Friday, June 21, 2019

අනුරාධපුර යුගයේ බුදු පිළිම තුළින් පිළිබිඹුවන විදේශීය බලපෑම.


                                
                     මහා භාරතයේ ආරම්භ වුවා යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමාව බුදු දහම ව්‍යාප්ත වු සෑම රටකම පාහේ දැකිය හැක.ලෝකවාසි ‍බෞද්ධයෝ තම ආගමේ පූජනීය වස්තුවක් ලෙස බුදු පිළිමයට ගෞරවයක් දක්වා ඇත.ගාන්ධාරයේ කණිෂ්ක රජුගේ කාලයේ බුද්ධ ප්‍රතිමා ආරම්භ කොට ඇත.නමුත් බුද්ධ ප්‍රතිමා බුද්ධ කාලයේ ආරම්භ වූ බවට ග්‍රන්ථවල සාධක ඇත.කොසොල් රජු විසින් සදුන් ලීයෙන් බුදධ ප්‍රතිමාවක් කර වූ බව සඳහන් වේ.උදයන රජු දවස එවැනි ප්‍රතිමාවක් කරවූ බව සඳහන් වේ . විද්වතුන්ගේ පිළිගැනීමට අනුව සම්බුද්ධ පරිණිර්වානය සියවස් 5කට ආසන්න කාලයක් තුළ භාරතයේ බුද්ධ ප්‍රතිමා නෙළා නොමැත. කණිෂ්ක රජ දවස විසූ බැක්ටීය ග්‍රීක කලාකරුවන් ග්‍රීසියේ ප්‍රබලව පැවති ඇපලෝ දේව ප්‍රතිමා  පූර්වාදර්ශ කොටගෙන බුද්ධ ප්‍රතිමා නෙළීමට පටන් ගන්නා ලදී.එකී මුල්ම බුදු රූ කණිෂ්ක රජුගේ කාසිවල  හා සා-ජි-කී ඩේරිහි  තිබු ධාතු කරඩුවක තිබී ඇත.මුල්ම බුදුරූවල ග්‍රීක ලක්ෂණ ගැබ්ව ඇත.රටින් රටට පමණක් නොව ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයටත් යුගයෙන් යුගයටත් විවිධ ස්වරැපයෙන් විවිධ ශෛලියන් අනුකරණය කරමින් නොයෙකුත් අතිරේකාංග එක් කරමින් විකාශනය වුවද බුදුපිළිමයක තිබිය යුතු මූලික අංග ලක්ෂණයන් බොහෝ දුරට සෑම එකකම අන්තර්ගත වේ.
             මහාචාර්යය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව ලංකාවේ පැරණිම බුදුපිළිමය වන්නේ මහ ඉලුප්පල්ලම බුදු පිළිමයයි එය ඉන්දියානු අමරාවති සම්ප්‍රදාය පිළිබිඹු කරයි ඇතැමුන් එය භාරතයේ ආභාෂය ගෙන නොමැති බවත් මෙරට  ශිල්පීන්ගේ ස්වාධීන කෘතියක් ලෙස ද හඳුන්වයි.කෙසේ වෙතත් ලංකාවේ බුදු පිළිම ගාන්ධාර හා මථුරා සම්ප්‍රදායන් සම්මිශ්‍රණයකින් යුක්ත දක්ෂිණ අමරාවතී සම්ප්‍රදායෙන් යුක්ත බව පරණවිතාන මහතාගේ අදහසයි.මෙරට මුල් භාගයේ දසවන සියවස බුද්ධ ප්‍රතිමා ආරම්භ කොට ඇත.භාරතීය ආභාෂය ලැබුණ ද දේශීය හා ස්වාධීන ගුණයන්ගෙන් යුක්ත විය.
                                
                                        1.මහ ඉලුප්පල්ලම ප්‍රතිමාව.  
                                                                                                                                                                           ලංකාවේ පැරණිම බුද්ධ ප්‍රතිමාව  ලෙස පරණවිතාන මහතා සලකයි.හිටි පිළිමයක් වන මෙහි උස අඩි 6කී.දෙපා සහා දකුණු අතේ කොටස් කැඩී ගොස්ය.වම් අත කඩා සිටින ආකාරය අනුව මෙහි අභය මුද්‍රාව තිබෙන්නට ඇත.මෙහි ආන්ද්‍රා ලක්ෂණ ඇති හෙයින් පළවෙනි සියවසට අයත් බව විචාරක මතයයි.ඉන්දියාවෙන් ගෙන්වන ලද  කිරිගරුඬ විශේෂයකින් නිමවා ඇත.දකුණු අත්ල ඉදිරියට පෙනෙන ආකාරයටත් අභය මුද්‍රා‍වෙන් නෙළා ඇති මෙම පිළිමයේ සිවුැර් රැලි අනුරාධපුර යුගයේ සෙසු පිළිමවලට  සමානකමක් නොදක්වයි. මෙම පිළිමයේ මුහුණේ කරුණාව මෛත්‍රිය හා දයාව පෙන්නුම් කරයි. අවුකන ,බුදුරුවගල, සැස්සේරුව හා මාලිගාවිල පිළිම සදහා පසු කාලීනව මෙහි ආභාශය ලැබී ඇත .
       
