Thursday, June 20, 2019

නව මාධ්‍ය හා එහි ලක්ෂණ

   

මිනිසා නිරන්තරයෙන් පරිණාමයට පත් වේ. මානව පරිණාමයේ වැදගත් දෙයක් ලෙස තාක්ෂණය බිහිවීම හඳුනාගත හැකිය .හදුනාගත හැකිය තාක්ෂණය වූ සුවිශේෂීත්වය නිසා ම නව මාධ්‍ය බිහි විය.
නව මාධ්‍ය යන්න හඳුනා ගැනීමට විවිධ මතවාද හා නිර්වචන ඉදිරිපත් කර තිබේ.

Techopedia
"නව මාධ්‍ය යනු පරිගණක තාක්ෂණය පිළිබඳ නවෝත්පාදන හේතුවෙන් විවිධාකාර විද්‍යුත් සන්නිවේදනය සන්නිවේදන ක්‍රම භාවිතා කළ හැකි නව මාදිලියකි ."

Encyclopedia 
"අන්තර්ජාලය වැනි බීටල් තාක්ෂණය භාවිතා කරමින් සන්නිවේදනය කිරීමේ මාධ්‍ය නව මාධ්‍ය වේ "

THE LANGUAGE OF NEW MEDIA 

"නව මාධ්‍ය තුල දක්නට ලැබෙන සුවිශේෂිත්වය සුවිශේෂිත්වය වන්නේ ඒ සාම්ප්‍රදායික මාධ්‍යන් වන චිත්‍රපට සංගීත ඡායාරූප කථික ලිඛිත වචන ආදිය උපයෝගී කොට ගනිමින් හා පරිගණකය හරහා අන්තර්ජාලය අන්තර්ජාලය යොදා ගෙන ඒ හා බද්ධ වෙමින් නව මාධ්‍ය බිහි වී තිබේ" 

නව මාධ්‍ය අධ්‍යනය කිරීම තුළ විවිධ විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ.
1. යන්ත්‍ර විද්‍යාව 
2. අර්ධ විද්‍යාව
3. විද්‍යුත් විද්‍යාව 
4. සංඥා විද්‍යාව
වර්තමානය වන විට නව මාධ්‍යයේ ප්‍රධාන පාරිභෝගිකයා බවට පත්ව සිටින්නේ තරුණ ප්‍රජාවයි සාම්ප්‍රදායික මාධ්‍ය තුළ මෙම විප්ලවීය පරිවර්තනයට හේතු වන්නේ නව මාධ්‍ය බව ආරියරත්න ඇතුගල මහතා පවසයි .

මහාචාර්ය Russell ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලය මාධ්‍ය තාක්ෂණය පිළිබඳ විශේෂඥයකු වන මොහු නව මාධ්‍ය පිළිබඳව අදහස් දක්වා ඇත .

