Friday, June 21, 2019

සතුට සාර්ථකත්වයේ දොරටුවයි

                        
                        මිනිසා ස්වභාවදහමේ අපූරු නිර්මාණයකී.අනෙකුත් සතුන්ගෙන් වෙනස් වන්නේ මිනිසාට ඉහළ බුද්ධියක් හා දේවල් ලබා ගැනීමට,ගොඩ නඟා ගැනීමට ඇති අපූරු හැකියාව නිසාවෙනී.යම් කෙනෙකුගේ සිතෙහි සතුටක් ඇත්නම් එය ජීවිතේ සාර්ථකත්වයට නිතැතින් ඉවහල් වේ.නමත් සතුට ඔහේ ලැබෙන දෙයක් නොවේ.එය අප විසින් ජීවිතයට එකතු කළ යුතු දෙයකී.මෙය ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පුරුදු කළ යුතු දෙයකී.
             සතුට මිනිසාව පසුතැවිල්ලට පත්වීමට ඇති ඉඩකඩ යටපත් කරයි.මියගිය අතීතය ගැන හෝ නූපන් හෙට දිනය ගැන සිතමින් කෙතරම් පිරිසක් පීඩාවට දුකට පත්වන්නේද?කෙතරම් අසහනකාරී ලෙස ජීවත් වන්නේද?එළඹ ඇති අද දවස සැලසුම් කරන්නේද කිසිදු විටක් විශ්වාස නොතැබිය හැකි හෙටක් ගැන සිතමිණී.මේ අතර තරුණ පිරිස කෙතරම් සිටීද?කෙසේනම් සාර්ථක වෙන්නද?අනාගත සාර්ථකත්වයේ අරමුණින් වටිනා අද දවස අසහනකාරී ලෙස නිකරුණේ කාලය ගෙවන පිරිස අති මහත්ය.කෙනෙකු එකී සාර්ථකත්වයක් බලාපොරොත්තු වන්නේ නම් එකී සාර්ථකත්වය කිසි දින නොපැමිණේ.කළ යුත්තේ ජීවිතයේ ඉලක්ක හඹා යමින් පැමිණ ඇති මේ මොහොතේ ජීවිතය විදීම අතපසු නොකීරීමයි.එවිට අනාගතය විඳවීමට සිදු නොවේ.මේ සඳහා සතුට අත්‍යවශ්‍යම දෙයකි.
           කෙනෙකුට තවත් කෙනෙකුට සතුට ලබා දිය නොහැකිය.එය තමා විසින්ම ලඟා කරගත යුතු දෙයකී.තමාට ලැබී ඇති සියලු යහපත් දේ පිළිබඳව කෘතඥ විය යුතුය.ඍණාත්මක දේ පිළිබඳව නොසිතිය යුතුය.ජීවිතයේ තමාට අවශ්‍ය සෑම දේම ලබාගැනීමට නොයා යුතුය.මේ ජීවිත කාලය තුළ අපට ලැබී ඇත්තේ මේ කෙටි ජීවිතය තුළඅප විසින් අත්පත් කරගත යුතුව ඇති ආධ්‍යාත්මික අවබෝධය සඳහා ඉවහල් වන දෑ පමණී.එයින් උපරිම ඵල ලබාගැනීමට මෙන්ම ජීවිතය සැහැල්ලුවෙන් විදීමට ද හැකිය.සාර්ථකත්වයේ මාර්ගය ද විවර වනු ඇත.වර්තමානයේ බොහෝ දෙනෙකු ජීවිතයේ සාර්ථකත්වය යැයි සිතමින් මුදල්,බලය,ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය පසුපස ගමන් කරයි.මෙයින් නිවැරදි මඟ පෙන්වීමක්,ආත්ම තෘප්තියක් ,උතුම් ජීවන පරමාර්ථයක් ලබාගත නොහැකිය.මිනිසෙකු මරා හෝ තමා සාර්ථක වීමට මාන බලයි.මෙයින් සිදුවන්නේ මිනිසුන්ය කළකිරීමෙන් හෙම්බත් වන්නටය.
           රූපයේ ලස්සන,ධනය,බලය,ප්‍රසිද්ධිය,ශරීර හැඩ රුව මේ කිසිදු දෙයකින් ජීවිතයේ සතුය ලඟා කරගත නොහැකිය.ඇතැම් විට මහ මන්දිරවල සිටින අයට වඩා සිරමැදිරියක සිටින්නෙකු සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවති.සතුය සමඟ සරල බව මෙන්ම නම්‍යශීලි බවද මිනිසෙකු තුළ අනිවාර්යෙන්ම තිබිය යුතුය.ජීවිතයේ සතුට හා සාර්ථකත්වය තමා විසින්ම තෝරාගත යුතුය.අවම පරිභෝජනයක් සහිත මිනිසුන් සතුටින් සිටී.සතුටින් සිටීමට මුදල් අත්‍යවශ්‍ය නොවේ.සතුට තමන්ගේම ආකල්ප මත තෝරා ගන්නා දෙයකි.සියල්ල මුදලට ලබාගත නොහැකිය.රුධිරය මිලට ගත්ත ද දීර්ඝායුෂ මිළට ගත නොහැකිය.ඔරලෝසුවක් මිළට ගත්තද කාලය මිළට ගත නොහැකිය. 
            මිනිසුන්ට ප්‍රශ්න පැමිණීම සාමාන්‍ය දෙයකි.එවැනි දුෂ්කරතාවලට ධනාත්මකව හා ධෛර්ය සම්පන්නව මුහුණ දීමට හැකියාවක් තිබිය යුතුය.නැතිනම් එය ගොඩ නඟාගත යුතුය.සිදුවන සියල්ල තමාගේ යහපත උදෙසා සිදුවන බව සිතිය යුතුය.භගවත් ගීතාව තුළ අහිමි වීම අපූර්ව දක්වා ඇත.
“සියල්ල මෙහි දී ඔබට හිමි වූ දේවල් නොවේද?අද ඔබ සතුව ඇති සියල්ල අනාගත  දිනක   ඔබට  අහිමි වනු ඇත.එම ඒකාන්ත සත්‍ය සුභවාදීව පිළිගනිමු.“
         එබැවින් අපේ ජීවිත අනවශ්‍ය ලෙස සංකීර්ණ කරගත යුතු නැත.සෑම දේ දෙසම සුභවාදීආකල්පයෙන් බැලීමට පුරුදු විය යුතුය.මේ සඳහා මිනිසා බුද්ධිමය වශයෙන්,ශාරීරික හා භාවමය අතින් ද පෝෂිත විය යුතුය.සතුටින් සිටීමෙන් බොහෝ දෑ ළඟා කරගත හැකිය.අවබෝධ කරගත හැකිය.එබැවින් නිරතුරුව සතුටින් සිටීමට උත්සහ කරමු. එවිට සාර්ථකත්වය තමා කරා පැමිණේ.

No comments:

Post a Comment

Portrait