                                      2. අවුකන බුද්ධ ප්‍රතිමාව.

                            අනුරාධපුර කලාවැව සමීපයෙහි පිහිටා ඇත. ආබද්ධ හිටි පිළිමයකි. අණ්ඩාකාර මුහුණ හා ලම්බකරන ස්වභාය හේතුවෙන් අවුකන ප්‍රතිමාව ඉන්දියාවේ ගුප්ත යුගයේ ලක්ෂණ පිළිබිබු කරන බව විචාරක මතයයි. මෙහි උෂ්ණීසය නොමැත පරණවිතාරනයන් පවසන්නේ මෙය ක්‍රි.ව. 5-6 කාලයට අයත් බවයි. මෙහි පද්ම පීඨය පසු කාලිනව ඉදි වූවකි. පද්ම පිඨයේ ගර්භ 25 කි.
 සමභංග ලීලාව ප්‍රකට කරයි. ඒකාන්ගික චිවරයේ රැලි හොදින් මතුකොට ඇත. සමාන්තරව එකිනෙකට පිහිටා ඇත ඒ  ඒ අනුරාධපුර යුගයේ හිටි පිළිම සදහා අනන්‍ය වූ ලක්ෂණයකි .
                     මෙහි උස පද්ම පීඨය සමග අඩි 42 කි. පද්ම පීඨය රහිතව උස අඩි 38 අගල් 10 කි. මහා පුරුෂ ලක්ෂණ ශරීර ලාලිත්‍ය මනාව පෙනේ ඇතැම් විචාරකයන් මෙහි අභය මුද්‍රාව ආමිස මුද්‍රාව ලෙස වමතින් සිවුරපට දරා සිටින අකර එම සිවුරුපොට ලම්බකව කඩා හැලේ වමතින් කටකහස්ත මුද්‍රාව නිරූපණය වන බව විචාරක මතයයි. රැලි සහිත තරංග චීවරය ඒකාංශ පාරුපණය චීවරයේ යටින් දිස්වන අදින තීරුව වැනි ලක්ෂණ හේතුවෙන් මෙය අමරාවතී සම්ප්‍රදායට අයත් බව පිළිගැනේ. ඍජු ශරීරය තුළින් නැගෙන්නා වු නොසැලෙන ගුණය හොදින් මතු කොට ඇත. සුප්‍රසිද්ධ බාමීය ප්‍රතිමාවල විශාලත්වයෙහි ආභාෂය ‍ගෙන ඇත.
        
                                  3. බුදුරුවගල බුද්ධ ප්‍රතිමාව.

                               ඉපැරණිම හිටි බුද්ධ ප්‍රතිමාවයි. ක්‍රි.ව.8-9 සියවස්වලට අයත් වේ. අඩි 50 ක් උස මෙම පිළිමය පිහිටි ගලෙන් නිමවා ඇත. නමුත් පැහැදිලි ලෙස ආබද්ධ හිටි පිළිමයකි. අවුකන පිළිමය තරම් හොදට මතුකොට නොමැත. මහායානික බෝසත්වරු පිරිවරා සිටින බැවින් මහායාන සම්ප්‍රදායට අයත් බව පිළා ගැනේ.කඹුරු පිටියේ වනරතන හිමි මෙම ප්‍රතිමාව ඇෆ්ගනිස්ථානයෙ බාමියන් ප්‍රතිමාවලට සමාන බව පවසයි.ප්‍රතිමාවේ ආසන හා දෙපා වෙනම නිමවා ඇත.එනිසා ශරීරාංගවල ගැළෙපන බවක් නොපෙන්වයි.
                                  ශරීරය ලාලිත්‍ය දැකගත නොහැක.ඉහළ සිට පහළ දක්වා හතරැස් ආකාරයට නිමවා ඇත.චීවරයේ රැළි සහ සියුම් කොටස් බදාමයෙන් නිමවා රන් ආලේපිත කොට ඇත.දකුණු අතින් අභය මුද්‍රාව දක්වන අතර ඉහළට නැමු වමත උරහිස ස්පර්ශ කරයි.මුහුණේ පැහැදිලි බවක් දක්නට නොමැත.එබැවින් බුදුරුවගල බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර යුගයෙන් ගිලිහී යන බුද්ධ ප්‍රතිමා ලක්ෂණ පෙන්නුම් කරයි.මෙයට මහායාන බලපෑම ලැබී ඇති බව ආනන්ද කුමාරස්වාමී මහතා පවසයි.ඇතමෙක් මෙහි පොළොන්නරු ලක්ෂණ ගැබ්ව ඇති බව පැවසේ.බුදු පිළිමයේ උෂ්ණීසය දැක්වීම දකුණු අතේ අභව මුද්‍රාව සහිතව එහි මහපට ඇගිල්ල උරහිස දෙසට යොමා තිබීම දෙපා පද්ම පීඨයක් මත නොවීම යන කරුණු මහායානික ලක්ෂණ වේ.මෙතුළින් හෙළ කලාකරුවන් විදේශීය සම්බන්ධතා පවත්වා ඇති බව පෙනේ.
                 