"භාවිතාකරන්නන්ගේ අවශ්‍යතා අනුව අවශ්‍ය මොහොතක අවශ්‍ය ස්ථානයක සිට අවශ්‍ය තොරතුරු සපයා ගත ප්‍රකාශනයට නිර්මාණශීලී මාධ්‍ය අවකාශයක් සහිත ව සමාජයීය සබඳතා ජාලයක් හා සහසම්බන්ධිත දී ජනමාධ්‍ය කරනවා සන්නිවේදන කාර්යය සඳහා භාවිත කරන මාධ්‍ය නව මාධ්‍යය වේ"
විල්බර් ශාම් ට අනුව සන්නිවේදනය යනු පුද්ගලයන් කිසි පිරිසක් අතර ඇතිවන මනෝ වෘත්තියකි. සන්නිවේදනය සෑම ක්ෂේත්‍රයක් තුළ ම පැතිර පවතින්නකි. සන්නිවේදනය සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙකම යොදා ගත හැකි වුවද වර්තමානය වන විට සමාජය තුළ වැඩි වශයෙන් භාවිත කරන්නෙ නව මාධ්‍ය යි. ඉතා විශාල විෂය පථයක් හිමිකරගත් නව මාධ්‍ය ගෝලීයකරණය සමඟ ඉදිරියට පැමිණ තිබේ.
වර්තමානයේ ලොව කොතැනක සිටියත් ඉතා පහසුවෙන් දුර අභිබවා සන්නිවේදනය කළ හැකිය. එක් අන්තයක් තවත් අන්තයක් යා කරමින් ක්ෂණික ඇති කරනු ලබන සබඳතාව අනෙකුත් මාධ්‍ය අභිබවා නව මාධ්‍ය කෙරෙහි නැඹුරු වීමට ප්‍රධානතම හේතුවකි .ඕනෑම ස්ථානයක් තුළ ඕනෑම ඩිජිටල් මෙවලමක් හරහා සම්බන්ධ විය හැකි ය. ලෝක සංවර්ධනය සඳහාද නව මාධ්‍ය තුළින් පැනවීමක් ඇති කොට තිබේ .
මාධ්‍යයක් නව වන්නේ කෙසේද යන්න පළමුව විවරණය කළේ කැනේඩියානු සන්නිවේදන ශාස්ත්‍රඥයකු වන මාර්ෂල් මැක්ලුහන් ය .ඔහු තම understanding in media යන කෘතිය තුළ නව මාධ්‍ය පිළිබඳව අදහස් දක්වයි .
කුඩා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතයෙන් ලොවක් ආමන්ත්‍රණය කිරීමේ විශ්වීය ගුණාංග හේතුවෙන් නාම අද ඉතාම සුවිශේෂී වේ. ගෝලීයකරණයට ලක් වූ සමාජ වපසරියක මූලාරම්භය සඳහා නව මාධ්‍ය මාධ්‍යයේ දායකත්වය සුළුපටු නොවේ. කිසියම් රාජ්‍යයක දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්තීන් හි සමාජ පැතිකඩ විවරණය කිරීමේ හා විවේචනය කිරීමේ හැකියාව මත රාජ්‍යයන්හි දේශපාලනික කරන්නටත් මඟපාදන ඉලෙක්ට්‍රොනික සාධක අතර වඩාත් සාධනීය කරුණක් බවට මෙම නව මාධ්‍ය භාවිතා වී තිබේ .ද්වී පාර්ශික හෝ ඊට වඩා පාර්ශවීය දායකත්වයක් සහිත බැවින් මේ සඳහා භාවිත ඉල්ලුම ඉතා විශාල මට්ටමක පවතී. විචාරශීලී නිගමනයන් සඳහා ඇති ඉඩකඩ නිසාවෙන් මෙම තත්ත්වය සමාජ ස්ථරය සරල සාමාන්‍ය භාවිතයක් බවට පත්ව තිබේ.
අධිතාක්ෂණික මෙවලම් භාවිතයෙන් ක්‍රියාත්මක වීම මත ග්‍රාහකයන්ගේ තොරතුරු උපයෝගිතාවය වඩාත් වේගයෙන් හා තම අවශ්‍යතාවයට අනුකූල ලෙස සැපයීමේ විශේෂ හැකියාවක් මත මෙම නව මාධ්‍ය වඩා ඉදිරියේ පවතින අතර ඒ හේතුවෙන් සාම්ප්‍රදායික ඒකපාර්ශවීය මාධ්‍ය රටාව ක්‍රමයෙන් ග්‍රාහක සමාජයේ බැහැර කරමින් සිටි .එහෙත් කාලය හා අවකාශය මත සියල්ල තීරණය වන අධිතාක්ෂණික යුගයක මෙම තත්ත්වය බහුල වශයෙන් ව්‍යාප්ත වුවද මෙම හේතුවෙන් සමාජයේ ආචාර ධර්ම සහ පෞද්ගලික නිදහස සංස්කෘතිමය රාමුව බිඳ වැටී ඇති අතර මෙම නාම මාධ්‍ය සහස්‍රයේ මිනිසාගේ හිස පැලඳි කටයුතු මෙන්ම දැලි පිහියෙන් කිරි කෑම ක්‍රියාවක් මෙන්ම අවදානම් සහගත බවද අමතක නොකළ යුතුය.
නව මාධ්‍යයේ පැමිණීමත් සමග සමග සමාජයට සුවිශේෂී හිතකර බලපෑම් ඇතිවිය...
• අන්තර් ක්‍රියාකාරී වීඩියෝ ක්‍රම භාවිතය
• විද්‍යුත් වාණිජ කටයුතු 
• විද්‍යුත් සාප්පු සවාරි
• අන්තර්ජාල සංවාද 
• විද්‍යුත් වෛද්‍ය සේවා
• විද්‍යුත් කටයුතු
• විද්‍යුත්-අධ්‍යාපනය 
• බහුමාධ්‍ය ඉදිරිපත් කිරීම
• විද්‍යුත් සාකච්ඡා ක්‍රමය 
• සබඳතා ජාල 

