Friday, July 5, 2019

ඡායාරූප සහ මාධ්‍ය ආචාරධර්ම

                           

                     
වර්තමානය වන විට ජනමාධ්‍ය මඟින් නිරන්තර සෘණාකල්ප වර්ධනය වන ලෙස පුවත් ප්‍රචාරය කිරීම හා ආචාරධර්ම උල්ලංණය කරන ආකාරයක් දැකිය හැකිය.  එවැනි පුවත් නිවැරැදිව අවබෝධ නොකරගන්නා මහජනයා ඒ තොරතුරු නිසා අසහනයට  පත් වේ..එයින්ද යහපත්ව නිවැරැදිව පුහුණු කිරීමට මාධ්‍යවේදීන් හා ආයතන කටයුතු කරන්නේ නම් ජනතාවට නිවැරැදි තොරතුරු සපයන යහපත් මාධ්‍ය කලාවක්, මාධ්‍ය සංස්කෘතියක් ඉන් බිහි කළ හැකිය.ලොව පුරා සිටින මිනිසුන්ගේ සිතුම් පැතුම්වල ඒකාකාරිත්වයක් දැකිය හැකිය.
                   ගුටෙන්බර්ග් මුද්‍රණශිල්පය සොයාගැනීමත් සමඟ පුවත්පත් කලාව බිහි වූවා සේම ජන මාධ්‍ය ද බිහි විය.අනතුරුව මිනිසුන්ගේ අසහනය වර්ධනයට මූලික හේතුවක් ලෙස මාධ්‍ය ක්‍රියාකාරීත්වය හුරු වීය. රටකට හොඳ දේ වෙනුවට හානි වන අන්දමේ ප්‍රවෘත්ති පළ කිරීම බටහිර පුවත් කලාවේ එක් අංගයකි. අප ජීවත් වන්නේ ස්වාධීනව නොවන බව ඇත්තකි. රට රටවල් එකිනෙකා මත යැපෙන බව සැබෑය. ඒවායේ බලපෑම ඇති බව නොරහසකි. එහෙත් බුද්ධිමත්ව රට දියුණු කිරීම සඳහා කටයුතු නොකළ හොත්, මාධ්‍ය හැසිරවීම නොකළ හොත් එය මහත් හානියක් සිදු කරනු ඇත.
                  සෑම මිනිසකුම සැකැසී ඇත්තේ කොටස් ගණනාවක් එක් වූ පද්ධතියක් ලෙසිනි. එහි එක් කොටසකට තනිව කටයුතු කළ නොහැකිය. එසේම මාධ්‍යයද පද්ධතියකි. එයින් මිනිසාට මිදීමට නොහැකිය. එහෙත් යහපත් පැවැත්ම ඇති කරගැනීම මේ සියල්ලේ අරමුණ විය යුතුය. යහපත් මාධ්‍යකරණය යනු යහපත් වාර්තාකරණයයි. නොසැලකිලිමත්කම වැරැදි මාධ්‍ය භාවිතයේ ආරම්භයයි.යමකුගේ සිත නොරිදෙන අයුරින් තම වෘත්තියේ නිරත වන්නේ කෙසේද යන්න මාධ්‍යවේදීන්ට අවබෝධ කරගත යුතුය. ඕස්ටේලියාව, තායිලන්තය වැනි ලොව ඇතැම් රටවල් විශ්වවිද්‍යාලවල මාධ්‍ය අධ්‍යාපනය සඳහා මේ ක්‍රමය දැන් ඉගැන්වීම අරඹා ඇත. අඩුම තරමේ බෞද්ධ රටවල මාධ්‍යවේදීන් හෝ මේ ක්‍රමය අනුගමනය කළ යුතුය .මෙහි දී මාධ්‍ය ආචාරධර්ම ඉතා වැදගත් වේ.
                 ජනමාධ්‍යයේ අරමුණ විය යුත්තේ අලෙවිය නොව ජනතා යහපතයි. එවිට ජනතාව ජනමාධ්‍ය සමඟ ඒකාත්මික වනු ඇත.මේ අනූව වර්තමානයේ ලංකාව තුල පුවත්පත් සිය වාර්තාකරනය කිරීමේදී මෙම ආචාරධර්ම පදනමකින් යුතුව කටයුතු කරනවාදැයි සොයා බැලිය යුතුය. ඒ අනූව මෑත කාලීන පුවත්පත් වාර්තාකිරීම් දෙස අවධානය යොමු කිරීමේදී මෙම ඉහතින් දැක්වූ ආචාරධර්මයන් උල්ලංඝනය කෙරෙන අවස්ථා  ඕනෑ තරම් හදුනාගත හැක.ඡායාරූප භාවිතයේ දී මෙය වඩා අයහපත් ලෙස බලපානු ලබයි.


   ආචාරධර්ම යනු

                 සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද ජනමාධ්‍ය හරහා වන වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ථ සමාජයට ප්‍රබල  ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ සමාජ සංවිධානයන්හි ගරුත්වය සමාජ ආර්ථික බිඳ දැමීම් ද සිදු කරයි. යම් රටක හෝ සමාජයක සමාජ වගකීම් රහිත මාධ්‍ය පවතින විට ජනතාව රැක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකීම් ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ.ආචාර ධර්ම සහ නීතිය යනු ප්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද ඒ දෙක අතර ප්‍රබල, වෙනසක් ද දක්නට ලැබේ. නෛතික තත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැත.
              ආචාරධර්ම යනු දර්ශනය මුල් කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. මෙය සදාචාරය සහ සාරධර්ම කායික, මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් බව ද පැහැදිලිය. ඒ අනුව මේ තුළින් සමාජ පද්ධතියක ස්වරූපයක් මෙන්ම මූලධර්මීය ලක්ෂණ ද ඉස්මතු වන බව පෙනේ. මෙම සාධක අනුව මෙහි සමාජ විද්‍යාත්මක කාරණා, මනෝ විද්‍යාත්මක කාරණා මෙන්ම ආගමික කාරණාවන් ද බද්ධ වී ඇති බැව පැහැලිය.
          ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණීය ,ක්ෂණය කි. එය අර්තවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයනට අනුව ය.ආචාර ධර්ම වන උපයෝතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්දර්භයනට ප්‍රවේශ වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවූවත් සමාජීය මිනිසකු වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කළ හැකි අයෙකි. සමාජයෙහි නියම ස්වරූපයන් හදුනා ගැනීමට නම් එම සමාජයෙහි සාමාජිකයෙකු බවට පත් විය යුතුය. මාධ්‍යවේදියා තුළ ගොඩ නැගෙන අසතුට සහ ඉච්ඡුා භංගත්වය, එම සමාජ සංසිද්ධීන් හදුනා ගැනීමේ ක්‍රමවේදයෙන් ඔහුව ඉවත් කරයි. ඔහු සමාජ පර්යේෂකයෙකි. ඔහු සතු වෘත්තීමය පුහුණුව, සමාජ පිළිබඳ විද්‍යාත්මක දැනුම සහ ඒ පිළිබඳ චින්තනමය හැකියාව, ආචාර ධර්මීය පදනම, සමාජ ප්‍රවර්ධනය සඳහා ඍණාත්මක හැසිරීම ආදිය වෘත්තීය මාධ්‍යවේදියා සාමාන්‍ය මාධ්‍යවේදියාගෙන් වෙන් කරනු ලබන සුවිශේෂී ලක්ෂණ වේ. වෘත්තික භාවය සහ ඒ පිළිබද ගැඹුරු දැනුම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි.
      ආචාර්ය ජෝන් මැනෝසි
         ”ආචාරධර්ම අපගේ මානුෂීය අත්දැකීම් වන පරම වටිනාකම් අතුරින් එකක් පිළිබඳව අධ්‍යයනය    කරනු ලබන්නකි.එනම් මනුෂ්‍යයා තුළ පවතින සාධූත්වය ක්‍රියා කිරීම නම් අංශය තුළින් පිළිබිිඹු කෙරෙන්නේ මේ අධ්‍යයනයන්ය.  

