදහස ඇත. එසේම ඔවුන් අන් අයගේ අදහස්වලට නිසි අවධානය යොමු කිරීමේසමාජ වගකීම පිළිබිඹු කිරීමට ද වගබලා ගත යුතුය.
මෙම ආචාරධර්ම සංග්‍රහය පුද්ගලිකභාවයේ අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා මහ ජනතාව සතු අයිතිය සුරැකීමට ස්ථාපනය කරන ලද්දකි. මෙය අකුරටම පිළිපැදීම සහ එහි ජීව ගුණයට ගරු කිරීම කළයුතු අතර” පුද්ගලිකත්වයේ අයිතීන් හෑල්ලූවට ලක්වන ආකාරයේ පටු අර්තකතනයන් දීමක් හෝ මහජන සුභසිද්ධිය සඳහා වන ප්‍රකාශන වැලැක්වීමේ පටු අර්තකතනයන් දීමක් කිසිවිටෙකත් සිදු නොකළ යුතුය.
සන්නිවේදන අවශ්‍යතා සඳහා ජනමාධ්‍යය බිහිවීමෙන් පසු තොරතුරු මූලාශ්‍ර වල නිරවද්‍යභාවය හා ඉදිරිපත් කිරීමේ ක්‍රම උපායන් භාවිතා කරමින් මාධ්‍ය ආචාරධර්ම බිහිවිය. සෑම වෘත්තියකටම ආචාරධර්ම පද්ධතියක් ඇත.එම වෘත්තිය රඳා පවතිනුයේ ආචාරධර්ම මත පදනම් වෙමිනි. ජනමාධ්‍යයේ බලපෑම ප්‍රමාණාත්මකව වැඩි නිසා මෙම ක්ෂේත්‍රයට අඳාලව ආචාරධර්ම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව ඕනෑම පුද්ගලයෙකුට ජනමාධ්‍යවේදියෙකු විය හැකි නිසාවෙනි.
ජනමාධ්‍ය භාවිතාවන් සඳහා ආචාරධර්ම අවශ්‍ය වන්නේ ජනමාධ්‍යය සතු සමාජ වගකීම නිසි පරිදී ඉටුවනු සහතික කිරීම පිණිසය. ජනමාධ්‍යයේ සමාජ වගකීම ගොඩ නැගෙන්නේත් ජනමාධ්‍යවේදීන් ක්‍රියාවට නංවනු ලබන්නේත් මහජනයා සතු ප්‍රකාශනයේ හා භාෂණයේ අයිතියයි. ප්‍රකාශනයේ හා භාෂණයේ අයිතිය මිනිසා මිනිසෙකු වීම නිසා නිසඟයෙන්ම හිමිවන මූලීක මානව හිමිකමකි. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ද මහජනයා සතු වේ. ඒ කෙරෙහි ජනමාධය්‍ය සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලැබේ. ජනමාධය්‍යට මේ හේතුවෙන් ස්වකීය ප්‍රජාවට හා සමාජය කෙරෙහි වගකීමක බැඳී සිටී.
ආචාරධර්ම පද්ධතියක පැවතිය යුතු මූලික ම ගුණාංගය වන්නේ පුද්ගලික භාවයේ අයිතිය යි. එය උල්ලංඝනය කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමෙන් පලක් නැත. ආචාරධර්ම පිළිබඳ කතිකාව මෙ තරම් පුළුල් වීමට හේතුවක් වී ඇත්තේ පෞද්ගලික භාවහේ අයිතිය සහ තොරතුරු ප්‍රකාශ කිරීමේ අයිතිය හේතුවෙනි. විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ ඇති සමාජ මාධ්‍ය ඉතා බරපතල ලෙස පෞද්ගලික භාවයේ අයිතිය උල්ලංඝනය කරන බවට චෝදනාවක් පවතියි. එ සේ ම තාක්ෂණයේ ඇත්තා වූ ඇති නවීනත්වය තුළ සම්ප්‍රධායික නීති අණපනත් හෝ වෙනත් ප්‍රතමික ක්‍රමවේදයන් මගින් තොරතුරු සන්නිවේදනය වීම ද වැලක්වීමට නො හැකි ය.
මේ අයුරින් කිව හැක්කේ අන්තර්ජාලය තුළ පවතින විවිධ වෙබ් අඩවි තුළ ආචාරධර්ම පිළිපැදීම මෙන් ම කඩවීම පිළිබඳව ද අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත් බවයි. ජනමාධ්‍ය හා ප්‍රවෘතති අමාත්යංශය විසින් ඉදිරිපත් කර ඇති ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයෙහි හැඳින්වීමෙහි අනෙකුත් මාධ්‍යයන් ආචාරධර්මයන් පිළිපැදිය යුතු වනවා සේ ම වෙබ් අඩවි පවත්වාගෙන යාමේ දී ද ආචාරධර්මයන්ට එකඟව එය පවත්වාගෙන යා යුතු බව මෙ පරිදි සඳහන් කළ හැකි ය.
