Friday, June 21, 2019

සතුට සාර්ථකත්වයේ දොරටුවයි

                        
                        මිනිසා ස්වභාවදහමේ අපූරු නිර්මාණයකී.අනෙකුත් සතුන්ගෙන් වෙනස් වන්නේ මිනිසාට ඉහළ බුද්ධියක් හා දේවල් ලබා ගැනීමට,ගොඩ නඟා ගැනීමට ඇති අපූරු හැකියාව නිසාවෙනී.යම් කෙනෙකුගේ සිතෙහි සතුටක් ඇත්නම් එය ජීවිතේ සාර්ථකත්වයට නිතැතින් ඉවහල් වේ.නමත් සතුට ඔහේ ලැබෙන දෙයක් නොවේ.එය අප විසින් ජීවිතයට එකතු කළ යුතු දෙයකී.මෙය ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පුරුදු කළ යුතු දෙයකී.
             සතුට මිනිසාව පසුතැවිල්ලට පත්වීමට ඇති ඉඩකඩ යටපත් කරයි.මියගිය අතීතය ගැන හෝ නූපන් හෙට දිනය ගැන සිතමින් කෙතරම් පිරිසක් පීඩාවට දුකට පත්වන්නේද?කෙතරම් අසහනකාරී ලෙස ජීවත් වන්නේද?එළඹ ඇති අද දවස සැලසුම් කරන්නේද කිසිදු විටක් විශ්වාස නොතැබිය හැකි හෙටක් ගැන සිතමිණී.මේ අතර තරුණ පිරිස කෙතරම් සිටීද?කෙසේනම් සාර්ථක වෙන්නද?අනාගත සාර්ථකත්වයේ අරමුණින් වටිනා අද දවස අසහනකාරී ලෙස නිකරුණේ කාලය ගෙවන පිරිස අති මහත්ය.කෙනෙකු එකී සාර්ථකත්වයක් බලාපොරොත්තු වන්නේ නම් එකී සාර්ථකත්වය කිසි දින නොපැමිණේ.කළ යුත්තේ ජීවිතයේ ඉලක්ක හඹා යමින් පැමිණ ඇති මේ මොහොතේ ජීවිතය විදීම අතපසු නොකීරීමයි.එවිට අනාගතය විඳවීමට සිදු නොවේ.මේ සඳහා සතුට අත්‍යවශ්‍යම දෙයකි.
           කෙනෙකුට තවත් කෙනෙකුට සතුට ලබා දිය නොහැකිය.එය තමා විසින්ම ලඟා කරගත යුතු දෙයකී.තමාට ලැබී ඇති සියලු යහපත් දේ පිළිබඳව කෘතඥ විය යුතුය.ඍණාත්මක දේ පිළිබඳව නොසිතිය යුතුය.ජීවිතයේ තමාට අවශ්‍ය සෑම දේම ලබාගැනීමට නොයා යුතුය.මේ ජීවිත කාලය තුළ අපට ලැබී ඇත්තේ මේ කෙටි ජීවිතය තුළඅප විසින් අත්පත් කරගත යුතුව ඇති ආධ්‍යාත්මික අවබෝධය සඳහා ඉවහල් වන දෑ පමණී.එයින් උපරිම ඵල ලබාගැනීමට මෙන්ම ජීවිතය සැහැල්ලුවෙන් විදීමට ද හැකිය.සාර්ථකත්වයේ මාර්ගය ද විවර වනු ඇත.වර්තමානයේ බොහෝ දෙනෙකු ජීවිතයේ සාර්ථකත්වය යැයි සිතමින් මුදල්,බලය,ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය පසුපස ගමන් කරයි.මෙයින් නිවැරදි මඟ පෙන්වීමක්,ආත්ම තෘප්තියක් ,උතුම් ජීවන පරමාර්ථයක් ලබාගත නොහැකිය.මිනිසෙකු මරා හෝ තමා සාර්ථක වීමට මාන බලයි.මෙයින් සිදුවන්නේ මිනිසුන්ය කළකිරීමෙන් හෙම්බත් වන්නටය.
           රූපයේ ලස්සන,ධනය,බලය,ප්‍රසිද්ධිය,ශරීර හැඩ රුව මේ කිසිදු දෙයකින් ජීවිතයේ සතුය ලඟා කරගත නොහැකිය.ඇතැම් විට මහ මන්දිරවල සිටින අයට වඩා සිරමැදිරියක සිටින්නෙකු සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවති.සතුය සමඟ සරල බව මෙන්ම නම්‍යශීලි බවද මිනිසෙකු තුළ අනිවාර්යෙන්ම තිබිය යුතුය.ජීවිතයේ සතුට හා සාර්ථකත්වය තමා විසින්ම තෝරාගත යුතුය.අවම පරිභෝජනයක් සහිත මිනිසුන් සතුටින් සිටී.සතුටින් සිටීමට මුදල් අත්‍යවශ්‍ය නොවේ.සතුට තමන්ගේම ආකල්ප මත තෝරා ගන්නා දෙයකි.සියල්ල මුදලට ලබාගත නොහැකිය.රුධිරය මිලට ගත්ත ද දීර්ඝායුෂ මිළට ගත නොහැකිය.ඔරලෝසුවක් මිළට ගත්තද කාලය මිළට ගත නොහැකිය. 
            මිනිසුන්ට ප්‍රශ්න පැමිණීම සාමාන්‍ය දෙයකි.එවැනි දුෂ්කරතාවලට ධනාත්මකව හා ධෛර්ය සම්පන්නව මුහුණ දීමට හැකියාවක් තිබිය යුතුය.නැතිනම් එය ගොඩ නඟාගත යුතුය.සිදුවන සියල්ල තමාගේ යහපත උදෙසා සිදුවන බව සිතිය යුතුය.භගවත් ගීතාව තුළ අහිමි වීම අපූර්ව දක්වා ඇත.
“සියල්ල මෙහි දී ඔබට හිමි වූ දේවල් නොවේද?අද ඔබ සතුව ඇති සියල්ල අනාගත  දිනක   ඔබට  අහිමි වනු ඇත.එම ඒකාන්ත සත්‍ය සුභවාදීව පිළිගනිමු.“
         එබැවින් අපේ ජීවිත අනවශ්‍ය ලෙස සංකීර්ණ කරගත යුතු නැත.සෑම දේ දෙසම සුභවාදීආකල්පයෙන් බැලීමට පුරුදු විය යුතුය.මේ සඳහා මිනිසා බුද්ධිමය වශයෙන්,ශාරීරික හා භාවමය අතින් ද පෝෂිත විය යුතුය.සතුටින් සිටීමෙන් බොහෝ දෑ ළඟා කරගත හැකිය.අවබෝධ කරගත හැකිය.එබැවින් නිරතුරුව සතුටින් සිටීමට උත්සහ කරමු. එවිට සාර්ථකත්වය තමා කරා පැමිණේ.