                                  4.සමාධි බුද්ධ ප්‍රතිමාව.
                            
                                    සමාධි බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර අභය භූමියේ කුට්ටම් පොකුණ යාබදව පිහිටා ඇත.වීරසනය හා ධ්‍යාන මුද්‍රව ප්‍රකට කරන මෙහී උස අඩි 8 අගල් 6කි.අඩි 8 අගල් 5කි.එකාන්ශිකර රැළිවලින් තොරය.සිවුර ඇගටම ඇලුනු ස්වබාවයක් ගනී.කිහිල්ල යටින් දිවෙන සියුම් රෙකාවකින් චීවර පෙන්වා දී ඇත.මෙය ක්‍රි.ව.4-5 සියවසට අයත් යැයි සලකනු ලබයි.මහාචාර්ය පරණවිතාන මහතා මෙය භාරතීය මතුරා සම්ප්‍රදායට අයත් බව පවසයි.කෙසේ වෙතත් මතුරා කලාවේ උච්චතම් අවසථාවක් නිරූපණය කරන ගුප්ත සම්ප්‍රදායට අයත් බව නුතන පිලිගැනීමයි.පිරිපුන් හිස ,පුළුල් නළල් තලය ,ඍජු ශරීරය ,අඩවන් දෙනෙත්  බුදු රදුන්ගේ සමාධිගත බව කළු ගලකින් මනාවට දක්වා ඇත.අඩවන් දෙනෙත් ගුප්ත සම්ප්‍රදාය සිහිගන්යි.නාසය මෑතකදී එක කොට ඇත. මෙහී උෂ්ණීසයක් දැකගත නොහැකිය.ඌර්න රෝම ධාතුවද එසේමය.නිග්‍රෝධ පාරිමණ්ඩලය  භාරතීය ප්‍රතිමාවලට වඩා ලංකාවේ ප්‍රතිමා තුල දැකගත හැකිය.මෙහිද එසේමය.
                                  