”ජනමධ්‍යවේදයෙහි උසස් ම ප්‍රමිති පවත්වාගන්නා අතර ම ශ්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්” වගකීම් සහගත හා පාඨක ප්‍රේක්ෂක උවමනා සහ අපේක්ෂාවන්ට සංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය” වෙබ් අඩවි ඇතුළු සියලූ ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසන් පිළිපැදිය යුතු ය”.
මාධ්‍යවේදීන් ‘සවිඥානක මාධ්‍ය කලාවක‘ නිරත විය යුතුය. සවිඥානක මාධ්‍යවේදය යනු කල්පනාකාරි මාධ්‍යකරණයයි. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ‘මයින්ඞ්ෆුල් ජර්නලිසම්‘ යනුවෙනි. මුද්‍රිත මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම පෑන හසුරුවයි නම්, විද්යුත් මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම වචන හසුරුවයි නම් එතැන මාධ්‍ය සදාචාරය ඉබේම රැකෙනු ඇත. ගැටුමක නිමිත්ත ඉබේ මඟහැරෙනු ඇත.
පුවත්පත් කලාවෙන් ඇරැඹුණු වර්තමාන මාධ්‍ය ලෝකය මේ වන විට ලොව පුරා අමුතුම ගමන්මඟක් ගෙන තිබේ. බටහිර මාධ්‍යවේදීන් බොහෝ දුරට මුල් තැන දෙන්නේ ගැටුම් හා සමීපත්වය මුල් කරගත් පුවත් සඳහාය. එයින් ගැටුම නාටකීය ස්වරූපයකින් ඉදිරිපත් කිරීම, ගැටුම උපකාරි කරගෙන කතාව නිර්මාණය කිරීම, අලුත්ම ප්‍රවණතාව බවට පත්ව තිබේ. මේ නිසා බොහෝ විට සිදු වන්නේ මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සීමයි.
එහෙත් සැබැවින්ම මාධ්‍යයක වගකීම වන්නේ හෝ මාධ්‍ය ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වන්නේ ගැටුම් නොවේ. සාමාන්‍ය පුවත් ගැටුම් ඇති වන ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම යනු සමාජයට කරන අනවශ්‍ය බලපෑමකි. රටක ප්‍රවෘත්ති සැපැයෙන්නේ ගැටුම් නිසා නොවේ. එසේ වන්නේ යැයි සිතන්නේ නම් එය වැරැදි වැටහීමකි. සත්‍ය තත්ත්වය පුවත් සඳහා ගැටුම් අවශ්‍ය නැත යන්නය. ගැටුම් නිසා මිනිස්සු බෙදී යති. නිදසුනක් ලෙස ගත හොත් සිංහල සහ දෙමළ අය අතර ගැටුමක් ඇති වූ විට එය වාර්තා කෙර්. එයට මාධ්‍ය ඉතා උනන්දුය.
එහෙත් ඔවුන්ගේ සමගිය පිළිබඳ ඇති ප්‍රවෘත්ති පළ කිරීමට ඒ උනන්දුව මාධ්‍ය දක්වන්නේ නැත. මෙයින් බෙදීමකට මිස සමගියකට සමාජය යොමු නොවේ. සැබැවින්ම ජනමාධ්‍යයට අවශ්‍ය නම් මේ රටේ මිනිසුන් අතර සමගිය වර්ධනය වන ආකාරයේ ප්‍රවෘත්ති පළ කිරීමට හැකිය. නිදසුනක් ලෙස හින්දු සහ බෞද්ධ ධර්මයන්ගේ සමානත්වය, සම්බන්ධතාව ඉස්මතු වන පුවත් කිසිම පුවත්පතක හෝ වෙනත් විද්යුත් මාධ්‍යයක ප්‍රචාරය වන්නේ නැත. භගවත් ගීතාව හා ධම්මපදය අතර ඇති සබඳතාව කිසිවෙක් කතා නොකරති. එහෙත් යාපනේ මිනිසුන් වැඩ වර්ජනයක් කිරීම හෝ දකුණේ මතු වන සුළු සිදුවීමක් ජනමාධ්‍යවල විශාල කතාවක් බවට පත් වෙ.