ජනප්‍රිය සංස්කෘතිය හා කොකා කෝලා




 

            
                        වර්තමානය වන විට කොකා කෝලා ආයතනය සෝඩා කර්මාන්තයේ ඉහළින්ම සිටී.කොකා කෝලා කියුබාව හා උතුරු කොරියාව තුළ ඇරෙන්න්ට ලෝකයේ සෑම රටකම පාහේ භාවිතා කෙරේ.කොකා කෝලා නිර්මාණය වන්නේ 1885 වර්ෂයේදීය.ඒ ජෝර්ජියාවෙ කොලොම්බස්වල කුඩා ඖෂධ ශාලාවක් තුළය.යුද්ධය නිසා පීඩා විදි ජෝර්ජ් පෙන්බර්ග් මෙය නිර්මාණය කළේ මොෆීන් භාවිතයෙන්  අත් මිදීමටය.වයින්,කැෆේන් හා කොරක්න් යන සංඝටක මිහශ කොට ෆ්‍රෙන්ච් කොකේන් වයින් එකක් පළමුවරට බිහි කරන ලදී.එය පසුව
                           අජීර්ණයට
                           ස්නායු ආබාධ සඳහා
                           බෙලහීනතාවට
                                    ඖෂධයක් ලෙස භාවිතා කොට තිබුණි.
                   
                          1886 වර්ශයේදී වයින් නාමය ඉවත් කොට  කොකා කෝලා යනුවෙන් නම් කරන ලදී.වර්ෂ 1990 වර්ෂය දක්වා කොකො කෝලාවල කැෆේන් අඩංගු කොට තිබුණි.නමුත් මෙම නිශ්පාදනය හරහාද පෙන්බර්ග්ට මොෆීන් ඇබ්බැහිය නතර කිරීමට හැකියාවක් ලැබුණේ නැත.මොෆීන් හේතුවෙන්ම ඔහුට මරණයට පත් වීමට සිදු විය.නමුත් ඔහුගේ උත්සහය නිසාම අද ලෝකයේ බහුලවම භාවිතා කරන කොකාකෝල නම් රසවත් බීම බිහිවිය. 
          ලොවක් රස විදින කොකා කෝලා අන්තර්ගතය ගත් කළ 39ට සීනි ප්‍රමාණයක් එනම් තේ හැඳි 8ක් පමණ 350පක වේ.මීට සාපේක්ෂව ලොව තරඟයක් ආකාරයට සටන් කරන පෙප්සිවල 350 පක ක සීනි තේ හැඳි 8.2 ප්‍රමාණයක් අන්තර්ගත වේ.පෙප්සි පැණිරස වැඩි වීමට හේතුවද එයයි.මේයට සාපේක්ෂව  උද්දීපකාරකයක් වන කැෆේන් 38පට කොකාකෝලාවල අඩංගු වේ.පෙප්සිවල කැෆේන් 34පට අඩංගු වේ.
              ඇමරිකාව තුළ කොකාකෝල ගැලුම් බිලියන 2.3 අළෙවි වේ.කොකා කෝලා බහුලව ඇමරිකාව පුරා ව්‍යාප්ත කරෙන අතර නත්තල පැමිණ ඇති බව බොහෝ දෙනා දැන ගන්නේද ආකර්ෂකණීය වෙළඳ දැන්වීම් හරහාය.
      කොකා කෝලවල වෙළඳ වටිනාකම ඇමරිකානු බිලියන 180කී.පෙප්සිවල බිලියන 150කී.2015 වන විට වාර්ෂික ආදායම අතර ඩොලර් බිලියන 43.71%ක් කොකා කෝලා ආයතනය හිමිකරගෙන තිබේ.නමුත් ඊට සාපේක්ෂව වාර්ෂික ආදායම් 63.1% පෙප්සි ආයතනය සතු කරගෙන තිබේ.කෝකාකෝලා ආයතනය වර්තමානය වනවිට වෙනත් සන්නාමයන් 325ක නිෂ්පාදනයන් ලොව පුරා ව්‍යාප්ත කරයි.ඉන් 51%ක් සොෆ්ට් ඩි්‍රන්ක් ලෙස වෙළඳපොළ වෙත පැමිණේ.නමුත් පෙප්සි ආයතනය සතුව ඇත්තේ 22%ක වෙළඳ නාම පමණී.කොකාකෝලා ආයතනය තුල එකිනෙකට වෙනස් නිශ්පාදන 3500ක් තිබෙන බව පැවසේ.වැඩිම සේවක පිරිසක් සිටින්නේද පෙප්සි ආයතනයටයි.එනම් 274600 සේවක පිරිසක් සිටී.කොකාකෝලා ආයතනය තුළ සිටින්නේ 130600 පමණී.නමුත් කවර හේතුවක් නිසා හෝ වෙළඳ නාම අතරින් ජනප්‍රිය තත්වයක් පවතී.
         ජනප්‍රිය සංස්කෘතිය සමඟ කෙතරම් සමීපව කටයුතු කළ ද කොකා කෝලාවලට විශේෂිත වූ සංඝටක මිනිස් සිරුරට අහිතකර බව ලෝකයේ බොහෝ රටවල් පර්යේෂණ හරහා අනාවරණය කොටගෙන තිබේ.වර්තමානයේ වඩාත් කතා බහට ලක් වූයේ මේවායෙහි අධික සීනි ප්‍රමාණයක් අන්තර්ගත බවත් එය ඉක්මනින් මිනිසුන්ව රෝගී කරවන බවත්ය.එයට විසඳුමක් ලෙස කොකාකෝලා ආයතනේ බොහෝමයක් සොෆ්ට් ඩි්‍රන්ක්ස්වල සහ අනිත් නිශ්පාදනයන්වල සීනි රහිත බව සදහන් කොට තිබේ.
                                Zero Sprite

                                  Zero Fanta
                              Zero Cocacola
                                  Zero Ginger bear

              
     මෙම නිශ්පාදනයන්ගේ   suger freeයැයි සඳහන් කොට තිබේ.

               වර්තමානයේ මේ පිළිබඳ විශේෂ කතා බහක් ආරම්භ වී තිබේ.සීනි රහිත වුවත් කොකාකෝල පෙර සේම ඉතාම පැණි රසක් ගනී.මෙය කෘතීමව ඇස්බ්ර්ටේම් නම් සංයෝගයෙන් නිශ්පාදනය කරන්නකී.ඇමරිකාව විසින් මෙය මිනිස් සිරුරට අහිතකර බවත් විශේෂයෙන් කුඩා දරුවන්ට ඒවා සහිත ආහාර නොදෙන මෙන් දැනුවත් කොටද තිබේ.නමුත් කොකොකෝලා බහුල ලෙසම භාවිතා කරන රටක් ලෙස ඇමරිකාව හඳුනාගත හැකිය.ජනප්‍රිය සංස්කෘතිය හා බැඳී තිබීම ඊට ප්‍රභල ලෙස ම බලපා තිබේ.මෙම ඇස්බර්ටේම්වල සීනි 2749 පමණ අඩංගුවන බව සොයාගෙන ඇත.එයට සීනි භාවිත කරනවාට වඩා අහිත කරය.
       Food And Drug Association(FDA) කමිටුවේ 5 න් තිදෙනෙක් මෙම ඇස්බර්ටේම් භාවිතයට විරුද්ධ වුවත් පසුව සාමාජිකයෙක් ගෙන 6න් 4ක් ලෙස සම්මත කරන ලදී.මෙහි අයහපත් තත්වයන් ලෙස
                             ඇස් අන්ධ වීම
                             මොලේ පිළිකා
                             වකුගඩු ක්‍රියාවලියට බලපෑම් කිරීම හඳුනාගත හැකිය.
      