      -ආචාර්ය හෙන්රි සිප්වික්
           “ආචාරධර්මය සදාචාර නීති හෝ ප්‍රඥප්ති මෙහෙයුම් ගැන ගවේෂණය කරන අතර සමහර විට පරිපූර්ණ සාධාරණ ක්‍රියාවක ස්වභාවය සොයයි. මිනිසාගේ යහපත් භාවය සත්‍යමය යහපත හා එයට නියුක්ත වීමේ ක්‍රමය ගැන ගවේෂණය කරයි.“

         -විලියම්
        ආචාරධර්ම යනු මිනිසුන් ජීවත් වන කුඩා වූත් විශාල වූත් සමාජයන්හි හැසිරීම් පද්ධතීය නිගමනය කරන විද්‍යාවකි. එමගින් හොඳ හෝ නරක නිරවද්‍යතාව හෝ සාවද්‍යතාව යනා දී මූලික සාධක වන විනිශ්චයක් දෙනු ලබයි.
මේ ආදී සෙසු බොහෝ විද්වතුන් විසින් ආචාරධර්ම පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට තිබේ.
            ඒ අනුව ආචාර ධර්ම යන්න සරලව හැදින්වීමේදි එය පුද්ගලයෙකු හෝ සමාජය පාලනය කරනු ලබන එක්තරා රෙගුලාසි පද්ධතියක් බව කිව යුතුය. එය සාම්ප්‍රදායික සමාජයේ සිට අද දක්වා ක්‍රමිකව ව්‍යාප්ත වූවකි. ඒ අනුව අතීතයේ පැවති ආචාරධර්ම හා බැදුණු අංග  ලෙසට
                    ■ තහංචි සංකල්පය
                    ■ වාරණය
                    ■ සදාචාරය පිළිබඳ විද්‍යාව
                    ■ යුක්තිය අයුක්තිය හෝ හොද නරක පිළිබඳව පැහැදිලි කිරීම
                    ■ ඇරිස්ටෝටල්ගේ ආචාරධර්ම

                 මේ ආදි වශයෙන් එය දැක්විය හැක. ආචාරධර්ම සමාජයෙන් සමාජයට වෙනස් වේ.එය සමාජයට අනුව  ආගමට අනුව  අවස්ථාවට අනුව ආදී වශයෙන් වෙනස් වේ. ඒවාට අනුව එකඟතා මත මිනිසා බැදීම් ඇති කරගෙන සිටී. මෙසේ නීතිය ස්ථාවර නමුත් ආචාරධර්ම එසේ නොවන බව පැහැදිලි වේ.

                                මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය හැදෑරීමට අවශ්‍ය මූලධර්ම හතරක් පිළිබඳව සාකච්ඡාවට භාජනය කළ හැකි ය.
                    ■ ස්‍යවාදී බව
                    ■ නිදහස
                    ■ හානිය අවම කිරීම
                    ■ වගකිව යුතු බව යනා දී වශයෙනි.       
      මාධ්‍ය යනු ජනතාව වෙත තොරතුරු, අදහස් හා දැනුම සම්ප්‍රේෂණය හෙවත් සන්නිවේදනය කරන මාර්ගය යි.අතීතයේ සිට වර්තමානය දෙස බලන කළ විවිධ මාධ්‍ය දැකිය හැකි ය. එ වැනි මාධ්‍ය ලෙස
                 
                    ■ මුද්‍රිත මාධ්‍ය
                    ■ විද්‍යුත් මාධ්‍ය
                    ■ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය
                    ■ නව මාධයන් පෙන්වා දිය හැකි ය
                   
                ඉහත සඳහන් වන සියලූ ම මාධ්‍ය මගින් ග්‍රාහකස්ථානය කරා විවිධ අයුරින් තොරතුරු සම්ප්‍රේෂණය කරන ආකාරයක් දැකිය හැකි ය. ඒ අනුව ජනමාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරනු ලබන නොයෙකුත් සංදේශයන් නොයකුත් රුචි අරුචිකම් සහිත ග්‍රාහක පිරිසක් තම අවශ්‍යතා සපුරා ගනු වස් පරිහරණය කරන බැවින් මාධ්‍යයන්ගේ අරමුණ ද විවිධාකාර වේ.එම නිසා ජනමාධ්‍යවේදීන් ජනතාව වෙත ගෙන යන ප්‍රවෘත්ති වාර්තා හා විශේෂන් අංවක භාවය හා ස්‍යවාදී භාවය ඉතා වැදගත් වේ. මේ නිසා වෘතිතීය ජනමධ්‍යකලාවේදීන් ඉතාමත් වැදගත් සාධක දෙකක් ඔස්සේ තම කර්තව්‍යය සිදු කළ යුතු ය.
                        පණිවුඩයේ විශ්වසනීයත්වය
                        මුලාශ්‍රයේ විශ්වසනීයත්වය
                      යන සාධක දෙක කෙරෙහි අවධානය යොමු කරමින් ය.
                   තව ද ප්‍රවෘත්තියක, වර්තාවක හා විශේෂාංගයක් විශ්වසනීයත්වය පාඨකයා තුළ ඇති කිරීමට නම් එය නිවැරදි සත්‍ය සිදුවීමක් විය යුතු ය. එලෙස ම එම නිර්මාණය හෝ ප්‍රවෘත්තීය හෝ වාර්තාව මෙන් ම විශේෂාංගය සමස්ථ වශයෙන් සමබර හා පැහැදිලි බවකින් යුක්ත විය යුතු ය. එවිට විශ්වසනීය තොරතුරක්, දැනුමක්, අධ්‍යාපනයක් තමන්ට ලැබෙන්නේ යැයි ග්‍රාහකයට තෘප්තිමත් විය හැකි ය. එමෙන් ම මාධ්‍යවේදියා සෑම අවස්ථාවක දී ම ස්‍යය දේවත්වයෙහි ලා සැලකිය යුතු ය. එ මෙන් ම ජනමාධ්‍යයන්ගෙන් ප්‍රතිලාභ ලබන්නන් වන ජනතාව වෙත තම යුතුකම හරි හැටි ඉටු කළ යුතු ය. ජාතික ආරක්ෂාව හෝ වෙනයම් නීතිමය තත්වයක් ආරක්ෂා කළ යුතු ය. තව ද ජනමාධ්‍ය විසින් සෑම විට ම
                        ■ ආරක්ෂකයෙකු වශයෙන්
                        ■ මණ්ඩපයක් වශයෙන්
                        ■ ගුරුවරයෙකු වශයෙන් සිටිමින් තමා සතු වගකීම ග්‍රාහකයා වෙනුවෙන් විධිමත් ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු ය.නමුත් නුතනය වනවිට ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය දෙස බැලූ කල ඒ ඉටු වන්නා වූ සමාජ වගකීම් පිළිබඳ ව විවිධ වූ ගැටලූකාරී තත්වයන් මතු ව ඇති ආකාරයක් දැකිය හැකි ය.එ වන් සමාජ වගකීම් විරහිත ගැටුම්කාරී තත්වයන් පිළිබඳ කතා කිරීමේ දී පෙනී යන්නේ මුල් අවධියේ දී මුර බල්ලන් ලෙස ක්‍රියා කළ මාධ්‍ය අද වන විට ඔඩොක්කු බල්ලන් ලෙස පහතට වැටි ඇති ආකාරය යි.
                           
                          වෙබ් ජනමාධ්‍යවේදය යන්න සම්පූර්ණයෙන්ම මාර්ගගතව,අන්තර්ජාලයෙහි ලෝක ව්‍යාප්ත ජාලය තුළින් පාඨ, ඡායාරූප, ශබ්ද ගොනු සහ වීඩියෝ යනාදිය මහජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම අරමුණු කරගනිමින්, තනි පුද්ගල හෝ සාමුහික පිරිසකගේ භාවිතය හරහා  සිදුකෙරෙන සන්නිවේදන ක්‍රියාවලියක් වශයෙන් අර්ථ නිරූපනය කෙරෙනු ලැබේ.අතීතයේ සිට ප්‍රවෘත්ති, කාලීන සිදුවීම්, වෙනත් දැනුම සහ තොරතුරු ජනතාවවෙත සම්ප්‍රේෂණ කරන ලද්දේ මුද්‍රිත මාධ්‍ය සහවිද්්‍යුත් මාධ්‍ය මඟිනි. එහෙත් අද වන විට එම කාර්ය සිදු කිරීමේ වඩාත් ප්‍රචලිත ක්‍රමය වී ඇත්තේ තාක්ෂණය හා මුසුව සයිබර් අවකාශය ඔස්සේ දැනුම සහ තොරතුරු ලබා දීමයි. මෙය විද්්‍යුත් පුවත්පත ලෙසද හඳුන්වාදිය හැකිය.මෙම වෙබ් ආචාරධර්ම සංග්‍රහය මුද්‍රිත, විද්්‍යුත් හෝ වෙබ් යනාදී ඕනෑම මාධ්‍යක්‍රියාවලියක ආචාරධර්ම මූලික කරගත් භාවිතය සහතික කරන්නා වූ ප්‍රධානතම උපකල්පනය පදනම් කරගෙන ගොඩනැගී ඇත.මහජනතාව වෙනුවෙන් සත්‍යය නිරාවරණය කිරීම සහ තමන් වටා ගොඩනැගෙන්නාවූ සිදුවීම් පිළිබඳව, අදාළසිදුවීම්වලින ්ඔහුට/ඇයට ඇතිවියහැකි බලපෑම පිළිබඳව සහ ගුණාත්මක ජීවන පැවැත්මක සාමුහික සන්දර්භය වන ඔහු/ඇය ජීවත්වන සමාජයට එවැනි සිදුවීම්වලින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සැබෑතොරතුරු දැනගැනීම පිණිස මහජනතාවට අවකාශය සැලසීම ඉහත කී ඕනෑම ජනමාධ්‍යයක කාර්යභාරය වේ යන්න එකී උපකල්පනයයි.
               