යොවුන් පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන නිසා ලිංගිකත්වය පිළිබඳ වැරැදි කාවැදීම් සහිත සමාජයක් නිර්මාණය වී තිබේ. ලංගිකත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීම භයානක යැයි හදුන්වන යති දෘෂ්ටිය හේතුවෙන් ලිංගික අපචාර වර්ධනය වීමේ ස්වභාවයක් පවතී. යති දෘෂ්ටිය අනුව සිතන ගැහැනුන් මැදිවිය ඉක්මවන්නටත් පෙර තම සැමියා සමඟ යහන්ගත වීම නවත්වා දමා පූජකවරුන් සහ බෝගස් වටේ යමින්” ඊළඟ ආත්මයෙහි හොඳ තැනක ඉපදීමට පින් දහම් කරති. වැඩිහිටි පිරිමියෝ දැරියන්ට ඉව අල්ලති. ලිංගික අපයෝජන සහ අනෙකුත් අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන ජනමාධ්‍යවේදියාට අපරාධවල පසුබිම්වන සමාජය අනාවරණය කිරීමේ දැක්මක් තිබිය යුතුය. අපරාධ තලුමරා වාර්තා කිරීම මාධ්‍ය කලාවේ ශික්ෂණයක් නොලැබීමේ ප්‍රතිපලයකි. මෙහිදී වැදගත් වන මූලික කරුණ වනුයේ ජනමාධ්‍ය ආචාරධර්මවලට අනුව කටයුතු කිරීම ය. ලොව සෑම මාධ්‍ය ආයතනයක් විසින් හදුනාගෙන ඇති ආචාර ධර්මවල ස්වභාවය අනුව සත්‍ය ගරුක වීම” මධ්‍යස්ත බව හා පොදු යහපත ප්‍රධාන වේ. විවිධත්වය” ඉවසීම සහ පිළිතුරු දීමේ අයිතිය යනාදී වශයෙන් මෙය දිගු වේ.
ජනමාධ්‍යයේ අරමුණ විය යුත්තේ අලෙවිය නොව ජනතා යහපතයි. එවිට ජනතාව ජනමාධ්‍ය සමඟ ඒකාත්මික වනු ඇත.
මේ අනූව වර්තමානයේ ලංකාව තුල පුවත්පත් සිය වාර්තාකරනය කිරීමේදී මෙම ආචාරධර්ම පදනමකින් යුතුව කටයුතු කරනවාදැයි සොයා බැලිය යුතුය. ඒ අනූව මෑත කාලීන පුවත්පත් වාර්තාකිරීම් දෙස අවධානය යොමු කිරීමේදී මෙම ඉහතින් දැක්වූ ආචාරධර්මයන් උල්ලංඝනය කෙරෙන අවස්ථා ඕනෑ තරම් හදුනාගත හැක.
අපූරු නිර්මාණකරුවකු වූ ජෝර්ජ් කීට් (1901-1993)
ආසියාවේ පිකාසෝ යනුවෙන් ඇතැම් විචාරකයන් හඳුවන්නේ ජෝර්ජ් පරසිවල් ස්ප්‍රවල් කීට්ය. වර්ෂ 1901 අප්‍රේල් මස 17 වන දින මහනුවර අම්පිටියේදි මෙලොව එලිය දුටුවේය. කීට්ගේ පියා රජයේ මිනින්දෝරුවෙකු වන හෙන්රි කීට් වන අතර මව ඉන්දීය විමුක්ති සටනේ සාමාජීකවක වන පන්ජාබ් ජාතික කාන්තාවකි.
උපතින් ඉන්දීය ඩච් බර්ගර් පරපුරකට අයත් කතෝලික පවුලක ඉපදුන ද ජෝර්ජ් කීට් කුඩා කල සිටම මහනුවර මල්වතු විහාරය ආශ්‍රිතව හැදි වැඩුණහ. කුඩා කල පටන්ම බෞද්ධ දර්ශන කෙරෙහි නැඹුරු වී ඒ පිළිබදව හැදෑරු අතර වයස 20 සිට 40 දක්වාම බෞද්ධ ප්‍රකානශන වල බුදු සමය ගැන බෞද්ධ ප්‍රකාශන වල බුදු සමය ගැන ඔහු ලියු ලිපි පළ වූ අතර සමහර අවස්ථාවල ලිපි සමඟ ඔහුගේ චිත්‍ර ද පළ විය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මුලික අධ්‍යාපනය හදාරන කීට් වැඩි වශයෙන්ම කල් ගෙවනු ලබන්නේ මල්වතු විහාරය ආශ්‍රිතවයි. මල්වතු විහාරය තම නිවස අසල පිහිටි නිසා නිතරම එහි ඇසුර ලැබීය. එහි භික්ෂුවක වූ සංකෘතික භාෂා පිළිබඳ විශාරද හිමිනමක් වන පින්නවල