              කොකාකෝලා ආයතනය වඩාත් ජනප්‍රිය වීමට වරින් වර ඇති වූ උද්ඝෝශන හේතු විය.මෙම උද්ඝෝෂණවල ස්වභාවය වන්නේද සාමාන්‍ය උද්ඝෝශනයන්ට වඩා වෙනස් ස්වරූපයක්ම් ගැනීමයි.
      කොතරම් අහිතකර වුවත් කොකාකෝලා ආයතනය සෝඩා කර්මාන්තයේ ඉහළටම  යාමට එක් හේතුවක් මෙන්ම ප්‍රභලම හේතුවක් වන්නේ දැන්වීම් කර්මාන්තයයි.එය මිනිසාව සියුම්ව පොළඹවන ආකාරයක් දැකිය හැකිය.

අනුරාධපුර යුගයේ බුදු පිළිම තුළින් පිළිබිඹුවන විදේශීය බලපෑම.


                                
                     මහා භාරතයේ ආරම්භ වුවා යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමාව බුදු දහම ව්‍යාප්ත වු සෑම රටකම පාහේ දැකිය හැක.ලෝකවාසි ‍බෞද්ධයෝ තම ආගමේ පූජනීය වස්තුවක් ලෙස බුදු පිළිමයට ගෞරවයක් දක්වා ඇත.ගාන්ධාරයේ කණිෂ්ක රජුගේ කාලයේ බුද්ධ ප්‍රතිමා ආරම්භ කොට ඇත.නමුත් බුද්ධ ප්‍රතිමා බුද්ධ කාලයේ ආරම්භ වූ බවට ග්‍රන්ථවල සාධක ඇත.කොසොල් රජු විසින් සදුන් ලීයෙන් බුදධ ප්‍රතිමාවක් කර වූ බව සඳහන් වේ.උදයන රජු දවස එවැනි ප්‍රතිමාවක් කරවූ බව සඳහන් වේ . විද්වතුන්ගේ පිළිගැනීමට අනුව සම්බුද්ධ පරිණිර්වානය සියවස් 5කට ආසන්න කාලයක් තුළ භාරතයේ බුද්ධ ප්‍රතිමා නෙළා නොමැත. කණිෂ්ක රජ දවස විසූ බැක්ටීය ග්‍රීක කලාකරුවන් ග්‍රීසියේ ප්‍රබලව පැවති ඇපලෝ දේව ප්‍රතිමා  පූර්වාදර්ශ කොටගෙන බුද්ධ ප්‍රතිමා නෙළීමට පටන් ගන්නා ලදී.එකී මුල්ම බුදු රූ කණිෂ්ක රජුගේ කාසිවල  හා සා-ජි-කී ඩේරිහි  තිබු ධාතු කරඩුවක තිබී ඇත.මුල්ම බුදුරූවල ග්‍රීක ලක්ෂණ ගැබ්ව ඇත.රටින් රටට පමණක් නොව ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයටත් යුගයෙන් යුගයටත් විවිධ ස්වරැපයෙන් විවිධ ශෛලියන් අනුකරණය කරමින් නොයෙකුත් අතිරේකාංග එක් කරමින් විකාශනය වුවද බුදුපිළිමයක තිබිය යුතු මූලික අංග ලක්ෂණයන් බොහෝ දුරට සෑම එකකම අන්තර්ගත වේ.
             මහාචාර්යය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව ලංකාවේ පැරණිම බුදුපිළිමය වන්නේ මහ ඉලුප්පල්ලම බුදු පිළිමයයි එය ඉන්දියානු අමරාවති සම්ප්‍රදාය පිළිබිඹු කරයි ඇතැමුන් එය භාරතයේ ආභාෂය ගෙන නොමැති බවත් මෙරට  ශිල්පීන්ගේ ස්වාධීන කෘතියක් ලෙස ද හඳුන්වයි.කෙසේ වෙතත් ලංකාවේ බුදු පිළිම ගාන්ධාර හා මථුරා සම්ප්‍රදායන් සම්මිශ්‍රණයකින් යුක්ත දක්ෂිණ අමරාවතී සම්ප්‍රදායෙන් යුක්ත බව පරණවිතාන මහතාගේ අදහසයි.මෙරට මුල් භාගයේ දසවන සියවස බුද්ධ ප්‍රතිමා ආරම්භ කොට ඇත.භාරතීය ආභාෂය ලැබුණ ද දේශීය හා ස්වාධීන ගුණයන්ගෙන් යුක්ත විය.
                                
                                        1.මහ ඉලුප්පල්ලම ප්‍රතිමාව.  
                                                                                                                                                                           ලංකාවේ පැරණිම බුද්ධ ප්‍රතිමාව  ලෙස පරණවිතාන මහතා සලකයි.හිටි පිළිමයක් වන මෙහි උස අඩි 6කී.දෙපා සහා දකුණු අතේ කොටස් කැඩී ගොස්ය.වම් අත කඩා සිටින ආකාරය අනුව මෙහි අභය මුද්‍රාව තිබෙන්නට ඇත.මෙහි ආන්ද්‍රා ලක්ෂණ ඇති හෙයින් පළවෙනි සියවසට අයත් බව විචාරක මතයයි.ඉන්දියාවෙන් ගෙන්වන ලද  කිරිගරුඬ විශේෂයකින් නිමවා ඇත.දකුණු අත්ල ඉදිරියට පෙනෙන ආකාරයටත් අභය මුද්‍රා‍වෙන් නෙළා ඇති මෙම පිළිමයේ සිවුැර් රැලි අනුරාධපුර යුගයේ සෙසු පිළිමවලට  සමානකමක් නොදක්වයි. මෙම පිළිමයේ මුහුණේ කරුණාව මෛත්‍රිය හා දයාව පෙන්නුම් කරයි. අවුකන ,බුදුරුවගල, සැස්සේරුව හා මාලිගාවිල පිළිම සදහා පසු කාලීනව මෙහි ආභාශය ලැබී ඇත .
       
                                      2. අවුකන බුද්ධ ප්‍රතිමාව.