නව මාධ්‍ය හරහා පුවත්පත ගුවන් විදුලිය ගුවන් විදුලිය රූපවාහිනිය ඇතුළු සාම්ප්‍රදායික මාධ්‍යන් පෝෂණය කරයි .
• අක්ෂර සටහන් ශබ්ද නිල රූපරාමු හා චංචල රූප රූප රාමු හැසිරවිය හැකි බව මාධ්‍යයක් වීම 
• email ,,FTPක්‍රම මගින් file හුවමාරු කර ගැනීම 
• search engines ක්‍රමය හරහා විශ්ව තාක්ෂණිකව ළඟා කරවීම
• සංවර්ධන සන්නිවේදන මාධ්‍යයක් ලෙස සාර්ථක 
සාම්ප්‍රදායික මාධ්‍ය මාධ්‍යයේ හැඩතල සකස් කර හැඩතල සකස් කර ගැනීමට හා ඒවා නව මාධ්‍ය ප්‍රවණතාවයන්ට ක්‍රම ක වනගත වීමට කාලය හා අවකාශය ග්‍රාහකයාගේ කැමැත්ත පරිදි තේරුම්ගත යුතුය .මෙහිදී නව මාධ්‍යයේ සුවිශේෂී ගුණාංගය ප්‍රබල ලෙස බලපානු ඇත .
රූපවාහිනිය හා ගුවන්විදුලිය සාම්ප්‍රදායික මාධ්‍ය වුවත් පියෝ ටීවී හරහා තමන්ට අවශ්‍ය වෙලාවක තමන් කැමති රූපවාහිනී වැඩසටහනක් නැරඹිය හැකි ය .
අන්තර්ජාලය හරහා සිදු කෙරෙන සන්නිවේදනය සමාජ හා පුද්ගල ජීවිත වල ඇති කරන වෙනස සුළුපටු නොවේ .සුලුපටු නොවේ.විශේෂයෙන්ම සංස්කෘතික මිනිසා යටපත්වී සංස්කෘතිකත්වය අතික්‍රමණය කළ නව මානව ජීවියකු බිහි කිරීමට නව මාධ්‍ය වහල් වී තිබේ .අතිශය සංකීර්ණ හා විශාල ප්‍රාග්ධන ආයෝජනය සාම්ප්‍රදායික සංනිවේදනය සුලභ මාධ්‍ය භාවිතය වන ගුවන්විදුලිය හා රූපවාහිනිය තුළ නොමැති සරල තාක්ෂණික පහසුව අවම පිරිවැය ආදිය නිසා නව මාධ්‍ය ග්‍රාහකයන්ගේ සමීප වූ බවට පත්ව තිබේ .ඕනෑම අයෙකුට තම සිතැඟි පරිදි මාධ්‍ය පණිවිඩය සමාජගත කිරීමේ හැකියාව මේ හරහා ලැබී ඇත .මේ පුරවැසි මාධ්‍යකරණය citizen journalism ලෙස හදුන්වනු ලබයි .
නව මාධ්‍යයේ සුවිශේෂී ලක්ෂණ පහක් හඳුනාගත හැකිය .
1. අංකිතකරණය 
2. අභිසාරිතාව 
3. තාත්වික භාවය 
4. අධිවේගී ත්වය 
5. අන්තර් ක්‍රියාකාරීත්වය 
නව මාධ්‍ය බිහිවීම කෙරෙහි සෘජුවම 
බලපානු ලැබුවේ
1. ගෝලීයකරණය 
2. ගෝලීය ධනවාදය 
3. සංඛ්‍යාත සන්නිවේදන තාක්ෂණය ඇතිවීම 
ආදිය සියලු වෙනස්කම් සමාජය තුළ සිදුවන්නේ නව මාධ්‍ය හරහා ය. නව මාධ්‍ය හරහා ඇතිවන ප්‍රබල වෙනස්කමක් ලෙස සියලු ක්ෂේත්‍රයේ ඒකාබද්ධ කිරීම කිරීම හෙවත් අභිසාරිතා සංකල්පයගොඩනැගේ .නව මාධ්‍ය ඇතිවීමත් සමඟ සමාජයේ සිදු වූ මෙම වෙනස පිළිබඳව 
1. MARSHALL MCLUHAN
2. FRIEDRICH KLTTLER
3. BERNAND STIEGLER
4. MANNUEL CASTTELS
යන අය ඉතා ඉතා වැදගත් අධ්‍යයන කටයුතු සිදු කොට ඇත .
නව මාධ්‍ය මෙතරම් සමාජගතවීමට අනන්‍ය වූ ලක්ෂණ කිහිපයක් පවතී .
• සංඛ්‍යාංකකරණය
• ජාලගතකරණය 
• අන්තර් ක්‍රියාකාරීත්වය 
• උපරිලේඛනීයත්වය
• අන්තර් ක්‍රියාත්මක තාවය 
• දත්ත සංගෘහිත බව පදනම් 