ධිරානන්ද හිමිගේ උපදේශකත්වයෙන් බෞද්ධ ආගමික ඥානය සාහිත්‍යමය වර්ධනය කර ගනි . හිංදු සමය පිළිබදව ද කුඩා කළ සිටම අධ්‍යනය කළ ඔහු රවින්ද්‍රනාත් තාගෝර්ගේ පොත පත ඇසුරින් ඒ පිලිබදව දැනුමක් ලබා ගත්තේය. ඉංග්‍රිසි හා සංස්කෘත භාෂාව මැනවින් අධ්‍යාපනය තුලින් ලත් පරිචය නිසාම ජයදේවයන්ගේ ගීත ගෝවින්දය ඉංගිසියට ද කව් සිළුමින මුවදෙව්දාවත වැනි සම්භාවය සිංහල ග්‍රන්ථ ඉංග්‍රිසියට පරිවර්තනය කළේය . 1927 පමන සිට කීට් පුර්න කාලිනව චිත්‍ර කලාව කෙරෙහි යොමු විය. ඔහුගේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන ලද්දේ 1928 වර්ෂයෙදීය. ඔහුගේ මාමන්ඩියක විසින් රුපියල් 1000කට චිත්‍රයක් මිළදි ගනු ලැබීය. රුපියල් 1000 යනු එකල විශාල මුදලකි. ඔහුගේ මුල් කාලීන ච්ත්‍ර අතර වික්ටෝරියා, අම්බලම, මල්ඩපත හා කාන්තාව,අස්වැන්න, ගිමන් හරින කාන්තාව,ශිව ශෝකය, තාම්පුරාව හා ලලනාව හා ගෝවින්ද සාමි යන චිත්‍ර වැදගත් වේ . මුල් කාලිනව ස්භාවික ශෛලිය කෙරෙහි නැඹුරු වු ජෝර්ජ් කීට් ක්‍රමයෙන් ස්භාවිකත්වයෙන් මිදි ඝනික වාදි ලක්ෂණ ගැබ් වු ශෛලීන් කරා අවතීර්න වන්නට විය. .ඔහුගේ ප්‍රථම දියසායම් චිත්‍රය වශයෙන් රෙදි හැට්ටය හැදි ගැහැනිය නැමති චිත්‍රය වන අතර සස ජාතකය නමින් පැස්ටල් මාධ්‍යයෙන් සිතුවමක්ද මුල් කාලයේදි ඇද ඇත. ඔහු විසින් 1921 දී අදින ලද මල්වතු විහාරයේ පිරිත” නැමැති චිත්‍රයක්ද 1927 අදින ලද වික්ටෝරියා මාවත චිත්‍රරයත් පසු කාලීනව 1960 අදින ලද ආදර්ශ රූපය සමඟ සිත්තරා නැමැති චිත්‍රයත් යන චිත්‍ර 3ගෙන බැලුවහොත් සිත්තරාගේ කලා සංක්‍රමනය මැනවින් හදුනා ගත හැකිය. ඔහුගේ චිත්‍ර අතර විහාර මහා දේවිය, රෙදි පෙරවු නගර කාන්තාව,බුත් සරන මල් හා සංගරාජ පිරිවන වැනි ඒවාද ජෝර්ජ් කීට්ගේ සිතුවම් ලෝක පුජිත තත්වයට පත් විය.
බිතාන්‍යයේ ඇල්බට් චිත්‍ර කෞතුකාගාරයේ ප්‍රංශයේ හා ඇමරිකාවේ කලාගාර සඳහා ස්ථීර ප්‍රදර්ශන චිත්‍ර වශයෙන් මොහුගේ චිත්‍ර තෝරාගෙන ඇත.විශ්ව කීර්තිධර සිත්තරාට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අචාර්ය උපාධියක් ශ්‍රී ලංකා ජන රජය කලා කීර්ති ගෞරව නාමයත් ප්‍රදානය කිරිම කලාව වෙනුවෙන් කල සේවය ඇගයිමකි. ජීවිතය අවසාන භාගයේදි ඔහු චිත්‍ර ඇදිම නොකළ අතර පොත පත කියවීමට වැඩි වශයෙන් යොමු විය. 1993 ජුනි 31 දින මේ සිත්තරා මිය ගියේ ස්වීය ඔහු චිත්‍ර සාම්ප්‍රදායික නව්‍යම පැතිකඩක් අප හමුවේ ඉතිරි කරවමිනි. ඔහුගේ ජීවිිත කාලය පුරාම ඇඳ ඇති චිත්‍ර කෙතරම් ද කිවහොත් වර්තමාන ශිල්පියකු ඔහු ඇද ඇති චිත්‍රවලින් හතරෙන් එකක්වත් ඇද නැති බව ජෝර්ජ් කීට්ගේ විහාර බිතුසිතුවම් ග්‍රන්ථ රචනා කළ මහාචාර්ය ඇල්බට් ධර්ම සිරි මහතා පවසයි .
විලි ජාතික කවියක වන පැබ්ලො නෙරූඩා විසින් වරෙක ජෝ ර්ජ් කිට් අරයා කළ කියමනක් පහත දැක්වේ.