                            අනුරාධපුර කලාවැව සමීපයෙහි පිහිටා ඇත. ආබද්ධ හිටි පිළිමයකි. අණ්ඩාකාර මුහුණ හා ලම්බකරන ස්වභාය හේතුවෙන් අවුකන ප්‍රතිමාව ඉන්දියාවේ ගුප්ත යුගයේ ලක්ෂණ පිළිබිබු කරන බව විචාරක මතයයි. මෙහි උෂ්ණීසය නොමැත පරණවිතාරනයන් පවසන්නේ මෙය ක්‍රි.ව. 5-6 කාලයට අයත් බවයි. මෙහි පද්ම පීඨය පසු කාලිනව ඉදි වූවකි. පද්ම පිඨයේ ගර්භ 25 කි.
 සමභංග ලීලාව ප්‍රකට කරයි. ඒකාන්ගික චිවරයේ රැලි හොදින් මතුකොට ඇත. සමාන්තරව එකිනෙකට පිහිටා ඇත ඒ  ඒ අනුරාධපුර යුගයේ හිටි පිළිම සදහා අනන්‍ය වූ ලක්ෂණයකි .
                     මෙහි උස පද්ම පීඨය සමග අඩි 42 කි. පද්ම පීඨය රහිතව උස අඩි 38 අගල් 10 කි. මහා පුරුෂ ලක්ෂණ ශරීර ලාලිත්‍ය මනාව පෙනේ ඇතැම් විචාරකයන් මෙහි අභය මුද්‍රාව ආමිස මුද්‍රාව ලෙස වමතින් සිවුරපට දරා සිටින අකර එම සිවුරුපොට ලම්බකව කඩා හැලේ වමතින් කටකහස්ත මුද්‍රාව නිරූපණය වන බව විචාරක මතයයි. රැලි සහිත තරංග චීවරය ඒකාංශ පාරුපණය චීවරයේ යටින් දිස්වන අදින තීරුව වැනි ලක්ෂණ හේතුවෙන් මෙය අමරාවතී සම්ප්‍රදායට අයත් බව පිළිගැනේ. ඍජු ශරීරය තුළින් නැගෙන්නා වු නොසැලෙන ගුණය හොදින් මතු කොට ඇත. සුප්‍රසිද්ධ බාමීය ප්‍රතිමාවල විශාලත්වයෙහි ආභාෂය ‍ගෙන ඇත.
        
                                  3. බුදුරුවගල බුද්ධ ප්‍රතිමාව.

                               ඉපැරණිම හිටි බුද්ධ ප්‍රතිමාවයි. ක්‍රි.ව.8-9 සියවස්වලට අයත් වේ. අඩි 50 ක් උස මෙම පිළිමය පිහිටි ගලෙන් නිමවා ඇත. නමුත් පැහැදිලි ලෙස ආබද්ධ හිටි පිළිමයකි. අවුකන පිළිමය තරම් හොදට මතුකොට නොමැත. මහායානික බෝසත්වරු පිරිවරා සිටින බැවින් මහායාන සම්ප්‍රදායට අයත් බව පිළා ගැනේ.කඹුරු පිටියේ වනරතන හිමි මෙම ප්‍රතිමාව ඇෆ්ගනිස්ථානයෙ බාමියන් ප්‍රතිමාවලට සමාන බව පවසයි.ප්‍රතිමාවේ ආසන හා දෙපා වෙනම නිමවා ඇත.එනිසා ශරීරාංගවල ගැළෙපන බවක් නොපෙන්වයි.
                                  ශරීරය ලාලිත්‍ය දැකගත නොහැක.ඉහළ සිට පහළ දක්වා හතරැස් ආකාරයට නිමවා ඇත.චීවරයේ රැළි සහ සියුම් කොටස් බදාමයෙන් නිමවා රන් ආලේපිත කොට ඇත.දකුණු අතින් අභය මුද්‍රාව දක්වන අතර ඉහළට නැමු වමත උරහිස ස්පර්ශ කරයි.මුහුණේ පැහැදිලි බවක් දක්නට නොමැත.එබැවින් බුදුරුවගල බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර යුගයෙන් ගිලිහී යන බුද්ධ ප්‍රතිමා ලක්ෂණ පෙන්නුම් කරයි.මෙයට මහායාන බලපෑම ලැබී ඇති බව ආනන්ද කුමාරස්වාමී මහතා පවසයි.ඇතමෙක් මෙහි පොළොන්නරු ලක්ෂණ ගැබ්ව ඇති බව පැවසේ.බුදු පිළිමයේ උෂ්ණීසය දැක්වීම දකුණු අතේ අභව මුද්‍රාව සහිතව එහි මහපට ඇගිල්ල උරහිස දෙසට යොමා තිබීම දෙපා පද්ම පීඨයක් මත නොවීම යන කරුණු මහායානික ලක්ෂණ වේ.මෙතුළින් හෙළ කලාකරුවන් විදේශීය සම්බන්ධතා පවත්වා ඇති බව පෙනේ.
                 
                                  4.සමාධි බුද්ධ ප්‍රතිමාව.
                            
                                    සමාධි බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර අභය භූමියේ කුට්ටම් පොකුණ යාබදව පිහිටා ඇත.වීරසනය හා ධ්‍යාන මුද්‍රව ප්‍රකට කරන මෙහී උස අඩි 8 අගල් 6කි.අඩි 8 අගල් 5කි.එකාන්ශිකර රැළිවලින් තොරය.සිවුර ඇගටම ඇලුනු ස්වබාවයක් ගනී.කිහිල්ල යටින් දිවෙන සියුම් රෙකාවකින් චීවර පෙන්වා දී ඇත.මෙය ක්‍රි.ව.4-5 සියවසට අයත් යැයි සලකනු ලබයි.මහාචාර්ය පරණවිතාන මහතා මෙය භාරතීය මතුරා සම්ප්‍රදායට අයත් බව පවසයි.කෙසේ වෙතත් මතුරා කලාවේ උච්චතම් අවසථාවක් නිරූපණය කරන ගුප්ත සම්ප්‍රදායට අයත් බව නුතන පිලිගැනීමයි.පිරිපුන් හිස ,පුළුල් නළල් තලය ,ඍජු ශරීරය ,අඩවන් දෙනෙත්  බුදු රදුන්ගේ සමාධිගත බව කළු ගලකින් මනාවට දක්වා ඇත.අඩවන් දෙනෙත් ගුප්ත සම්ප්‍රදාය සිහිගන්යි.නාසය මෑතකදී එක කොට ඇත. මෙහී උෂ්ණීසයක් දැකගත නොහැකිය.ඌර්න රෝම ධාතුවද එසේමය.නිග්‍රෝධ පාරිමණ්ඩලය  භාරතීය ප්‍රතිමාවලට වඩා ලංකාවේ ප්‍රතිමා තුල දැකගත හැකිය.මෙහිද එසේමය.
                                  