              වෙබ් මාධ්‍යවේදය සඳහා වන ආචාරධර්ම සංග්‍රහය වෙබ් මාධ්‍යආචාරධර්ම යනුවෙන් ව්‍යවහාර කෙරෙ.
          වෙබ් මාධ්‍යආචාරධර්ම වෙත අනුකූල වීමේ මූලික වගකීම වෙබ්අඩවි සහ සියලු ආකාරලිපි, විශේෂාංග, ප්‍රවෘත්ති,තොරතුරු, ජායාරූප, හඬ පට සහ වීඩියෝ යන මේවා සපයන සියලුම පුද්ගලයන් වෙත පැවරේ.එසේම එවැනි ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන සහ සමූහයන් වෙතද, කාලීන සහ ඇතිවන්නාවූ සිදුවීම් සම්බන්ධයෙන් මහජන අවබෝධය ඇතිකිරීම, සංවාදයන් ගොඩනැගීම සහ ඒවා පිළිබඳ තොරතුරු, දැනුම හා ප්‍රවෘත්ති බෙදාහැරීම සිය මූලික අරමුණ කරගත් ප්‍රවෘත්තිමය වෙබ් අඩවි ද මෙම ආචාරධර්ම වෙත අනුකූල විීමට එකසේ වගකීම් දරනු ලැබේ. එසේමදෙන ලද ඕනෑමඅවස්ථාවක එවැනි වෙබ් අඩවිවල පවතිනතොරතුරු සම්බන්ධයෙන් ඒවායේ නීතිමය හිමිකාරීත්වය දරන්නන්,කතෘවරු සහ/හෝ එවැනි වෙබ් අඩවිවල පරිපාලක කාර්යය සිදුකරන්නන් විසින් මුළුමනින්ම වගකිව යුතුය. එවැනි වෙබ් අඩවියක් වෙත තම නමින් යුතුව එක්කරන්නාවූ ඕනෑම ආකාරයක අන්තර්ගතයක් සම්බන්ධයෙන් වන වගකීම අදාළ මාධ්‍යයෙහි සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා හිමිකරු යන මේ අයවිසින් ද දැරිය යුතුවේ.
              නමුත් අදවන විට එය වෙනස් වී ඇත.සේයා දැරියගේ ඝාතනයේ දී මෙම වගකීම පැහැර ඇත.

3 කොටසට අනුව  තොරතුරු සහ ප්‍රවෘත්ති වාර්තාකරණය කරන්නේ කෙසේ ද යන්න පැහැදිලිව දක්වා ඇත.

               ඉලෙක්ට්‍රෝනික සහ මුද්‍රිත යන දෙයාකාරයේම මාධ්‍ය සමග සන්සන්දනාත්මකව බලන කළ වෙබ් ප්‍රවේශයන් හරහා තොරතුරු වාර්තා කිරීම යනු අසාමාන්‍ය තරමේ වේගයකින් යුත් කාර්යක්ය යන්නපොදුවේ පිළිගැනේ.එලෙසින්ම භූගෝලීය දේශසීමා බාධක ඉක්මවා යන්නටත් එතැනින්ද නොනැවතී උසස් තාක්ෂණික ක්‍රියාදාමයන් හරහා සිය අදාළත්වය ඉහළ නංවාගන්නටත් සමත්වූ සන්නිවේදන ව්‍යූහයන්ගෙන් සමන්විතව විශ්ව ගම්මානයක් බවට පත්වූ ලෝකය තුළ වඩාත් වේගයෙන් සහ සියල්ලන්ටම ප්‍රථමයෙන් තොරතුරු සහ ප්‍රවෘත්ති ලබාදෙන්නා බවට පත්වීමේ තරගයක්ද ජනමාධ්‍ය ආයතන අතර සහ ඒවා අභ්‍යන්තරයෙහි ගොඩනැංවී ඇත. ෆෙස්බුක් යුටියුබ් සහ ට්විටර් වැනි සෙසුසමාජ මාධ්‍ය භාවිත කරමින් සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා පුළුල් පැතිරීමක් අත්පත් කරගැනීමේ අමතර හැකියාව ද වෙබ් ජනමාධ්‍ය සතුව ඇත. වෙබ් මාධ්‍ය සතු මෙම ගුණාංග මතින් නිර්මාණය කෙරෙනුයේ කිසියම් අන්තර්ගතයක් වෙබ් මාධ්‍යයක්  වෙත එක් කරන ඕනෑම ජනමාධ්‍යවේදියෙකුගේ පාලනයෙන් ගිලිහී යාහැකි ආකාරයේ තත්ත්වයකි. වෙබ්මාධ්‍ය භාවිතය තුළ මෙතරම් තරගකාරී සහ පාලනය කළ නොහැකි තරම් වේගයෙන් වෙනස්වෙන සුළු ස්වභාවයක් පවතින බව සත්‍ය වුවද ස්වඅභිමතය පරිදි අන්තර්ජාලයේ සැරිසරන්නන් වන සමාජය සහමහජනතාව වෙත වෙබ් ජනමාධ්‍යවේදීන්/වේදිනියන් විසින් දැරිය යුතු  වගකීම අඩුවීමට එකී ස්වභාවය හේතුවන බවක් එයින් අදහස් නොවේ.  වෙබ් මාධ්‍ය වෙත එක් කෙරෙනු ලබන අන්තර්ගතයන් ඕනෑම අවස්ථාවක අනපේක්ෂිත තරම් පැතිර යාහැකි වීමේ ගුණය යනු වෙබ් ජනමාධ්‍යවේදීන්/ වේදිනියන්ට තම තමන්ගේ වෙබ් අඩවි තුළ ප්‍රකාශ කරනු ලබන කාරණා සම්බන්ධයෙන් වඩාත් බරපතල ලෙස සිතන්නටත්  වගකීම ගන්නටත් හේතුවක්මය.වෙබ් මාධ්‍ය භාවිතයෙහි නියැලීම සිදුවිය යුත්තේ මෙකී සියලු කාරණයන්නිසි අවධානයට ලක්කිරීමෙන් අනතුරුවය.

3.1. ප්‍රවෘත්ති සහ තොරතුරු එක්රැස්කිරීම.

                    නව තොරතුරු,ප්‍රවෘත්ති, විශේෂාංග හෝ තොරතුරු මුලාශ්‍ර යන මේවා පුද්ගලයෙකුගෙන් සමූහයකින් හෝ සංවිධානයකින් ලබා ගැනීමේබලාපොරොත්තුවෙන් කිසිදු වෙබ් ජනමාධ්‍යවේදියෙකු/වේදිනියක යම් පුද්ගලයෙකුගේ සමූහයකගේ හෝ ආයතනයක කීර්තිනාමය පළුඳුකරන්නේ යැයි ඔවුනට බිය ඇතිකිරීම බලකිරීම හෝ යම්කිසි ආකාරයකතර්ජනයන් සිදුකිරීම යන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවිය යුතුය.