■ “කීට් මා හිතන අන්දමට ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියකුගේ ජීවමාන න්‍යෂ්යයි.ඔහුගේ සියලුම චිත්‍ර කෘතිවල පරිණත භාවයේ ප්‍රමිතිකරණයක් දක්නට ලැබේ.මායාවකින් මෙන් ඔහුගේ වර්ණ සංයෝජනය කෙරෙනු ද සු්විකාර්්‍යය ද්‍රව්‍යයක් පරිස්සමින් ව්‍යාජන කළ ද ඔහුගේ සිතුවම් විශේෂයේන් සිංහල මිනිසුන් ඇතුළත්වන සිතුවම් රංගන විලාසයක් ගනි. මේ රූප අද්භූත සහගත ප්‍රකාශනාත්මක විභූතියක් දක්වන අතර තීවු ලෙස ගාම්භීර වූ ආස්වාද සුගන්දයක් වහනය කරවයි.”
■ “නිර්මාණ කිරිමේ තත්ථති කාර්්‍යය ක්‍රියාත්මක වන බව පෙළඹවීම හා ආභාෂ නවති. ඉන් පසු එහි නිර්මාණයට දායක වු බලවේග අන්තර්ධාන වන අතර දෘෂ්ටියක් මඟින් එහි ඉලක්කය දක්වා පාලනය කරමින් මෙහෙයවනු ලබන අතර එසේ ගමන ආරම්භ කළ කෘතිය ස්වකීය අනන්‍යතාවකින් ස්ථාපනය වේ. සිතුවමක් එයින් දැක්වෙන විසඳුම තුළම පරිණාමය වෙයි. එය විසින් ගොඩනඟනු ලබන කිසියම් රිද්මයක් ඉදිරියේ එමඟින් තනනු ලබන රිද්මයානුකූලව විරෝධතාවක් නිසා නිපදවන තමන්ගේම තර්ක පද්ධතියක් ගොඩනඟා ගනි.”
01.වික්ටෝරියා මාවත නැමැති චිත්‍රය
ජෝර්ජ් කීට්ගේ දීර්ඝ කලා ජිවිතයෙහි මුල් අවධියේදි නිර්මාණය කරන ලද චිත්‍රයකි. වටවංගු සාහිත මාවත ප්‍රකාෂවත් වෘක්ෂ සරල මනුෂ්‍යය වාසස්ථානය හා වෙනත් මාර්ගඅසන්න යන අදියෙන් සමන්විත වු භූමි දර්ශනය සාමාන්‍යය දර්ශනයක් පමනක් නෙවි එය ඊට වඩා යමක් පෙන්නුම් කරයි නිවසින් වැදගත් කොටසක්ද තුරුමුදුනද ජිවිතයෙන් ඉවත් කර ඇත්තේ පින්සල පසෙකලා කතුරක් අතට ගත් විලාසයනි.
සිත්තරා මහා කලාගුරු පෝල් සෙසෑන් අනුව යමින් භූමි දර්ශනයේ ව්‍යුහාත්මක සැකැස්ම ගවේශණයෙ කරයි . ඒ අනුව මෙම භූමි දර්ශනයට අයත් ද්‍රව්‍යවමය සබඳතාවන්ගේ සමස්තය අපරු ලෙස නිර්මාණය කර අත.මේහි අන්තර්ගතය ආකෘතිය බවටත් ආකෘතිය අන්තර්ගතය බවටත් පත් වේ.මේ සියලුල ස්වාභාවදහමේයේ හා මනුෂ්‍ය වාසයෙහි සැප විපුලතාව නිර්මාණය කරයි. නිවස ඇතුලෙහි අඳුරු සෙවන මාවතේ සුන්දරත්වය හා වෘෂය කඳෙහි ස්මාරකය වටකුරු භාවය මෙහි සබඳ විපුලතාව පෙන්නුම් කරයි.
මෙම චිත්‍රය තුළ ස්ථාපිත කර ඇත්තේ සිත්තරාගේ පර්යාලෝකී න්‍යාය අනුවය.ඒ ඔස්සේ නරඹන්නාගේ ඇස් චිත්‍රයෙහි පෙර බිමෙනි ඈතට ගෙන යනු ලැබේ. පෙරබිමේ ඇති වෘක්ෂ ශරිරයේ කවාකාර විශාලත්වයද නිවසෙහි ජ්‍යාමිතික හැඩයද පාර අද්දර ගල් බැම්මේ ඝනිකාභාවයද චිත්‍රයට මහත් ශක්තියක් ලබාදෙයි මේ චිත්‍රය මඟින් නරබන්නා තුළ විෂය ලෝකය පිළිබඳව ඉතා ගැඹුරු චින්තනයක් ඇති කරයි.