                               5.තොළුවිල බුද්ධ ප්‍රතිමාව
                          
                            ක්‍රි.ව.6-7 සියවස්වලට අයත් යැයි සැලකෙන  ධ්‍යාන මුද්‍රාව ද වීරාසනයද පෙන්නුම් කරන මෙය අනුරාධපුර අභයගිරි පෙදෙසේ තොළුවිල ප්‍රදේශයෙන් හමුවී ඇත.ඉන්දියාවේ පවා මෙය අභිබවන අන් කෘතියක් නොමැති බව  ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි .ක්‍රි.ව.6-7 සියවස්වලට අයත් යැයි  සැලකේ.මහමෙවුනා සමාධි  පිළිමය මෙන් ධ්‍යාන මුද්‍රාව ද වීරාසනයද පෙන්නුම් කරයි .සිවුර ඒකාංශිකරය පොරවා ඇති අතර සමාධි පිළිමයට සමානකමක් දක්වයි.අනුරාධපුර යුගයේ පැහැදිලි නැති  උෂ්ණීසය  තොළුවිල පිළිමයේ පැහැදිලිව දක්වා ඇත.සිරිලක මුල් කාලයේ ප්‍රතිමා අතර මෙතරම් හොඳ පැහැදිලි උෂ්ණීසයක් දැකගත නොහැකිය.සාමාන්‍ය මිනිස් රුවක උසට නිර්මාණය කර ඇති මෙහී උස හා දෙදන අතර ඇති දුර සමාන බවක් දැකිය හැක.එනම් උස අඩි 5යි අගල් 09කි. දෙවුර ස්පර්ශ නොකරන ලඹ සවන් අන් කිසිදු ප්‍රතිමාවකින් නොදක්නා තරමේ සජීවී බවක් දක්වන ඇස් පිහාටු යටි තොල ආදී අංග මුලදී ප්‍රකාශ කළ කුමරස්වාමී ශුරීන්ගේ අදහස සනාථ කරයි. මෙහී භාවනායෝගීව වැඩ සිටින අයුරු පෙන්වීමට සුන්දර උපශාන්ත බව කුලුගැන්වීමට හෙළ කලාකරුවා උත්සහ ගෙන ඇත. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේට අනුව මෙම ප්‍රතිමාව ධම්මරු සම්ප්‍රදායට අයත් බව පැවසේ. මෙහී අඩක් වැසූ දෙනෙත් නුදුර බලා සිටින ආකාරයකින් නෙළා තිබේ. හිස කේ අක් බඹරු සේ කැරැළි  ගැසි ඇත.මුහුණ රවුම් ය.ඉන්දියාවේ ගුප්ත යුගයේ  මතුරා පිලිමවලට සමාන කමක් දක්වන බව විද්වත් මතයයි.ඇතැමුන් මෙයින් අමරාවතී ලක්ෂණ ඇති බව පවසයි.වැඩි දෙනකුගේ මතය වන්නේ මෙය ට ගුප්ත ආභාෂය ලැබී ඇති බවයි.චීවර ඇගටඇලුනු ස්වභාවයක් ගනී.චීවර මතු කොට දක්වා  නැත.රැළි මතු කොට දක්වා නොමැති අතර ඒකාංශ බව දක්වන්නේ තනි රේඛාවකිනි.දෙවුර අතර පරතරය අඩි 3 අගල් 5කි.ප්‍රභාමණ්ඩලයක්  තිබෙන්නට ඇත.උෂ්ණීසය සමාධි පිළිමයට වඩා උසින් නිමවා ඇත.
                               6.පන්කුලිය බුද්ධ ප්‍රතිමාව .

                          අනුරාධපුර කුට්ටම් පොකුණ සමීපයේ මල්වතු ඔය අසල පිහිටා තිබේ.ශාරීරිකව හා ශාන්ත ගුණයෙන් යුත් අලංකාර පිළිමයකි.උෂ්ණීසය මහා සම්ප්‍රදායයික ගුණය සිහි ගන්වයි.ඒ අනුව කුණ්ඩලාකාරව සකසා ඇති හිසකේ  සහ උෂ්ණීසය මනාව පිහිටා ඇත.මුහුණේ ඉරියව් හැගීම් දනවන සුළුය. ඇතැමෙක් මෙහී විතර්ක  මුද්‍රාව නිරූපණය වන බව පවසයි.ඇතමුන් මෙම පිළිමයෙන දකුණු අතින් අභය මුද්‍රාව නිරූපණය කරන බව පවසයි.ඒකාංශව පොරවන ලද චීවරය වම් අතේ වළලුකර සිට වම් කලවා දක්වා  එල්ල වැටෙන ආකාරයට නිමවා ඇත.සමහරුන් පවසන්නේ මෙහී දැක්වෙන්නේ  අභය  මුද්‍රාව බවයි. වමතින් කටක හස්ත මුද්‍රාව නිරූපණය වන බවයි. මෙහී කලාවේ එන චතුර්මානය නිවැරදිව දක්වා ඇත. පිළිමයේ ආසන ක්‍රමය වීරාසනයයි. අඩි 7 ක් පමණ උස ඇති පිළිමය තනවන ලද ආසනයක තබා ඇත. බුදුරදුන් ධර්ම දේශනාවක යෙදෙමින් යම්කිසි ගැටළුවක් විසඳන ආකාරයෙන් ප්‍රතිමාවේ දෙඅත් මුර්තිමත් කර ඇත. මෙය අනුරාධපුර යුගයේ අග භාගයට එනම් ක්‍රි.ව.8-9 සියවස් වලට අයත් බුද්ධ ප්‍රතිමාවක් ලෙස සැලකේ.
                  මේ අනුව බලන කල අනුරාධපුර යුගයේ පිළිම සඳහා විදේශීය බලපෑම ලැබී ඇති බව දැකගත හැකිය.  
                                        
ආශ්‍රිත  ග්‍රන්ථ :
·         උසස් පෙළ විෂය නිර්දේශය .
·         හෙළ කලා වත-සොලමන් ප්‍රේමානන්ද.
·         නිරීක්ෂණය  (පිළිම තිබෙන ස්ථානවලට ගොස් නිරීක්ෂණයෙන් හා ඒ පිළිබදව අවබෝධයක් ඇති අයගෙන් අසා දැනගැනීම . )

Thursday, June 20, 2019

නව මාධ්‍ය හා එහි ලක්ෂණ

   

මිනිසා නිරන්තරයෙන් පරිණාමයට පත් වේ. මානව පරිණාමයේ වැදගත් දෙයක් ලෙස තාක්ෂණය බිහිවීම හඳුනාගත හැකිය .හදුනාගත හැකිය තාක්ෂණය වූ සුවිශේෂීත්වය නිසා ම නව මාධ්‍ය බිහි විය.
නව මාධ්‍ය යන්න හඳුනා ගැනීමට විවිධ මතවාද හා නිර්වචන ඉදිරිපත් කර තිබේ.

Techopedia
"නව මාධ්‍ය යනු පරිගණක තාක්ෂණය පිළිබඳ නවෝත්පාදන හේතුවෙන් විවිධාකාර විද්‍යුත් සන්නිවේදනය සන්නිවේදන ක්‍රම භාවිතා කළ හැකි නව මාදිලියකි ."