        කිසියම් තොරතුරක් හෝ ප්‍රවෘත්තියක් හෝ සපයන ලද මූලාශ්‍රමය පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හෙළිකිරීමෙන් එම පුද්ගලයාට සෘජු  හෝ වක්‍රව හානියක් ඇති නොවන අවස්ථාවක දී ද ඔහුගේ/ඇයගේ පවුලට, එයින් ඔහුගෙන්/ඇයගෙන් යැපෙන්නන්ට, සමීප පුද්ගලයන්ට හෝ වෘත්තීයමය සගයනට යන මේ අයට හානියක් ඇති නොවන්නාවූ අවස්ථාවකදී ද, සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි අදාළ මූලාශ්‍රගත පුද්ගලයා විසින් විශේෂයෙන් ඉල්ලීමක් කර නොමැති අවස්ථාවකදී ද යන මෙම සියලු අවස්ථාවන්හිදී පළ කෙරෙන තොරතුර හෝ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මූලාශ්‍රය කවරක් ද යනවග දැක්විය යුතුය. සේයා දැරියගේ ඝාතනය සම්බන්දයෙන් මෙම වගකීම ඉටු කර නොමැති ආකාරයක් දැකිය හැකිය.ඇයගේ නම මෙන්ම එයට සම්බන්ධ පාසල් දරුවාට මෙන්ම පවුලට  සම්බන්ධ තොරතුරු හානියක් ඇති වන පරිදි මුදාහැරිම සිදු කරන ලදී.
           උදා÷ මේ රටේ එක පුවත්පතක් එක මඟක යද්දී තවත් පුවත්පතක් ගමන් කරන්නේ තවත් මඟකය. එක රූපවාහිනී නාළිකාවක් යම් දෙයක් පිළිබඳ පවසන මතයට වඩා වෙනස් මතයක් ගොඩනැගෙන අයුරින් අනෙක් නාළිකාව ඒ පුවතම වාර්තා කරයි. මේ මාධ්‍ය ආයතනවල භේදය මුදල් උපයාගැනීම සඳහාය. ඝාතන මෙන්ම දුෂණද එසේමය‘එහෙත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා ගැතිකම වැඩි බවක් පෙනේ.
            අන්තර්ජාලය අද ඕනෑම කෙනකුට අදහස් ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ලෙස විවෘත වී ඇති බැවින් කිසිදු සීමාවකින් තොරව තම අදහස් එහි පළ කිරීමට බොහෝ දෙන සූදානම් වී සිටිති. මෙය නිදහසයැයි ඇතැමුන් සිතුවද, එය ප්‍රවෘත්ති පළ කිරීමේ නිදහස යනු එය නොවේ. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සුදුසු දේ තෝරා-බේරා සුදුසු අයුරින් ඉදිරිපත් කිරීම ඒ පුද්ගලයා සතු දැනුම හා ඥානය හඳුනාගැනීමේ මඟකි.
           වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්වය ඉතාම අයහපත්ය ‘පුවත්පත් මෙන්ම වෙබ් මාධ්‍ය ආචාර ධර්මද කඩ කරමින් ක්‍රියා කරන ආකාරයක් දැකිය හැකිය‘විශේෂයෙන්ම ජායාරූපප, කිරිමේ දී මෙම  ආචාර ධර්මද කඩ කිරිම ප්‍රබලව සිදු වේ. බොහෝමයක වේබ් අඩවි තුළ මෙම තත්වය දැකිය හැකිය.
                           මෙහිදී මිය ගිය පුද්ගලයන්ගේ ශරීර පෙන්විම තුළ මාධ්‍ය ආචාර ධර්මද අමු අමුවේ උල්ලංගණය කර ඇති ආකරයක් දැකිය හැකිය. මෙලෙස ආචාර ධර්ම කඩ වු ප්‍රබල අවස්තාවක් ලෙස 2015 සැප්තැම්බර් 13 මිය ගිය කොටදෙණියාවේ  සේයා සදෙව්මි දැරියගේ මිය යාම හදුනාගත   හැක.කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන අභිරහස පසුගිය 2015 වසරේ මෙරට සමාජයේ දැඩි අවධානයකට ලක් වූ සිදුවීමකි.   කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය අතුරුදන් වන්නේ, 2015 සැප්තැම්බර් 11 වන දා ය.දින 2කට පසු හෙළි වූයේ, දැරිය දූෂණය කොට ගෙල සිට කර මරා දමා ඇති බව ය.මේහිදී සෑම මාධ්‍යක් පාහේම ඉක්මනින් තොරතුරු ලබා දීමට වඩා තවා ප්‍රසිද්ධියට පත් වීම අරමුණු කොටගනිමින් ඒ හා සම්බන්ධ ජායාරූප වේගයෙන් මෙන්ම අචාර ධර්ම කඩ කරමින් ව්‍යාප්ත කරන ලදී. මෙය වඩාත් වේබ් මාධ්‍ය තුළින් සිදුවිය.  ඝාතනය සම්බන්ධව 2015 සැප්තැම්බර් 25 හිරු වේබ් අඩවිය හරහා එම දැරියගේ නිරුවත් පින්තුර අදාළ ඊට අදාළ බොහෝමයක් තෙරතුරු ඉදිරිපත් කළේ රට තුළ ගැටලුකාරී වාතාවරණයක් ගොඩ නඟමිණි. වෙබ්  ආචාරධර්ම සංග්‍රයේ  අනුව මෙය ආචාරධර්ම කඩ කිරීමකි.
 
              සේයා ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සැකපිට මුලින් ම අත්අඩංගුවට ගනු ලැබුවේ, අසල්වැසියන් වන 17 හැවිරිදි පාසල් සිසුවෙක් සහ 35 හැවිරිදි පුද්ගලයෙකි.පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැදිලි කළ පොලීසිය පැවසුවේ ඔහු සතු ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය විඩියෝ දර්ශන තිබීම සහ සේයාගේ ඡායාරූපයක් එම ලැප්ටොප් පරිගණකයේ තිබීම ත් පාදක කර ගනිමින් එම සිසුවා අත්අඩංගුවට ගත් බව ය. දැරියගේ නම සහ ඡායාරූප පළ කිරීම බරපතළ වරදකි. විවිධ අවස්තාව, ගනු ලැබූ දැරියගේ ඡායාරූප තවමත් පළකරනු පෙනේ‘ සිනමා නිළියකගේ රංගන ජීවිතයේ අවස්තා දක්වන්නාක් මෙන් ජනමාධ්‍යවේදීන් මෙසේ ඡායාරූප පළකිරීම අශිෂ්ඨ ක්‍රියාවකි. එමෙන්ම අපයෝජනය පිළිබඳ හැඟීම් දනවන සුළු අනුවේදනීය තත්ත්වයකින් වාර්තා කිරීම බලවත් වරදකි. සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ යොවුන් සිසුවකුගේ සියලු පුද්ගලික තොරතුරු ද ජනමාධ්‍ය වාර්තා කළේය. ඔහු නිවැරැදිකරු වුවහොත්” නිදහස් වූ පසුව සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? යන්න පිළිබඳ හැඟීමක් ජනමාධ්‍යවේදීන්ට නොවීය‘ සැකකරුගේ පරිගණකයෙහි අසභ්‍ය ඡායාරූප තිබී අතැයි බොහෝ මාධ්‍ය වාර්තා කළේ බරපතළ සොයා ගැනීමක් පරිද්දෙනි. ඒ මොහොතෙහි එම මාධ්‍යවේදීන් සියලු දෙනා ද ඇතුළත්ව මුළු රටම සභ්‍ය බවට පත් වී අර සිසුවා අසභ්‍ය බවට පත් කරන ලදී. ලිංගික කුතුහලය වැඩෙන අවධියෙහි පසුවන්නකු එබදු ඡායාරූප ගබඩා කරගෙන තිබීම පුදුම විය යුතු දෙයක්ද? යෞවනයන් පමණක් නොව වැඩිහිටියන් සතුව ද මෙබදු ඡායාරූප සහ ඩී.වී.ඩී. තැටි තිබිය හැකිය. අන්තර්ජාලය පරිහරණය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරය ලිංගික දර්ශන සොයා සැරිසරන බව ප්‍රකට කරුණකී.

                ඕනෑම ආකාරයකතොරතුරක්,ප්‍රවෘත්තියක් හෝ ප්‍රවෘත්තිමයවිශේෂාංගයක්, ඡායාරුප ද ඇතුළුව මහජනතාවට ප්‍රවේශ විය හැකි පරිදිප්‍රකාශ කෙරෙන අවස්ථාවක එය සිදුකළ යුත්තේ අදාළ පළකිරීමෙහි අන්තර්ගතයෙහි නිරවද්‍යතාවය පිළිබඳ විවිධ කෝණයන්ගෙන් සලකාබැලීමෙන් අනතුරුවය. යම්හෙයකින් එවැනි සලකාබැලීමක් කළ නොහැකි අවස්ථාවක් පැමිණියේ නම් එහිදී අදාළ වෙබ් මාධ්‍යයෙහි සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා /හෝ හිමිකරු යන මේ අය අතරින් යමෙක් අදාළ අන්තර්ගතයෙහි මූලාශ්‍රයේ වලංගුභාවය පිළිබඳ සහතික වියයුතු අතර පළ කෙරෙන්නේ  කවරක්ද එය පිළිබඳ පූර්ණ වගකීම ද දැරිය යුතු බව 3.1.2. සඳහන් වේ.
                 