                               5.තොළුවිල බුද්ධ ප්‍රතිමාව
                          
                            ක්‍රි.ව.6-7 සියවස්වලට අයත් යැයි සැලකෙන  ධ්‍යාන මුද්‍රාව ද වීරාසනයද පෙන්නුම් කරන මෙය අනුරාධපුර අභයගිරි පෙදෙසේ තොළුවිල ප්‍රදේශයෙන් හමුවී ඇත.ඉන්දියාවේ පවා මෙය අභිබවන අන් කෘතියක් නොමැති බව  ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි .ක්‍රි.ව.6-7 සියවස්වලට අයත් යැයි  සැලකේ.මහමෙවුනා සමාධි  පිළිමය මෙන් ධ්‍යාන මුද්‍රාව ද වීරාසනයද පෙන්නුම් කරයි .සිවුර ඒකාංශිකරය පොරවා ඇති අතර සමාධි පිළිමයට සමානකමක් දක්වයි.අනුරාධපුර යුගයේ පැහැදිලි නැති  උෂ්ණීසය  තොළුවිල පිළිමයේ පැහැදිලිව දක්වා ඇත.සිරිලක මුල් කාලයේ ප්‍රතිමා අතර මෙතරම් හොඳ පැහැදිලි උෂ්ණීසයක් දැකගත නොහැකිය.සාමාන්‍ය මිනිස් රුවක උසට නිර්මාණය කර ඇති මෙහී උස හා දෙදන අතර ඇති දුර සමාන බවක් දැකිය හැක.එනම් උස අඩි 5යි අගල් 09කි. දෙවුර ස්පර්ශ නොකරන ලඹ සවන් අන් කිසිදු ප්‍රතිමාවකින් නොදක්නා තරමේ සජීවී බවක් දක්වන ඇස් පිහාටු යටි තොල ආදී අංග මුලදී ප්‍රකාශ කළ කුමරස්වාමී ශුරීන්ගේ අදහස සනාථ කරයි. මෙහී භාවනායෝගීව වැඩ සිටින අයුරු පෙන්වීමට සුන්දර උපශාන්ත බව කුලුගැන්වීමට හෙළ කලාකරුවා උත්සහ ගෙන ඇත. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේට අනුව මෙම ප්‍රතිමාව ධම්මරු සම්ප්‍රදායට අයත් බව පැවසේ. මෙහී අඩක් වැසූ දෙනෙත් නුදුර බලා සිටින ආකාරයකින් නෙළා තිබේ. හිස කේ අක් බඹරු සේ කැරැළි  ගැසි ඇත.මුහුණ රවුම් ය.ඉන්දියාවේ ගුප්ත යුගයේ  මතුරා පිලිමවලට සමාන කමක් දක්වන බව විද්වත් මතයයි.ඇතැමුන් මෙයින් අමරාවතී ලක්ෂණ ඇති බව පවසයි.වැඩි දෙනකුගේ මතය වන්නේ මෙය ට ගුප්ත ආභාෂය ලැබී ඇති බවයි.චීවර ඇගටඇලුනු ස්වභාවයක් ගනී.චීවර මතු කොට දක්වා  නැත.රැළි මතු කොට දක්වා නොමැති අතර ඒකාංශ බව දක්වන්නේ තනි රේඛාවකිනි.දෙවුර අතර පරතරය අඩි 3 අගල් 5කි.ප්‍රභාමණ්ඩලයක්  තිබෙන්නට ඇත.උෂ්ණීසය සමාධි පිළිමයට වඩා උසින් නිමවා ඇත.
                               6.පන්කුලිය බුද්ධ ප්‍රතිමාව .

                          අනුරාධපුර කුට්ටම් පොකුණ සමීපයේ මල්වතු ඔය අසල පිහිටා තිබේ.ශාරීරිකව හා ශාන්ත ගුණයෙන් යුත් අලංකාර පිළිමයකි.උෂ්ණීසය මහා සම්ප්‍රදායයික ගුණය සිහි ගන්වයි.ඒ අනුව කුණ්ඩලාකාරව සකසා ඇති හිසකේ  සහ උෂ්ණීසය මනාව පිහිටා ඇත.මුහුණේ ඉරියව් හැගීම් දනවන සුළුය. ඇතැමෙක් මෙහී විතර්ක  මුද්‍රාව නිරූපණය වන බව පවසයි.ඇතමුන් මෙම පිළිමයෙන දකුණු අතින් අභය මුද්‍රාව නිරූපණය කරන බව පවසයි.ඒකාංශව පොරවන ලද චීවරය වම් අතේ වළලුකර සිට වම් කලවා දක්වා  එල්ල වැටෙන ආකාරයට නිමවා ඇත.සමහරුන් පවසන්නේ මෙහී දැක්වෙන්නේ  අභය  මුද්‍රාව බවයි. වමතින් කටක හස්ත මුද්‍රාව නිරූපණය වන බවයි. මෙහී කලාවේ එන චතුර්මානය නිවැරදිව දක්වා ඇත. පිළිමයේ ආසන ක්‍රමය වීරාසනයයි. අඩි 7 ක් පමණ උස ඇති පිළිමය තනවන ලද ආසනයක තබා ඇත. බුදුරදුන් ධර්ම දේශනාවක යෙදෙමින් යම්කිසි ගැටළුවක් විසඳන ආකාරයෙන් ප්‍රතිමාවේ දෙඅත් මුර්තිමත් කර ඇත. මෙය අනුරාධපුර යුගයේ අග භාගයට එනම් ක්‍රි.ව.8-9 සියවස් වලට අයත් බුද්ධ ප්‍රතිමාවක් ලෙස සැලකේ.
                  මේ අනුව බලන කල අනුරාධපුර යුගයේ පිළිම සඳහා විදේශීය බලපෑම ලැබී ඇති බව දැකගත හැකිය.  
                                        
ආශ්‍රිත  ග්‍රන්ථ :
·         උසස් පෙළ විෂය නිර්දේශය .
·         හෙළ කලා වත-සොලමන් ප්‍රේමානන්ද.
·         නිරීක්ෂණය  (පිළිම තිබෙන ස්ථානවලට ගොස් නිරීක්ෂණයෙන් හා ඒ පිළිබදව අවබෝධයක් ඇති අයගෙන් අසා දැනගැනීම . )

No comments:

Post a Comment

Portrait