Encyclopedia 
"අන්තර්ජාලය වැනි බීටල් තාක්ෂණය භාවිතා කරමින් සන්නිවේදනය කිරීමේ මාධ්‍ය නව මාධ්‍ය වේ "

THE LANGUAGE OF NEW MEDIA 

"නව මාධ්‍ය තුල දක්නට ලැබෙන සුවිශේෂිත්වය සුවිශේෂිත්වය වන්නේ ඒ සාම්ප්‍රදායික මාධ්‍යන් වන චිත්‍රපට සංගීත ඡායාරූප කථික ලිඛිත වචන ආදිය උපයෝගී කොට ගනිමින් හා පරිගණකය හරහා අන්තර්ජාලය අන්තර්ජාලය යොදා ගෙන ඒ හා බද්ධ වෙමින් නව මාධ්‍ය බිහි වී තිබේ" 

නව මාධ්‍ය අධ්‍යනය කිරීම තුළ විවිධ විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ.
1. යන්ත්‍ර විද්‍යාව 
2. අර්ධ විද්‍යාව
3. විද්‍යුත් විද්‍යාව 
4. සංඥා විද්‍යාව
වර්තමානය වන විට නව මාධ්‍යයේ ප්‍රධාන පාරිභෝගිකයා බවට පත්ව සිටින්නේ තරුණ ප්‍රජාවයි සාම්ප්‍රදායික මාධ්‍ය තුළ මෙම විප්ලවීය පරිවර්තනයට හේතු වන්නේ නව මාධ්‍ය බව ආරියරත්න ඇතුගල මහතා පවසයි .

මහාචාර්ය Russell ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලය මාධ්‍ය තාක්ෂණය පිළිබඳ විශේෂඥයකු වන මොහු නව මාධ්‍ය පිළිබඳව අදහස් දක්වා ඇත .

"භාවිතාකරන්නන්ගේ අවශ්‍යතා අනුව අවශ්‍ය මොහොතක අවශ්‍ය ස්ථානයක සිට අවශ්‍ය තොරතුරු සපයා ගත ප්‍රකාශනයට නිර්මාණශීලී මාධ්‍ය අවකාශයක් සහිත ව සමාජයීය සබඳතා ජාලයක් හා සහසම්බන්ධිත දී ජනමාධ්‍ය කරනවා සන්නිවේදන කාර්යය සඳහා භාවිත කරන මාධ්‍ය නව මාධ්‍යය වේ"
විල්බර් ශාම් ට අනුව සන්නිවේදනය යනු පුද්ගලයන් කිසි පිරිසක් අතර ඇතිවන මනෝ වෘත්තියකි. සන්නිවේදනය සෑම ක්ෂේත්‍රයක් තුළ ම පැතිර පවතින්නකි. සන්නිවේදනය සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙකම යොදා ගත හැකි වුවද වර්තමානය වන විට සමාජය තුළ වැඩි වශයෙන් භාවිත කරන්නෙ නව මාධ්‍ය යි. ඉතා විශාල විෂය පථයක් හිමිකරගත් නව මාධ්‍ය ගෝලීයකරණය සමඟ ඉදිරියට පැමිණ තිබේ.
වර්තමානයේ ලොව කොතැනක සිටියත් ඉතා පහසුවෙන් දුර අභිබවා සන්නිවේදනය කළ හැකිය. එක් අන්තයක් තවත් අන්තයක් යා කරමින් ක්ෂණික ඇති කරනු ලබන සබඳතාව අනෙකුත් මාධ්‍ය අභිබවා නව මාධ්‍ය කෙරෙහි නැඹුරු වීමට ප්‍රධානතම හේතුවකි .ඕනෑම ස්ථානයක් තුළ ඕනෑම ඩිජිටල් මෙවලමක් හරහා සම්බන්ධ විය හැකි ය. ලෝක සංවර්ධනය සඳහාද නව මාධ්‍ය තුළින් පැනවීමක් ඇති කොට තිබේ .
මාධ්‍යයක් නව වන්නේ කෙසේද යන්න පළමුව විවරණය කළේ කැනේඩියානු සන්නිවේදන ශාස්ත්‍රඥයකු වන මාර්ෂල් මැක්ලුහන් ය .ඔහු තම understanding in media යන කෘතිය තුළ නව මාධ්‍ය පිළිබඳව අදහස් දක්වයි .
කුඩා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතයෙන් ලොවක් ආමන්ත්‍රණය කිරීමේ විශ්වීය ගුණාංග හේතුවෙන් නාම අද ඉතාම සුවිශේෂී වේ. ගෝලීයකරණයට ලක් වූ සමාජ වපසරියක මූලාරම්භය සඳහා නව මාධ්‍ය මාධ්‍යයේ දායකත්වය සුළුපටු නොවේ. කිසියම් රාජ්‍යයක දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්තීන් හි සමාජ පැතිකඩ විවරණය කිරීමේ හා විවේචනය කිරීමේ හැකියාව මත රාජ්‍යයන්හි දේශපාලනික කරන්නටත් මඟපාදන ඉලෙක්ට්‍රොනික සාධක අතර වඩාත් සාධනීය කරුණක් බවට මෙම නව මාධ්‍ය භාවිතා වී තිබේ .ද්වී පාර්ශික හෝ ඊට වඩා පාර්ශවීය දායකත්වයක් සහිත බැවින් මේ සඳහා භාවිත ඉල්ලුම ඉතා විශාල මට්ටමක පවතී. විචාරශීලී නිගමනයන් සඳහා ඇති ඉඩකඩ නිසාවෙන් මෙම තත්ත්වය සමාජ ස්ථරය සරල සාමාන්‍ය භාවිතයක් බවට පත්ව තිබේ.
අධිතාක්ෂණික මෙවලම් භාවිතයෙන් ක්‍රියාත්මක වීම මත ග්‍රාහකයන්ගේ තොරතුරු උපයෝගිතාවය වඩාත් වේගයෙන් හා තම අවශ්‍යතාවයට අනුකූල ලෙස සැපයීමේ විශේෂ හැකියාවක් මත මෙම නව මාධ්‍ය වඩා ඉදිරියේ පවතින අතර ඒ හේතුවෙන් සාම්ප්‍රදායික ඒකපාර්ශවීය මාධ්‍ය රටාව ක්‍රමයෙන් ග්‍රාහක සමාජයේ බැහැර කරමින් සිටි .එහෙත් කාලය හා අවකාශය මත සියල්ල තීරණය වන අධිතාක්ෂණික යුගයක මෙම තත්ත්වය බහුල වශයෙන් ව්‍යාප්ත වුවද මෙම හේතුවෙන් සමාජයේ ආචාර ධර්ම සහ පෞද්ගලික නිදහස සංස්කෘතිමය රාමුව බිඳ වැටී ඇති අතර මෙම නාම මාධ්‍ය සහස්‍රයේ මිනිසාගේ හිස පැලඳි කටයුතු මෙන්ම දැලි පිහියෙන් කිරි කෑම ක්‍රියාවක් මෙන්ම අවදානම් සහගත බවද අමතක නොකළ යුතුය.
නව මාධ්‍යයේ පැමිණීමත් සමග සමග සමාජයට සුවිශේෂී හිතකර බලපෑම් ඇතිවිය...
• අන්තර් ක්‍රියාකාරී වීඩියෝ ක්‍රම භාවිතය
• විද්‍යුත් වාණිජ කටයුතු 
• විද්‍යුත් සාප්පු සවාරි
• අන්තර්ජාල සංවාද 
• විද්‍යුත් වෛද්‍ය සේවා
• විද්‍යුත් කටයුතු
• විද්‍යුත්-අධ්‍යාපනය 
• බහුමාධ්‍ය ඉදිරිපත් කිරීම
• විද්‍යුත් සාකච්ඡා ක්‍රමය 
• සබඳතා ජාල 