                 3.2.ට අනුව දෝෂ, අඩුපාඩු සහ නිවැරදිකිරීම් පිළිබඳ දක්වා තිබුණ ද එය ක්‍රියාත්මක නොකරයි.මහජනතාවට ප්‍රවේශ වියහැකි පරිදි ප්‍රසිද්ධ කරන ලද කිසියම් අන්තර්ගතයකයම් දෝෂයක් හෝ අඩුපාඩුවක් දුටුවේද, මුල් පළකිරීම නැවත සකස්කරනු වෙනුවට පරිශීලකයන්ගේ අවධානයට යොමුවන පරිදි, අදාළ වරදසම්බන්ධයෙන් පරිශීලකයන්ගෙන් සමාව ඉල්ලා සිටීමේ නිවේදනයක් ද සහිතව, දෙවැනි අන්තර්ගතයක් පළකරන්නට වහාම කටයුතු කරන්නට ද වෙබ් මාධ්‍යයෙහි සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා/හෝ පරිපාලකවරයායන මේ අය අතරින් යමෙක් කටයුතු කළ යුතුය. පළකිරීමක වන කිසියම්දෝෂයක් හෝ අඩුපාඩුවක් නිවැරදිකිරීමෙහිලා ප්‍රථමයෙන් එවැනි වරදක් අනුව සිදුව ඇති බව ඉහත සඳහන් අය විසින් පිළිගැනීම අත්‍යවශ්‍ය වේ.
            නමුත් සේයා දැරියගේ ඡායරූප සම්බන්ධ මෙම වගකීම පැහැර හැර තිබේ.

           33.2.2. යම්කිසි දෝෂයක් හෝඅඩුපාඩුවක් සිදුවඇත්තේද, එම වරද අගතියට පත් යම් පාර්ශ්වයක් විසින් සංස්කාරකවරයා/ප්‍රකාශකවරයා/හෝපරිපාලකවරයා යන මේ අය අතරින් යමෙකුගේ අවධානයට ලක්කරන ලද අවස්ථාවෙක, එම වෙබ් මාධ්‍ය හරහාම තමන් වෙනුවෙන් කරුණුදැක්වීමට එකී අගතියට පත් පාර්ශවයට ඇති අයිතිය පිළිගන්නට ඔවුන් විසින් කටයුතු කළ යුතුය. එසේම එවැනිඅවස්ථාවක, මුල් පළකිරීම සඳහා දෙන ලද ප්‍රමුඛතාවයට එලෙසින්ම සමාන ප්‍රමුඛතාවයක් දෙමින් අගතියට පත් පාර්ශ්වයේ කරුණු දැක්වීමද ප්‍රසිද්ධ කරන්නට කටයුතු කළ යුතුය. නමුත් සේයා දැරියගේ සම්බන් ද ඡායරූප සම්බන්ධ මෙම වගකීම පැහැර හැර තිබේ.

          දාමරිකක්‍රියා කාරකම්, ප්‍රචණ්ඩ ක්‍රියා, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි, ක්‍රෑරත්වයන්, පරපීඩාකාම ක්‍රියාවන්, කාමය මුල්කරගත් දාමරිකකම්,ව්‍යාභිචාරයන්, ළමාඅපචාර සහ ළමයින්ට අශ්ලීලකම් පෑම වැනි සමාජය තුළ ප්‍රකම්පනයන් ජනිත කළ හැකි, හැඟීම් අතින් වේදනාකාරී හෝ එවැනි සිද්ධියකටගොදුරු වූ කිසියම් හෝ පුද්ගලයෙකුගේරහස්‍යත්වය හානි වියහැකි අවස්ථාවක තොරතුරු වාර්තාකිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එවැනි සිදුවීමක් ආශ්‍රිතව වාර්තාකරණයේ වගකීම් ජනතාව වෙත ඉටුවිය යුත්තේ කරුණු හෝ මත පළකිරීම්, ඡායාරූප පළකිරීම, සහ රූප සටහන් ආදිය පළකිරීම උචිත සංවේදීතාවයක් සහ රහස්‍යත්වයනඩත්තුවන පරිද්දෙන්ය.
                     වෙබ්සංස්කාරකවරයෙකු,ප්‍රකාශකවරයෙකු, පරිපාලකවරයෙකුහෝ ඕනෑම ආකාරයක වෙබ් ජනමාධ්‍යයක සේවයෙහි යෙදෙනජනමාධ්‍යවේදියෙකු/වේදිනියක යම් පුද්ගලයෙකුගේ ජනවර්ගය, ශරීර වර්ණය, ආගම, ස්ත්‍රී පුරුෂභාවය, ලිංගිකත්වය, ශාරීරික හෝ මානසික රෝගයක් හෝ අබලතාවයක් සම්බන්ධයෙන් අගතිගාමීව හෝ අවමන් සහගතව සඳහන්කිරීම නොකළ යුතුය. එසේම යමෙකුගේ ජනවර්ගය,කුලය, ලිංගික අනන්‍යතාවය, ශාරීරික හෝ මානසික රෝගයක් හෝඅබලතාවයක් යන මේ කිසිවක් සම්බන්ධයෙන් වාර්තා කරන ප්‍රවෘත්තියටහෝ විශේෂාංගයට සෘජුවම අදාළ වන අවස්ථාවක හැර අන් කිසිදු අවස්ථාවක සඳහන් නොකළ යුතුය.
          නමුත් නමුත් සේයා දැරිය සම්බන් ද ඡායරූප සම්බන්ධ මෙම වගකීම පැහැර හැර තිබේ.අදාළ සෑම දෙයක්ම සියුම්ව දක්වයි. කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක ඝාතනය කිරීම සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී සත්‍යගරුක බව මධ්‍යස්ත බව සහ පොදු යහපත මුළුමනින් ම නොසලකා හරින ලදී. දැරිය ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ ” කිසියම් හේතුවක් මත යටපත් වූයේ යැයි සිතමු. එසේ වූවා නම් සැඟවීමට උත්සාහ කරන තොරතුරු අනාවරණය කිරීමේ පර්යේෂණාත්මක වාර්තාකරණයක යෙදීමේ අවස්තාව මාධ්‍යවේදියාට ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් මෙහිදී පරීක්ෂණ සාමාන්‍ය පරිදි සිදුවිය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට යම් පුද්ගලයකු සැකකරු විය හැකි වූවත් මාධ්‍යවේදියාට ඔහු සැකකරුවකු විය යුතු නැත. මාධ්‍යවේදියා මෙහිදී සැකකරුවන්‍්ගේ පැටිකිරිය දිගහරිමින් පොලිසියේ භුමිකාව ද රඟපානු පෙනිණ. මෙය අශෝභන තත්ත්වයකි.17 හැවිරිදි සිසුවාගේ ඩී.එන්.ඒ. සාම්පල ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ආගන්තුක ඩී.එන්.ඒ. සමග නොගැළපීම හේතුවෙන් අධිකරණය සිසුවා නිදහස් කළේ ය.නිදහස් ලැබීමෙන් පසු මෙම ශිෂ්‍යයා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, පොලිස් පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.මෙම සිද්ධිය පිළිබඳව ගත් අවසන් නිගමනයක් තවමත් දැනගන්නට නොමැත.මේ අතර මෙම ශිෂ්‍යයාට සමාජය තුළ අවමන් විදින්නට හා අධ්‍යාපනය අතරමග අත්හැරීමට සිදුවිය‘මෙම පාසල් සිසුවාට අමතරව අත්අඩංගුවට ගත් කොණ්ඩයා නමැත්තෙකු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පොලීසිය  පෙන්වා දුන් අතර ඉන් පසුව අත්අඩංගුවට ගත් කොණ්ඩයාගේ සොයුරා මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව හෙළි විය.
             කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපරාධයකට ලක් කර ඝාතනයට ලක් කළ ආකාරය පිළිබඳව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කර තිබෙනවා. මෙම සැකකරු ගම්පහ - බෙම්මුල්ල - බදුලූවතුගොඩ ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගනු ලැබfුවිය. දැරිය ඝාතනය කළ බව සිය පාපොච්චාරණයේදී සැකකරු සඳහන් කර තිබෙනවා. දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සේයා සදෙව්මි දැරිය නිදා සිටි කාමරයේ ජනේලය විවෘත කර තිබුණත් එයින් පැනීමට නොහැකි නිසා නිවසේ ඉදිරිපස දොරින් ඇතුලූවූ බවයි ඔහු පාපොච්චාරණයේදී සඳහන් කර ඇත. දැරිය නිවස ආසන්නයෙන් රැගෙන යද්දී එක් කාමරයක විදුලි පහන් දැල්වී ඇති ආකාරය දුටු බවත් ඉන් එබිකම් කර එහි සිටින අය නින්දේ පසුවූ බව තහවුරු කරගත් බවත් සැකකරු පවසා තිබෙනවා. දැරියට අතවර කර ඝාතනය කිරීමෙන් පසු සැකකරු දැරියගේ සිරුර ඇළ අයිනේ සඟවා තබා ඉන්ගම්මාරුවේ පදිංචි ඔහුගේ සොහොයුරියකගේ නිවසට ගොස් තිබෙනවා පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා ”උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක් අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා” කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා  සේයා දියණිය ඝාතනය කොට  සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. සැකකරු කිසිදු අධ්‍යාපනයක් නොලබා වනචාරී ලෙස ජීවිතය ගත කර ඇත. ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාව සහෝදරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ. මොහු එම ප්‍රදේශයේ පොල් මෝලක සේවය කර ඇත.
සැකකරු එම නිවසේද පිටුපස අගුපිලක නිදාගෙන ඇත. නිවැසියන් අලුයම අවදි වී ඔහු ගැන සොයා බැලීමේදී එම ස්ථානයේ සිට නැති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.
රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස් අසලට ගොස් කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත.
         6. පුද්ගල සහ පෞද්ගලික රහස්‍යත්වය.
 යම්පුද්ගලයෙකුගේ රහස්‍යත්වයට කිසිදු හෝ ආකාරයකින් හානිවනආකාරයේ පාඨ, දෘස්‍ය මාධ්‍ය, සහ රූප සටහන් ආදිය භාවිත නොවියයුත්තේය.
     