02. ජෝර්ජ් කීට්ගේ තවත් චිත්‍රයක්
පැහැපත් ස්ත්‍රියගේ පටු නළල මුදුනේ සිට තියුනු නාසයේ තුඬදක්වා ඇත්තේ එකම සරල රේඛාවකී .ජාමිතික රූපි කේසකලාපි හැඩ තලයන් සමඟ මුදුනේදි ඒ සරල රේඛාව සමඟ එකතු වේමින් ත්‍රිකෝණ රුපි සුන්දර මුහුනක් නිර්මාණය කරයි ඇති අතර උන්මාදනිය ඇහි බැමි සරල රේඛාවකී .නේත්ත්‍රයේ ත්‍රිකෝණ අරා සිටින්නේ ජිවිතය අලෝකමත් කර හැකි පහනක් ලෙසිනේ නොකැඩුණ ලාලිත්‍යවත් රේඛාව ඇගේ පයෝදර සහ පිරුණු අත්ගොබ නිර්මාණය කරමින් ඇයට ගැඹුරු කායක පරිපුර්ණවයක් ලබා දෙයි .ඇගේ සුන්දර හස්තය පිහිටියේ සුවභාවික නිරූපණාත්මක පිහිටීමක් වශයෙන් නොව තීවුතර ආවෛෂයික පිහිටීමක් වශයෙනි. පුළුල් මාපටෑගිල්ල සහිත ඇගෙු ඇඟිලි පහ පරවි කුලගේ පක්‍ෂියෙකු වැන්න.බෞද්ධ කලාව තුළ මුද්‍රා සහිත හස්තයට හිමිවන ප්‍රමුඛ ස්ථානය මේ චිත්‍රය තුළ දී එම හස්තයටද හිමි වේ.
කීට් විසින් නිර්මාණය කරන ලද ලස්සන ඇස් ජගත් කලාවේ හොඳම ඒවාය . මේ චිත්‍රයෙහි පුළුල් සමතලා ක්‍රමයත් සිහිපත් කරයි. ස්ත්‍රියගේ හැට්ටයේ අලංකාරණ ප්‍රංශ කලාවේ දියමන්ති රුපාකාරයන් සහිත සර්කස් ඇඳුමේ ලාංකිය රූපාකාරයක් වැන්න. කීට්ගේ කලාව තුළ ස්ත්‍රි මාංශයේ සෞන්දර්යය හුදෙක් ජවි වර්ණයක් වශයෙන් නොව ජිවිතය ආලෝකමත් කළ හැකි බලශක්තියක්ලෙෂ නිරූපිතය. ස්ත්‍රියගේ ලගන්නා සුළු ප්‍රීති ප්‍රමා්දය කායික සම්භෝගයේ සුරතාන්තයට ළං වෙයි.
මේ චිත්‍රය ද්විත්ව ආලේඛයක් වැන්න දෙවැන්නෙකුගේ පැවාත්ම මනාව සම්බන්ධතා සඳහා අනිවර්්‍යය සාධකයකි . දෙවැන්නාගේ කවකාරමුහුණ සමීපයේ ස්ථානගත කර තිබේ. ඒ හෙයින් මේ චිත්‍රයේ මානව සබඳතාවය මැනවින් අනාවරණය වේ.
ජෝර්ජ් කීට්ද අන්‍ය කලාකරුවන් මෙන් හන්ඳු බෞද්ධ පුරාණේක්ති හාවිතයට ගනිමින් මනුෂ්‍යාගේ අත්දැකිම් විශාලනය කළේය. නමුත් ඔහුගේ මේ භාවිතය සැම විටම සාර්ථක වූයේ නැත. සම්ප්‍රදායට යටත් විමක්ද මෝස්තරවාදි වීමක්ද ඇතැම් නිර්මාණ වල දක්නට ලැබෙන්නේ ඒ හෙයිනි.
03. ජෝර්ජ් කීට් විසින් 921 දී අඳින ලද මල්වත්ත විහාරයේ පිරිත් නැමති චිත්‍රය
මේ චිත්‍රයද ජෝර්ජ් කීට්ගේ මුල් අවධියට අයත් වේ. කීට්ගේ කලාව වශයෙන් අප විසින් බෝහෝ විට හඳුනාගන්නේ මීට සැබවින්ම වෙනස් ශෛලියකි. කීට්ගේ පසුකාලීන සිතුවම් විසින් “ මල්වත්තේ පිරිත්” සිතුවම්වල ගාම්භීර්යය ඌනනය කරනු ලබන්නේ නැත.මෙය නිරූපණාත්මක සම්ප්‍රදායකට අයත් චිත්‍රයකි හුදෙක් බෞද්ධ ධර්මයෙහි අනුහස් කීම සඳහ මේ චිත්‍රය නිර්මාණය කර නැත. මානුෂික එකමුතුවෙහි සිත් ඇඳගන්නා සුළු රූපයක් වශයෙන් බෞද්ධ ගිහි පැවදි ජිවිතය නිරූපණය කරයි .සිත්තරා ගැඹූරු ඒකාබද්ධතාවයක් ඇති කරගනිමින් මෙම නිර්මාණය කර තිබේ. ගිහියා හා පැවිද්දා අන්‍යෝන්‍යය රදා පැවැත්මක් සහිත පිරිසක් බව නිරූපිතය. පැවිද්දෝ එක් පෙළකද ගිහියෝ තවත් පෙළකද වාඩි වි සිටිති දෙපිරිස චිත්‍රයෙහි වම් පාර්ශ්වයේ දී මුණ ගැසෙති. කෝණයක පාද දෙකක් එකිනෙක මුන ගැසෙන්නා සේ භික්‍ෂුන්ගේ ශිර්ෂ ඔස්සේ ඇදෙන සරල රේඛාව කුඩා දරුවා සමඟ සිටින ස්ත්‍රියකගේ හිසෙහි සිට තලප්පාව සහිත හිස දක්වා නැගෙන සරල රේඛාව සමඟ යාවෙයි . චිත්‍රයෙහි රූපික තුලනය කෙරෙහි සිත්තරා මහත් උනන්දුවක් දක්වා තිබේ.