නව මාධ්‍ය හරහා පුවත්පත ගුවන් විදුලිය ගුවන් විදුලිය රූපවාහිනිය ඇතුළු සාම්ප්‍රදායික මාධ්‍යන් පෝෂණය කරයි .
• අක්ෂර සටහන් ශබ්ද නිල රූපරාමු හා චංචල රූප රූප රාමු හැසිරවිය හැකි බව මාධ්‍යයක් වීම 
• email ,,FTPක්‍රම මගින් file හුවමාරු කර ගැනීම 
• search engines ක්‍රමය හරහා විශ්ව තාක්ෂණිකව ළඟා කරවීම
• සංවර්ධන සන්නිවේදන මාධ්‍යයක් ලෙස සාර්ථක 
සාම්ප්‍රදායික මාධ්‍ය මාධ්‍යයේ හැඩතල සකස් කර හැඩතල සකස් කර ගැනීමට හා ඒවා නව මාධ්‍ය ප්‍රවණතාවයන්ට ක්‍රම ක වනගත වීමට කාලය හා අවකාශය ග්‍රාහකයාගේ කැමැත්ත පරිදි තේරුම්ගත යුතුය .මෙහිදී නව මාධ්‍යයේ සුවිශේෂී ගුණාංගය ප්‍රබල ලෙස බලපානු ඇත .
රූපවාහිනිය හා ගුවන්විදුලිය සාම්ප්‍රදායික මාධ්‍ය වුවත් පියෝ ටීවී හරහා තමන්ට අවශ්‍ය වෙලාවක තමන් කැමති රූපවාහිනී වැඩසටහනක් නැරඹිය හැකි ය .
අන්තර්ජාලය හරහා සිදු කෙරෙන සන්නිවේදනය සමාජ හා පුද්ගල ජීවිත වල ඇති කරන වෙනස සුළුපටු නොවේ .සුලුපටු නොවේ.විශේෂයෙන්ම සංස්කෘතික මිනිසා යටපත්වී සංස්කෘතිකත්වය අතික්‍රමණය කළ නව මානව ජීවියකු බිහි කිරීමට නව මාධ්‍ය වහල් වී තිබේ .අතිශය සංකීර්ණ හා විශාල ප්‍රාග්ධන ආයෝජනය සාම්ප්‍රදායික සංනිවේදනය සුලභ මාධ්‍ය භාවිතය වන ගුවන්විදුලිය හා රූපවාහිනිය තුළ නොමැති සරල තාක්ෂණික පහසුව අවම පිරිවැය ආදිය නිසා නව මාධ්‍ය ග්‍රාහකයන්ගේ සමීප වූ බවට පත්ව තිබේ .ඕනෑම අයෙකුට තම සිතැඟි පරිදි මාධ්‍ය පණිවිඩය සමාජගත කිරීමේ හැකියාව මේ හරහා ලැබී ඇත .මේ පුරවැසි මාධ්‍යකරණය citizen journalism ලෙස හදුන්වනු ලබයි .
නව මාධ්‍යයේ සුවිශේෂී ලක්ෂණ පහක් හඳුනාගත හැකිය .
1. අංකිතකරණය 
2. අභිසාරිතාව 
3. තාත්වික භාවය 
4. අධිවේගී ත්වය 
5. අන්තර් ක්‍රියාකාරීත්වය 
නව මාධ්‍ය බිහිවීම කෙරෙහි සෘජුවම 
බලපානු ලැබුවේ
1. ගෝලීයකරණය 
2. ගෝලීය ධනවාදය 
3. සංඛ්‍යාත සන්නිවේදන තාක්ෂණය ඇතිවීම 
ආදිය සියලු වෙනස්කම් සමාජය තුළ සිදුවන්නේ නව මාධ්‍ය හරහා ය. නව මාධ්‍ය හරහා ඇතිවන ප්‍රබල වෙනස්කමක් ලෙස සියලු ක්ෂේත්‍රයේ ඒකාබද්ධ කිරීම කිරීම හෙවත් අභිසාරිතා සංකල්පයගොඩනැගේ .නව මාධ්‍ය ඇතිවීමත් සමඟ සමාජයේ සිදු වූ මෙම වෙනස පිළිබඳව 
1. MARSHALL MCLUHAN
2. FRIEDRICH KLTTLER
3. BERNAND STIEGLER
4. MANNUEL CASTTELS
යන අය ඉතා ඉතා වැදගත් අධ්‍යයන කටයුතු සිදු කොට ඇත .
නව මාධ්‍ය මෙතරම් සමාජගතවීමට අනන්‍ය වූ ලක්ෂණ කිහිපයක් පවතී .
• සංඛ්‍යාංකකරණය
• ජාලගතකරණය 
• අන්තර් ක්‍රියාකාරීත්වය 
• උපරිලේඛනීයත්වය
• අන්තර් ක්‍රියාත්මක තාවය 
• දත්ත සංගෘහිත බව පදනම් 

කර ගනිමින් සමාජ ජාලා බොහොමයක් උපත ලබා ඇත .අන්තර්ජාලය හා නව මාධ්‍ය සතු කර ගනිමින් බිහි වූ සමාජ ජාලා බොහොමයක් 
පෞද්ගලික 
ආර්ථික 
දේශපාලනික 
සමාජයීය 
අධ්‍යාපනික 
සංස්කෘතික
ආදී සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරගෙන තිබේ .මෙලෙස බිහි වූ සමාජ ජාලා හරහා ලොවම හැකිලෙන්නට විය .ඒ තවදුරටත් වර්ධනය වී සමාජ රැසක් එක්ව ජාල සමාජයක් ගොඩ නැගී ඇත .
• Face boook
• Twitter 
• Linkedin
• Googl +
• Myspace
• U-Tube