          6.1.ළමයින් සහ බාලවයස්කරුවන් සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති හෝ විශේෂාංග වාර්තාකිරීමේදී පිළිගත් අචාරධර්ම පද්ධතියකටයටත්ව වෙබ් සංස්කාරකවරයෙකු, ප්‍රකාශකවරයෙකු, පරිපාලකවරයෙකු හෝ ඕනෑම ආකාරයක වෙබ් ජනමාධ්‍යයක සේවයෙහි යෙදෙන ජනමාධ්‍යවේදින් යන මේ සියල්ලන්ම අදාළ අනන්‍යතාවයන් හෙළිනොවන බවට උපරිමයෙන් වගබලාගත යුතුය.
              නමුත් සේයා දැරියගේ සිදුවීම සම්බන් ද මෙම වගකීම පැහැර හැර තිබේ.පාසල් දරුවා සම්බන්දව ද එසේමය.

                      මුද්‍රිත මාධ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් වගේ ම නව මාධ්‍යයන් යටතේ එන වෙබ් අඩවිවලටත් ආචාරධර්ම පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය වේ. පුවත්පත්වලට ද ආචාරධර්ම පද්ධතියක් තිබෙන අතර 2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය හා පුවත්පත් පැමිණිලි කොමිසම එක් වී එම ආචාරධර්ම නැවත සකස් කොට වෙබ් අඩවි පිළිබඳව ද ආචාරධර්ම ඇතුළත්  කර ඇත. වර්තමානයේ දී ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස් ද මාධ්‍යකරුවන් බවට පත් වී ඇත. ජනමාධ්‍යකරණයේ නියැලීම වෘත්තීය මාධ්‍යකරුවන්ට සීමාවූවක් පමණක් නො ව එය  ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි ක්‍රමවේදයක් වී ඇත.එය හේතු කොට ගෙන වෘත්තීය මාධ්‍යවේදීන්ට පමණක් නො ව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන  ඕනෑම පුරවැසියෙකුට ම මෙම ආචාරධර්ම සුරැකීමේ වගකීමක් ඇති බව පෙන්වා දිය හැකි ය.                                                   
                     තව ද 1994 පසු විද්‍යුත් මාධ්‍යකරණයේ පරිවර්තනිය වෙනසක් දක්නට ලැබෙන අතර රාජ්‍ය ඒකාධිකාරී මාධ්‍ය භාවිතයට පෞද්ගලික නාලිකා පැමිණීමත් සමග තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය පුළුල් ස්වභාවයක් මෙන් ම සංකීර්ණ ස්වභාවයක් ද ගෙන ඇති බව දක්නට ලැබේ.අද වන විට විද්‍යුත් හා මුද්‍රිත සහ නව මාධ්‍ය භාවිතයට වඩා සමාජ මාධ්‍ය භාවිතය සංකීර්ණ වී තිබෙන අතර එය සමාජ ජිවිතයට පමණක් නො ව පුද්ගල ජිවිතයට ද බලපෑම් කරන මට්ටමකට පැතිර ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.
                  වර්තමානයේ දී වෙබ් අඩවි බ්ලොග් අඩවි හෙළිදරව් කරන ඇතැම්  තොරතුරුවල නිවැරදි භාවය එහි කතෘත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් නිර්මාණය කර ඇත. ඇතැම් තොරතුරු සිද්ධීන්ට අදාළ පුද්ගලයන් පමණක් නො ව ඔහුගේ හෝ අයගේ සමීපතමයන්ට ද බලපෑම් කරන මට්ටමකට පත් ව තිබේ. තව ද අද වන විට පවතින තාක්ෂණික දියුණුවත් සමඟ ජනමාධ්‍යවේදීන් තුළ ස්වයං නියාමනයක් ඇති කිරීමට නම් අනිවාර්යයෙන්ම ආචරධර්ම පද්ධතියක අවශ්‍යතාව පවති. ජනමාධ්‍යවේදීන්ට ආචාරධර්මීය ගැටළු මතුවන අවස්තා කිහිපයක් මෙසේ සඳහන් කල හැකිය.
                 ■ අන්‍යන්ගේ ලිපි තමන්ගේ ලිපි ලෙස පළ කිරීම.
                 ■ තම පෞද්ගලික හැඟීම් මුසු කිරීම.
                 ■ දැනගත යුතු තොරතුරු අත් හිටුවීම.
                 ■ තොරතුරු ප්‍රකෘති කිරීම.
                 ■ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම.
                 ■ පක්ෂග්‍රාහි වාර්තාකරණයේ යෙදීම.
                   මෙවැනි හේතු ආචාරධර්ම සංග්‍රහය ගොඩ නැඟීමට හේතු විය. තව ද මානව සාරධර්ම සුරකමින් මෙම කාර්යයෙහි නිරත වීමට විද්වතුන් විසින් ආචරධර්ම ප්‍රභේද තුනක් යටතේ දක්වයි.
                 ■ පරම ආචරධර්ම -  සමස්තව පිළිගත් ආචාරධර්ම.
                 ■ නීති විරෝධි ආචරධර්ම -  නීතියට පටහැනි ආචාරධර්ම.
                 ■ අවස්තානුකූල ආචරධර්ම -  අවස්තාවට උචිත පරිදී වෙනස් කිරීම.
              තව ද මෙම ජනමාධ්‍ය ආචාරධර්ම භාවිතා කරන පුද්ගලයන් අනුව ද වෙනස් වේ. ඒ අනුව මාධ්‍ය පාරිභෝගිකයා සුරැකීම අරමුණු කරගත් ආචාරධර්ම ” මාධ්‍ය සේවකයින් අරමුණු කරගත් ආචාරධර්ම ” අයිතිකරුවන් අරමුණු කරගත් ආචාරධර්ම ” නීතිමය වගකීම අරමුණු කරගත් ආචාරධර්ම ” වශයෙන් එය දැක්විය හැක. ලොව ප්‍රකට මාධ්‍ය ආයතන වලට ද ආචාරධර්ම පද්ධතියක් ඇත.
                    නූතන මාධ්‍ය ක්ෂේත්‍රය දෙසට අවධානය යොමු කිරීමේදි මුලින් දක්වන ලද ආවාරධර්මීය ස්වභාවයන් කඩවන බවක් දක්නට ලැබේ.  එලෙස මෙම ජනමාධ්‍යය ආවාරධර්ම කඩවීම කෙරෙහි බලපානු ලබන හේතු සාධක ද ප්‍රබල වශයෙන් දක්නට ලැබේ. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් හතරක් ඔස්සේ  දැක්විය හැක.
                  ■ පක්ෂග්‍රාහි වාර්තාකරණය.
                  ■ පණිවුඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම.
                  ■ තොරතුරු විකෘතිකරණය
                  ■ භාවාතිශය වීම.
             