1939 දී පමණ අදින ලද ගෝතමී විහාරයේ බිතුසිතුවම් ජෝර්ජ් කිට්ගේ ප්‍රතිභා ශක්තිය විදහාපාන නවින චිත්‍ර කලා සම්ප්‍රදායකි. බොරැල්ල ප්‍රදේශයේ නිදහස් භුමි භාගයක පිහිටි මෙම විහාරයේ චිත්‍ර සදහා මුලික තේමාව වි ඇත්තේ බුදු දහමයිග විහාරයේ පිටත මාලයේ පදක්ෂිනා පථයේ කීට් මහතා විසින් අදින ලද සිතුවම් වලට බුදුන්වහන්සේ ගේ ජිවිත කතාවේ වැදගත් සිදුවීම් තේමා වි ඇත. මෙම චිත්‍ර වල රේඛාව හසුරුවා තිබෙන්නේ රිද්මයානුකුලවය.තවද එතුමාගේ අදහසට අනුව එහි ඇත්තේ මාධුර්යකිග වර්ණ කිරිම අතින් බලන විට එම චිත්‍රවලිය ද්විමාන ප්‍රකාශයක් වුවද රේඛාව හැසිරවීම තුළින් එහි ත්‍රිමාණත්වයක් ද රැකගත් බව පෙනේ. ජිවයෙන් පිරිගිය මානව රූප අතරට පසුතල යොදාගත්තේ ජයමිතික රේඛාවන්ය. එහි දොර ජනේල මාළිගා ආදිය දක්වා තිබෙන්නේ සිරස් තිරස් අතට යෙදු පසුතල සරල රේඛා වලිනි.
තවද මෙහි සෑම ස්ත්‍රී රූපයක්ම අපුර්ව ලාලිතයක් දැකිය හැකිය.වර්ණ අතින් බලන කල සුදු ල තදකොළල ලා නිල්ල අදුරු කහ සහ ගුරුපාට සමබරව යෙදීම චිත්‍රාවලියේ විශේෂ ලක්ෂණයකි. ජෝර්ජ් කිට් මෙම ගෝතමී විහාර බිතුසිතුවම් කලේ ඔහුගේ ආවේණික ලක්ෂණ අනුවය.මෙම සිතුවම් සදහා බොයිඩ්ගේ අදහස් වලට අනුව චිත්‍ර ඇදිම කරන ලදිග ඔහු බිත්ති සකස් කළේ මුහුදු වැලි පිටි මෙන් අඹරා දෙහි යුෂ සහ ඇසිටික් ඇසිඩ් නම් රසායනික ද්‍රව්‍ය සමග කලවම්කර තලපයක් සාදා බිත්තියේ ප්ලාස්ටරය සම්පුර්ණයෙන් ගලවා ඉවත් කර අලුතෙන් ප්ලාස්ටරයක් දැමීමෙනි.මොහුගේ තීරණය අනුව පෙර අධ්‍යනයක් නොවුවත් බුදුන්වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවිම් බිතු සිතුවම් සදහා ඔහු තෝරා ගෙන ඇත.මේ සදහා ඔහුට සහය වු තෙල්වත්තේ අමරවංශ හිමියෝ ජෝර්ජ් කිට්ව දිරි ගැන්වීයග ප්‍රථමයෙන් බුදු සිරිතේ එන වැදගත් අවස්ථා පිළිවෙලින් බිතු සිතුවමට නැංවීය. පලමු චිත්‍රය වූයේ සිදුහත් උපත පිළිබද සිහිනය යි. එයින් පටන් ගත් ඔහු බුද්ධත්වය ලැබීම දක්වා ද බුද්ධත්වය ලැබීමෙන් පසු බුදුරජාණන් වහන්සේට මුහුණ පාන්නට සිදු වු අවස්ථාද චිත්‍රයට නගන ලදී.පදක්ෂිනා පථයේ සිතුවම් අතර මෙම සිතුවමට අමතරව
● දේවාරාධනය
● සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
● දුණු ශිල්පය දැක්වීම
● සිද්ධාර්ථ කුමරු හා යශෝධරා දේවිය අතිනත ගැනීම
● නළගන රෑගුම්
● ගිහිගෙයි කළකිරීම
● මහාභිනිෂ්කමණය
● නේරන්ජනා නදියෙන් එතෙර වීම
● කේෂඡේදනය