අන්තර්ජාලයෙන් මුල් කාලයේ විනෝදාස්වාදය සඳහා යොදා ගන්නා ලදී .ඒ හරහා සෝෂල් මීඩියා නම් සංකල්පය බිහි වී තිබේ.
1. Social fourm
2. Social networking 
3. Collaborate project 
4. Blogs and micro blogs
5. Communities 
6. Virtual gane worlds and virtual 
නව මාධ්‍ය භාවිතය තුළින් වාසි ගණනාවක් අත්පත් කරගත හැකිය . 
• සමාජීය වශයෙන් සමාජයේ සම්බන්ධතා පුළුල් වේ 
• නව මිතුරු සබඳතා නිර්මාණය වේ
• පරණ මිත්‍ර සබඳතා අලුත් වේ 
• අධ්‍යාපනික වශයෙන් විවිධ මිතුරු කණ්ඩායම් නිර්මාණය කර ගැනීම හරහගැනීම හරහා දැනුම බෙදා ගැනීමට හැකිය .අතීතයේ දී සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම හා ජනමාධ්‍ය හරහා සපුරාගත් අධ්‍යාපනික අවශ්‍යතාවයන් ද වර්තමානය වන විට නව මාධ්‍ය හරහා සපුරා ගැනීමට යොමුවේ .භාෂා හා තාක්ෂණික දැනුම ලබාගත හැකි වීම .
• ආර්ථික වශයෙන් වර්තමානය වන විට නව මාධ්‍ය හරහා හොඳ වෙළඳ පොළක් නිර්මාණය වී තිබේ .ඒ හරහා ප්‍රවර්ධන කටයුතු සිදුකරයි.
• ආගමික හා සංස්කෘතික වශයෙන් වෙනත් සංස්කෘතීන් ගේ ආගම් වල තොරතුරු දැන ගැනීමට හැකිය .
• දේශපාලනික වශයෙන් ජනමතය ගොඩනැඟීම සඳහා දායකත්වයක් නව මාධ්‍ය හරහා ලබාදේ.
මාධ්‍ය හරහා යහපත් තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ . නව මාධ්‍ය භාවිතය තුළ අනිසි ක්‍රියා කලාපයන් නිසා 
• සියදිවි නසාගැනීම් 
• අන් සංස්කෘතීන් අතර ගැටුම් සමාජ තත්වයන් අතර හිතකර බලපෑම් ඇති කරයි .
• පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඩාල කරයි
• කාලය හා වෙහෙස අනවශ්‍ය ලෙස වැය වේ 
• අනවශ්‍ය සම්බන්ධතා ගොඩනැගේ
• මාධ්‍ය භාවිතය තුළ අනිසි ක්‍රියා කලාපයන් නිසා සියදිවි නසාගැනීම් ,අන් සංස්කෘතීන් අතර ගැටුම් ,සමාජ තත්වයන් අතර හිතකර බලපෑම් ඇති කරයි.
• පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඩාල කරයි 
• කාලය හා වෙහෙස අනවශ්‍ය ලෙස වැවේ 
• අනවශ්‍ය සම්බන්ධතා ගොඩනැගේ 
• දේශපාලන ප්‍රතිරූපය විනාශ වෙයි
• අසත්‍ය තොරතුරු වාර්තාකරණය හරහා සමාජය තුළ ගැටුම් නිර්මාණය කරයි 
• සෞඛ්ය ක්ෂේත්රය ට අයත් සහ සාවද්‍ය තොරතුරු පවසයි 
ඉහත කරුණු මෙන්ම නව මාධ්‍ය ව්‍යාප්තිය හා එහි බලපෑම් පිළිබඳ අවධානය යොමු කරන විට මාධ්‍ය ප්‍රවණතාවන් වශයෙන් ව්‍යාප්ත වීම නව මාධ්‍ය තුල දැකිය හැකිය .
• ජනමාධ්‍ය ව්‍යාප්ත වූවාට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වේ 
• ව්‍යාප්තවේ නූතන තාක්ෂණය හා අනන්‍ය සන්නිවේදන ක්‍රියාවලිය තුළ භාවිතයට ගැනෙන අන්තර් ක්‍රියාකාරීත්වය සහිත වඩා ප්‍රබල ප්‍රතිපෝෂණ මාධ්‍යකි 
• ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පවතී 
• ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකු සමඟ සම්බන්ධ සම්බන්ධ වග සම්බන්ධ වීමට හැකිය
• සරල ක්ෂණික භාවිතයෙන් තනි පුද්ගලයෙකුට වුවද හැසිරවීමට හැකි ය.
• ජනමාධ්‍ය තුළ දක්නට ඇති උර්තීය මාධ්‍යවේදය තුළද දක්නට ඇත්තේ පුරවැසි මාධ්‍යවේදය. 
• මෙහි නාමයන් හා වාරණයන් දක්නට නොමැත 
• මාධ්‍ය සදාචාරය පුරවැසියා සතු නොවීම නිසා සමස්ත සංදේශ කරණයන් දක්නට නොලැබේ 
• අධිපතිවාදයක් නොලැබුණද එය පාලනය කරන්නේ මහා පරිමාණ බහු ජාතික සමාගම් විසිනි 
• වර්තමානය වන විට ලෝක ජනගහනයෙන් භාගයක් නව මාධ්‍ය භාවිත කරයි 
• අමෙරිකාව කැනඩාව ආදී යුරෝපයේ බහුතර රටවල් තම මාධ්‍ය කොට ගන්නේ නව මාධ්‍ය මාධ්‍ය 2018 සැප්තැම්බර් වන විට ලංකාවේ එෆ්බී භාවිතය 28.4 %කි .

ඉන්දියාව හා ශ්‍රී ලංකාව 35% ක් ඉන්ටනෙට් පරිහරණය කරයි නව මාධ්‍ය තුල ජංගම බව ඉතා වේගයෙන් ව්‍යාප්ත වේ .
නව මාධ්‍ය මාධ්ය බල‍ය බලපෑම විග්‍රහ කිරීමේදී 

• සමාජයේ බලපෑම
• බහුවිධ දත්ත 
• පෞද්ගලීකරණය 
• ආත්ම භාගය 
• ද්වේශ සහගත ප්‍රකාශන 
• සංවේදී දර්ශන 
• පුද්ගල චර්යා ආදිය දක්නට ලැබේ .

නව මාධ්‍ය තුල සමාජ මාධ්‍ය සුවිශේෂී භූමිකාවක් ඉටු කරයි .සමාජ මාධ්‍ය යනු නව මාධ්‍යයේ ප්‍රවණතාවයකි .
• සමාජ තත්වයන් සහ අන්තර් ක්‍රියාකාරී මාධ්‍යකි 
• අතිශය ජනප්‍රිය අංශයයි 
• ජාලගත වූ මාධ්‍ය ස්වරූපයක් දක්නට ලැබේ 
• අන්තර් ක්‍රියාකාරී විශාල පිරිසකට එකවර සන්නිවේදනය කළ හැකිය 
• තමන්ට අවශ්‍ය ඕනෑම ස්වරූපයකින් තොරතුරු ජාල ගත කිරිම හා ලබාගැනීම සිදුකර හැකි 
• විශාල ප්‍රමාණයක් හුවමාරු වන අලෙවිකරණ දේශපාලන විග්‍රහය තුළ හා පෞද්ගලික අදහස් හුවමාරුව තුළ ජනප්‍රිය අංශයකි විශාල බලපෑම්කාරී මාර්ගයකි 
• ලංකාවේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය සියල්ල තුළ පවත්වාගෙන යනු ලබයි සාර්ථක මහජන සම්බන්ධතාවක් උදෙසා මෙය සිදුකරයි ...
ඉහත කරුණු දෙස අවධානය යොමු කරන විට නව මාධ්‍ය යනු වර්තමාන වර්ථමාන සමාජයේ ඉතාම සුවිශේෂී සාධකයක් බවට පත් වේ .

M.D.C.S.Wijewardhana 
University of Kelaniya

Portrait