                    මෙහිදී පක්ෂග්‍රාහි වාර්තාකරණය යනු වාර්තාකරන සිදුවීම අර්ධ වශයෙන් ෂත්‍යයක් වීම ” මායවක් වීම ” අඩමුසාවක් වීම හෝ  හිතාමතාම ගොතන ලද බොරුවක් වීම දැක්විය හැක.  මෙහිදී සාකච්ඡාවට බදුන් වන්නේ ප්‍රස්තුත ප්‍රශ්නයේ එක් පැතිකඩක් පමණී.  තව ද ජනමාධ්‍යය ආයතන බොහෝමයක් ස්වාධීන නොමැත. එය නිතර හිමිකරුගේ හෝ හිතවත්කම් දක්වන දේශපාලන පක්ෂවල හෝ රජයේ රජයේ ඇඟිලි ගැසීම් වලට ලක් වේ.මේ හේතුවෙන් සමාජ ” දේශපාලනික ” ආර්ථිකමය ආදී වශයෙන් තමන්ට වාසිදායක වන අයුරින් හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම නිරතුරුව දක්නට ලැබේ.
              මෙය අහිතකර වේ. තොරතුරු විකෘතිකරණය ද මෙහිදි සිදුවන ප්‍රබල ගැටළුවකි. ජනමාධ්‍යය මඟින් විසුරුවා හරින තොරතුරු සමුදාය තුළට අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීමෙන් සිදු වේ. ජනතාව මෙම විකෘති තොරතුරු පිළිගෙන තම මතය ගොඩ නැඟීමට උත්සහ කරයි. මෙය අහිතකර තත්වයකි. ග්‍රාහකයින්ගේ කුතුහලය අවුස්සන හැඟීම්බර ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ද මෙය අහිතකර වේ. මේවා භාවාතිශය තොරතුරු වේ.මේ ආදි වු කරුණු හේතුවෙන් ජනමාධ්‍යය ආචාරධර්ම කඩවීම දක්නට ලැබේ. මේ හේතුවෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය මඟින් මෙම ආචාරධර්ම කඩවීම වැළැක්වීමට ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයක් ඉදිරිපත් කරන ලඳි.
                 ජනමාධ්‍යවේදයෙහි උසස්ම ප්‍රමිති පවත්වාගන්නා අතරම ශ්‍රී ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්” වගකීම් සහගත හා පාඨකරැප්‍රේක්ෂක වුවමනා සහ අපේක්ෂාවන්ටසංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය” වෙබ් අඩවි ඇතුළු   සියලූම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් පිළිපැදිය යුතුය.
                     මෙම ප්‍රමිතීන් මගින් විද්‍යුත්” මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් මාධ්‍ය නිදහසේ මූලික නියමයන්ට එරෙහි විකෘති වාණිජත්වයෙන් හෝ අයුතු පීඩනයෙන් හෝ පටු අභිමතාර්තයන්ගෙන් මිදුණු නිවැරදි බව හා සවෘත්තීය ඒකාබද්ධතාවය උදෙසා උත්සාහ දැරීමත්” මහජන සුභසිද්ධිය වෙනුවෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදයෙහි උසස් සම්ප්‍රදායන් පවත්වාගෙනයාමත් අපේක්ෂා කෙරේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය” වෙබ්  අඩවි ප්‍රකාශන මෙන්ම එහි මාධ්‍යවේදීන් හටද තමන්ගේම ප්‍රබල මත දැරීමට හා ප්‍රකාශ කිරීමට නිදහස ඇත. එසේම ඔවුන් අන් අයගේ අදහස්වලට නිසි අවධානය යොමු කිරීමේසමාජ වගකීම පිළිබිඹු කිරීමට ද වගබලා ගත යුතුය.
          මෙම ආචාරධර්ම සංග්‍රහය පුද්ගලිකභාවයේ අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා මහ ජනතාව සතු අයිතිය සුරැකීමට ස්ථාපනය කරන ලද්දකි. මෙය අකුරටම පිළිපැදීම සහ එහි ජීව ගුණයට ගරු කිරීම කළයුතු අතර” පුද්ගලිකත්වයේ අයිතීන් හෑල්ලූවට ලක්වන ආකාරයේ පටු අර්තකතනයන් දීමක් හෝ මහජන සුභසිද්ධිය සඳහා වන ප්‍රකාශන වැලැක්වීමේ පටු අර්තකතනයන් දීමක් කිසිවිටෙකත් සිදු නොකළ යුතුය.
               සන්නිවේදන අවශ්‍යතා සඳහා ජනමාධ්‍යය බිහිවීමෙන් පසු තොරතුරු මූලාශ්‍ර වල නිරවද්‍යභාවය හා ඉදිරිපත් කිරීමේ ක්‍රම උපායන් භාවිතා කරමින් මාධ්‍ය ආචාරධර්ම බිහිවිය. සෑම වෘත්තියකටම ආචාරධර්ම පද්ධතියක් ඇත.එම වෘත්තිය රඳා පවතිනුයේ ආචාරධර්ම මත පදනම් වෙමිනි. ජනමාධ්‍යයේ බලපෑම ප්‍රමාණාත්මකව වැඩි නිසා මෙම ක්ෂේත්‍රයට අඳාලව ආචාරධර්ම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව  ඕනෑම පුද්ගලයෙකුට ජනමාධ්‍යවේදියෙකු විය හැකි නිසාවෙනි.
              ජනමාධ්‍ය භාවිතාවන් සඳහා ආචාරධර්ම අවශ්‍ය වන්නේ ජනමාධ්‍යය සතු සමාජ වගකීම නිසි පරිදී ඉටුවනු සහතික කිරීම පිණිසය. ජනමාධ්‍යයේ සමාජ වගකීම ගොඩ නැගෙන්නේත් ජනමාධ්‍යවේදීන් ක්‍රියාවට නංවනු ලබන්නේත් මහජනයා සතු ප්‍රකාශනයේ හා භාෂණයේ අයිතියයි. ප්‍රකාශනයේ හා භාෂණයේ අයිතිය මිනිසා මිනිසෙකු වීම නිසා නිසඟයෙන්ම හිමිවන මූලීක මානව හිමිකමකි. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ද මහජනයා සතු වේ. ඒ කෙරෙහි ජනමාධය්‍ය සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලැබේ. ජනමාධය්‍යට මේ හේතුවෙන් ස්වකීය ප්‍රජාවට හා සමාජය කෙරෙහි වගකීමක බැඳී සිටී.
              ආචාරධර්ම පද්ධතියක පැවතිය යුතු මූලික ම ගුණාංගය වන්නේ පුද්ගලික භාවයේ අයිතිය යි. එය උල්ලංඝනය කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමෙන් පලක් නැත. ආචාරධර්ම පිළිබඳ කතිකාව මෙ තරම් පුළුල් වීමට හේතුවක් වී ඇත්තේ පෞද්ගලික භාවහේ අයිතිය සහ තොරතුරු ප්‍රකාශ කිරීමේ අයිතිය හේතුවෙනි. විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ ඇති සමාජ මාධ්‍ය ඉතා බරපතල ලෙස පෞද්ගලික භාවයේ අයිතිය උල්ලංඝනය කරන බවට චෝදනාවක් පවතියි. එ සේ ම තාක්ෂණයේ ඇත්තා වූ ඇති නවීනත්වය තුළ සම්ප්‍රධායික නීති අණපනත් හෝ වෙනත් ප්‍රතමික ක්‍රමවේදයන් මගින් තොරතුරු සන්නිවේදනය වීම ද වැලක්වීමට නො හැකි ය.
              මේ අයුරින් කිව හැක්කේ අන්තර්ජාලය තුළ පවතින විවිධ වෙබ් අඩවි තුළ ආචාරධර්ම පිළිපැදීම මෙන් ම කඩවීම පිළිබඳව ද අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත් බවයි. ජනමාධ්‍ය හා ප්‍රවෘතති අමාත්යංශය විසින් ඉදිරිපත් කර ඇති ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයෙහි හැඳින්වීමෙහි අනෙකුත් මාධ්‍යයන් ආචාරධර්මයන් පිළිපැදිය යුතු වනවා සේ ම වෙබ් අඩවි පවත්වාගෙන යාමේ දී ද ආචාරධර්මයන්ට එකඟව එය පවත්වාගෙන යා යුතු බව මෙ පරිදි සඳහන් කළ හැකි ය.
  ”ජනමධ්‍යවේදයෙහි උසස් ම ප්‍රමිති පවත්වාගන්නා අතර ම ශ්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්” වගකීම් සහගත හා පාඨක  ප්‍රේක්ෂක උවමනා සහ අපේක්ෂාවන්ට සංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය” වෙබ් අඩවි ඇතුළු සියලූ ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසන් පිළිපැදිය යුතු ය”.
                  මාධ්‍යවේදීන් ‘සවිඥානක මාධ්‍ය කලාවක‘ නිරත විය යුතුය. සවිඥානක මාධ්‍යවේදය යනු කල්පනාකාරි මාධ්‍යකරණයයි. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ‘මයින්ඞ්ෆුල් ජර්නලිසම්‘ යනුවෙනි. මුද්‍රිත මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම පෑන හසුරුවයි නම්, විද්යුත් මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම වචන හසුරුවයි නම් එතැන මාධ්‍ය සදාචාරය ඉබේම රැකෙනු ඇත. ගැටුමක නිමිත්ත ඉබේ මඟහැරෙනු ඇත.
           පුවත්පත් කලාවෙන් ඇරැඹුණු වර්තමාන මාධ්‍ය ලෝකය මේ වන විට ලොව පුරා අමුතුම ගමන්මඟක් ගෙන තිබේ. බටහිර මාධ්‍යවේදීන් බොහෝ දුරට මුල් තැන දෙන්නේ ගැටුම් හා සමීපත්වය මුල් කරගත් පුවත් සඳහාය. එයින් ගැටුම නාටකීය ස්වරූපයකින් ඉදිරිපත් කිරීම, ගැටුම උපකාරි කරගෙන කතාව නිර්මාණය කිරීම, අලුත්ම ප්‍රවණතාව බවට පත්ව තිබේ. මේ නිසා බොහෝ විට සිදු වන්නේ මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සීමයි.
           එහෙත් සැබැවින්ම මාධ්‍යයක වගකීම වන්නේ හෝ මාධ්‍ය ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වන්නේ ගැටුම් නොවේ. සාමාන්‍ය පුවත් ගැටුම් ඇති වන ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම යනු සමාජයට කරන අනවශ්‍ය බලපෑමකි. රටක ප්‍රවෘත්ති සැපැයෙන්නේ ගැටුම් නිසා නොවේ. එසේ වන්නේ යැයි සිතන්නේ නම් එය වැරැදි වැටහීමකි. සත්‍ය තත්ත්වය පුවත් සඳහා ගැටුම් අවශ්‍ය නැත යන්නය. ගැටුම් නිසා මිනිස්සු බෙදී යති. නිදසුනක් ලෙස ගත හොත් සිංහල සහ දෙමළ අය අතර ගැටුමක් ඇති වූ විට එය වාර්තා කෙර්. එයට මාධ්‍ය ඉතා උනන්දුය.
             එහෙත් ඔවුන්ගේ සමගිය පිළිබඳ ඇති ප්‍රවෘත්ති පළ කිරීමට ඒ උනන්දුව මාධ්‍ය දක්වන්නේ නැත. මෙයින් බෙදීමකට මිස සමගියකට සමාජය යොමු නොවේ. සැබැවින්ම ජනමාධ්‍යයට අවශ්‍ය නම් මේ රටේ මිනිසුන් අතර සමගිය වර්ධනය වන ආකාරයේ ප්‍රවෘත්ති පළ කිරීමට හැකිය. නිදසුනක් ලෙස හින්දු සහ බෞද්ධ ධර්මයන්ගේ සමානත්වය, සම්බන්ධතාව ඉස්මතු වන පුවත් කිසිම පුවත්පතක හෝ වෙනත් විද්යුත් මාධ්‍යයක ප්‍රචාරය වන්නේ නැත. භගවත් ගීතාව හා ධම්මපදය අතර ඇති සබඳතාව කිසිවෙක් කතා නොකරති. එහෙත් යාපනේ මිනිසුන් වැඩ වර්ජනයක් කිරීම හෝ දකුණේ මතු වන සුළු සිදුවීමක් ජනමාධ්‍යවල විශාල කතාවක් බවට පත් වෙ.
           