● බිම්බිසාර රජු හමුවීම
● ආලාර තවුසා වෙත යාම
● මාර පරාජය
● පිරිනිවන් පෑම
● බුදුන් කිඹුල්වත්පුරයට වැඩම පථම ධර්ම දේශනාව
● පරිණිර්වාණය ප්‍රධාන තැනක් ගනීග
බොරෑල්ලේ මෙම විහාර සිතුවම් අතර මාර පරාජය දැක්වෙන සිතුවම සුවිශේෂ කලා ලක්ෂණ වලින් යුක්තයගමාර පරාජය සිතුවමින් පෙන්නුම් කරන්නනේ ධ්‍යාන සුවයෙන් වැඩ හිදින බුදුන් වහන්සේගේ රෑපකාය හා වියරැව සිටින මාරයනුත් ක්ලේෂයන් මනා සේ නිරෑපනය කරන තන්හා රතී රගා යන අඩනිරැවත් සුරෑපී මාර දූතියෝය.ගමෙහි මාරයින්ගේ මුහුණ ඇද තිබෙන්නේ ජ්‍යාමිතික හැඩතල වලට අනුව.එයින් මාරයින් යන අද්භූත ස්වරෑපය තාත්විකව මතු කර දක්වයි. කල්පිත සංකල්පනාවක් වශයෙන් ශිල්පියාගේම ශෛලිය සාර්ථක වී ඇත. තව ද මෙහි මාර දූතියන් ස්ත්‍රී ලක්ෂණ වලට අනුව නිරෑපනය කරන ශිල්පියා ක්ලේෂයන්ගේ ජීවමාන ස්වරෑපය පෙන්වා දෙයි.මාරයින්ගේ රෞද බියකරු බවත් මාර දූතියන්ගේ රාගික බවත් බුදුන්ගේ ශාන්ත භාවයත් මේ සිතුවමින් එකවර ප්‍රකාශ කිරීමට ශිල්පියා සමත් වී ඇත.ශිල්පියා චිත්‍රයේ තිමාණ ලක්ෂණ පෙන්නුම් කරනුයේ කෙටි ඉරි කැබලි යෙදීමෙනි.වර්ණ අතිත් බලන කළ පළමු රේඛාවලින් සටහන් කරන චිත්‍රය පසුව වර්ණ ආලේප කර ඇති බව පෙනේ.මෙහිදී මාරයින් තද කලු පාටින් ද මාර දූවරු ලා දුඹුරු පාටින්ද පසු තලය රතු පාටින් ද සිතුවම් කර ඇතගසංරචනය අතින් ඉතා උසස් තත්වෙක පවතින සිතුවමකී.
තව ද අභිනිෂ්ක්‍රමණය නිරූපණය කරන සිතුවම ද විශේෂ ලක්ෂණවලින් කැපී පෙනේගමෙහි බෝධි සත්වයෝ අසෙකු පිට යන අවස්ථාවත් අනෙක් කොනේ යශෝධරාවත් නිර්මාණය කොට ඇත.එහි දී බෝධි සත්වයන් දෙස යශෝධරාව බලා සිටින ආකාරයක් පෙනේගඅදහස් කීපයක් එකවර නිරූපණය කිරීමට මෙය යොදාගෙන ඇති බව පෙනේ.
බොරැල්ලේ ගෝතමී විහාරයේ මෙම සිතුවම් ජොර්ජ් කිට්ගේ අපූරු නිර්මාණ හැකියාව මනා ලෙස පිළිබිඹු කරයි.
මේ අනුව ජෝර්ජ් කීට් අපූරු නිර්මාණකරුවෙක් ලෙස හඳුනාගත හැකිය.
Subscribe to:
Posts (Atom)
-
මිනිසා නිරන්තරයෙන් පරිණාමයට පත් වේ. මානව පරිණාමයේ වැදගත් දෙයක් ලෙස තාක්ෂණය බිහිවීම හඳුනාගත හැකිය .හදුනාගත හැකිය තාක්ෂණය වූ සුවිශේෂ...
-
ආසියාවේ පිකාසෝ යනුවෙන් ඇතැම් විචාරකයන් හඳුවන්නේ ජෝර්ජ් පරසිවල් ස්ප්‍රවල් කීට්ය. වර්ෂ 1901 අප්‍රේල් මස 17 වන දින ම...
-
සෑම මිනිසකුම කුමන හෝ ආගමක් හා බැඳී සිටී. සෑම කටයුත්තකදීම ආගම මුල් කරගන්නා ආකාරයක් දැකිය හැකිය .සෑම තරාතිරකම අයෙක් ආගම හ...