යොවුන් පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන නිසා ලිංගිකත්වය පිළිබඳ වැරැදි කාවැදීම් සහිත සමාජයක් නිර්මාණය වී තිබේ. ලංගිකත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීම භයානක යැයි හදුන්වන යති දෘෂ්ටිය හේතුවෙන් ලිංගික අපචාර වර්ධනය වීමේ ස්වභාවයක් පවතී. යති දෘෂ්ටිය අනුව සිතන ගැහැනුන් මැදිවිය ඉක්මවන්නටත් පෙර තම සැමියා සමඟ යහන්ගත වීම නවත්වා දමා පූජකවරුන් සහ බෝගස් වටේ යමින්” ඊළඟ ආත්මයෙහි හොඳ තැනක ඉපදීමට පින් දහම් කරති. වැඩිහිටි පිරිමියෝ දැරියන්ට ඉව අල්ලති. ලිංගික අපයෝජන සහ අනෙකුත් අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන ජනමාධ්‍යවේදියාට අපරාධවල පසුබිම්වන සමාජය අනාවරණය කිරීමේ දැක්මක් තිබිය යුතුය. අපරාධ තලුමරා වාර්තා කිරීම මාධ්‍ය කලාවේ ශික්ෂණයක් නොලැබීමේ ප්‍රතිපලයකි. මෙහිදී වැදගත් වන මූලික කරුණ වනුයේ ජනමාධ්‍ය ආචාරධර්මවලට අනුව කටයුතු කිරීම ය. ලොව සෑම මාධ්‍ය ආයතනයක් විසින් හදුනාගෙන ඇති ආචාර ධර්මවල ස්වභාවය අනුව සත්‍ය ගරුක වීම” මධ්‍යස්ත බව හා පොදු යහපත ප්‍රධාන වේ. විවිධත්වය” ඉවසීම සහ පිළිතුරු දීමේ අයිතිය යනාදී වශයෙන් මෙය දිගු වේ.
       
                                   
 අන්තර්ජාතික මාධ්‍ය හා සසඳන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ බොහෝ හඬනැඟීම්, උද්ඝෝෂණ ඇති බව පෙනේ. එහෙත් එයින් පුවත්පත් හෝ විද්යුත් මාධ්‍යවලට අදාළ කාරණා ප්‍රතිඵල ලෙස ලැබෙන බවක් නැත. ජන පටු අරමුණුවලින් ඉවත්ව මහජන සුබ සිද්ධිය සඳහා කටයුතු කරන්නේ නම් ජනමාධ්‍ය  සඳහා වෙනම සැකැසූ විශේෂ ආචාරධර්ම පද්ධතියක් අවශ්‍ය නොවේ. කල්පනාකාරීව තමන්ගේ වෘත්තිය ඉටු කරන්නේ නම් මාධ්‍ය සදාචාරය නිතැතින්ම රැකෙනු ඇත. තමන් මුදාහරින දෙය නිසා සිදු වන්නේ කුමක්ද යන්න නොසොයා නොබලා කටයුතු කිරීම නිසා බොහෝ අවස්ථාවල ගැටලු මතු වේ. එහෙත් යහපත් සිහියෙන්, යහපත් දැක්මකින් යුතුව මේ යහපත් ලෙස මාධ්‍යවේදීන් තම වෘත්තියේ යෙදෙන්නේ නම් ඕපාදූප වැනි ප්‍රවෘත්ති පළ වීමෙන් ගැටලු ඇති වන්නේ නැත.. එනම් මාධ්‍යවේදීන් ‘සවිඥානක මාධ්‍ය කලාවක‘ නිරත විය යුතු බවය. සවිඥානක මාධ්‍යවේදය යනු කල්පනාකාරී මාධ්‍යකරණයයි. මුද්‍රිත මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම පෑන හසුරුවයි නම්, විද්යුත් මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම වචන හසුරුවයි නම් එතැන මාධ්‍ය සදාචාරය ඉබේම රැකෙනු ඇත. ගැටුමක නිමිත්ත ඉබේ මඟහැරෙනු ඇත. ජනතාවට තණ්හාව, උපාදානය ඇති කරන පරිදි ආවේගශීලි වන පරිදි පුවත් සැකැසීම හා ඉදිරිපත් කිරීම මාධ්‍යවේදය හෝ මාධ්‍ය ආයතනයක වගකීම හෝ නොවේ.
ජනමාධ්‍යයේ අරමුණ විය යුත්තේ අලෙවිය නොව ජනතා යහපතයි. එවිට ජනතාව ජනමාධ්‍ය සමඟ ඒකාත්මික වනු ඇත.
 මේ අනූව වර්තමානයේ ලංකාව තුල පුවත්පත් සිය වාර්තාකරනය කිරීමේදී මෙම ආචාරධර්ම පදනමකින් යුතුව කටයුතු කරනවාදැයි සොයා බැලිය යුතුය. ඒ අනූව මෑත කාලීන පුවත්පත් වාර්තාකිරීම් දෙස අවධානය යොමු කිරීමේදී මෙම ඉහතින් දැක්වූ ආචාරධර්මයන් උල්ලංඝනය කෙරෙන අවස්ථා  ඕනෑ තරම් හදුනාගත හැක.


No comments:

Post a Comment

Portrait