කර ගනිමින් සමාජ ජාලා බොහොමයක් උපත ලබා ඇත .අන්තර්ජාලය හා නව මාධ්‍ය සතු කර ගනිමින් බිහි වූ සමාජ ජාලා බොහොමයක් 
පෞද්ගලික 
ආර්ථික 
දේශපාලනික 
සමාජයීය 
අධ්‍යාපනික 
සංස්කෘතික
ආදී සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරගෙන තිබේ .මෙලෙස බිහි වූ සමාජ ජාලා හරහා ලොවම හැකිලෙන්නට විය .ඒ තවදුරටත් වර්ධනය වී සමාජ රැසක් එක්ව ජාල සමාජයක් ගොඩ නැගී ඇත .
• Face boook
• Twitter 
• Linkedin
• Googl +
• Myspace
• U-Tube

අන්තර්ජාලයෙන් මුල් කාලයේ විනෝදාස්වාදය සඳහා යොදා ගන්නා ලදී .ඒ හරහා සෝෂල් මීඩියා නම් සංකල්පය බිහි වී තිබේ.
1. Social fourm
2. Social networking 
3. Collaborate project 
4. Blogs and micro blogs
5. Communities 
6. Virtual gane worlds and virtual 
නව මාධ්‍ය භාවිතය තුළින් වාසි ගණනාවක් අත්පත් කරගත හැකිය . 
• සමාජීය වශයෙන් සමාජයේ සම්බන්ධතා පුළුල් වේ 
• නව මිතුරු සබඳතා නිර්මාණය වේ
• පරණ මිත්‍ර සබඳතා අලුත් වේ 
• අධ්‍යාපනික වශයෙන් විවිධ මිතුරු කණ්ඩායම් නිර්මාණය කර ගැනීම හරහගැනීම හරහා දැනුම බෙදා ගැනීමට හැකිය .අතීතයේ දී සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම හා ජනමාධ්‍ය හරහා සපුරාගත් අධ්‍යාපනික අවශ්‍යතාවයන් ද වර්තමානය වන විට නව මාධ්‍ය හරහා සපුරා ගැනීමට යොමුවේ .භාෂා හා තාක්ෂණික දැනුම ලබාගත හැකි වීම .
• ආර්ථික වශයෙන් වර්තමානය වන විට නව මාධ්‍ය හරහා හොඳ වෙළඳ පොළක් නිර්මාණය වී තිබේ .ඒ හරහා ප්‍රවර්ධන කටයුතු සිදුකරයි.
• ආගමික හා සංස්කෘතික වශයෙන් වෙනත් සංස්කෘතීන් ගේ ආගම් වල තොරතුරු දැන ගැනීමට හැකිය .
• දේශපාලනික වශයෙන් ජනමතය ගොඩනැඟීම සඳහා දායකත්වයක් නව මාධ්‍ය හරහා ලබාදේ.
මාධ්‍ය හරහා යහපත් තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ . නව මාධ්‍ය භාවිතය තුළ අනිසි ක්‍රියා කලාපයන් නිසා 
• සියදිවි නසාගැනීම් 
• අන් සංස්කෘතීන් අතර ගැටුම් සමාජ තත්වයන් අතර හිතකර බලපෑම් ඇති කරයි .
• පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඩාල කරයි
• කාලය හා වෙහෙස අනවශ්‍ය ලෙස වැය වේ 
• අනවශ්‍ය සම්බන්ධතා ගොඩනැගේ
• මාධ්‍ය භාවිතය තුළ අනිසි ක්‍රියා කලාපයන් නිසා සියදිවි නසාගැනීම් ,අන් සංස්කෘතීන් අතර ගැටුම් ,සමාජ තත්වයන් අතර හිතකර බලපෑම් ඇති කරයි.
• පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඩාල කරයි 
• කාලය හා වෙහෙස අනවශ්‍ය ලෙස වැවේ 
• අනවශ්‍ය සම්බන්ධතා ගොඩනැගේ 
• දේශපාලන ප්‍රතිරූපය විනාශ වෙයි
• අසත්‍ය තොරතුරු වාර්තාකරණය හරහා සමාජය තුළ ගැටුම් නිර්මාණය කරයි 
• සෞඛ්ය ක්ෂේත්රය ට අයත් සහ සාවද්‍ය තොරතුරු පවසයි 
ඉහත කරුණු මෙන්ම නව මාධ්‍ය ව්‍යාප්තිය හා එහි බලපෑම් පිළිබඳ අවධානය යොමු කරන විට මාධ්‍ය ප්‍රවණතාවන් වශයෙන් ව්‍යාප්ත වීම නව මාධ්‍ය තුල දැකිය හැකිය .
• ජනමාධ්‍ය ව්‍යාප්ත වූවාට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වේ 
• ව්‍යාප්තවේ නූතන තාක්ෂණය හා අනන්‍ය සන්නිවේදන ක්‍රියාවලිය තුළ භාවිතයට ගැනෙන අන්තර් ක්‍රියාකාරීත්වය සහිත වඩා ප්‍රබල ප්‍රතිපෝෂණ මාධ්‍යකි 
• ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පවතී 
• ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකු සමඟ සම්බන්ධ සම්බන්ධ වග සම්බන්ධ වීමට හැකිය
• සරල ක්ෂණික භාවිතයෙන් තනි පුද්ගලයෙකුට වුවද හැසිරවීමට හැකි ය.
• ජනමාධ්‍ය තුළ දක්නට ඇති උර්තීය මාධ්‍යවේදය තුළද දක්නට ඇත්තේ පුරවැසි මාධ්‍යවේදය. 
• මෙහි නාමයන් හා වාරණයන් දක්නට නොමැත 
• මාධ්‍ය සදාචාරය පුරවැසියා සතු නොවීම නිසා සමස්ත සංදේශ කරණයන් දක්නට නොලැබේ 
• අධිපතිවාදයක් නොලැබුණද එය පාලනය කරන්නේ මහා පරිමාණ බහු ජාතික සමාගම් විසිනි 
• වර්තමානය වන විට ලෝක ජනගහනයෙන් භාගයක් නව මාධ්‍ය භාවිත කරයි 
• අමෙරිකාව කැනඩාව ආදී යුරෝපයේ බහුතර රටවල් තම මාධ්‍ය කොට ගන්නේ නව මාධ්‍ය මාධ්‍ය 2018 සැප්තැම්බර් වන විට ලංකාවේ එෆ්බී භාවිතය 28.4 %කි .

ඉන්දියාව හා ශ්‍රී ලංකාව 35% ක් ඉන්ටනෙට් පරිහරණය කරයි නව මාධ්‍ය තුල ජංගම බව ඉතා වේගයෙන් ව්‍යාප්ත වේ .
නව මාධ්‍ය මාධ්ය බල‍ය බලපෑම විග්‍රහ කිරීමේදී 

• සමාජයේ බලපෑම
• බහුවිධ දත්ත 
• පෞද්ගලීකරණය 
• ආත්ම භාගය 
• ද්වේශ සහගත ප්‍රකාශන 
• සංවේදී දර්ශන 
• පුද්ගල චර්යා ආදිය දක්නට ලැබේ .

නව මාධ්‍ය තුල සමාජ මාධ්‍ය සුවිශේෂී භූමිකාවක් ඉටු කරයි .සමාජ මාධ්‍ය යනු නව මාධ්‍යයේ ප්‍රවණතාවයකි .
• සමාජ තත්වයන් සහ අන්තර් ක්‍රියාකාරී මාධ්‍යකි 
• අතිශය ජනප්‍රිය අංශයයි 
• ජාලගත වූ මාධ්‍ය ස්වරූපයක් දක්නට ලැබේ 
• අන්තර් ක්‍රියාකාරී විශාල පිරිසකට එකවර සන්නිවේදනය කළ හැකිය 
• තමන්ට අවශ්‍ය ඕනෑම ස්වරූපයකින් තොරතුරු ජාල ගත කිරිම හා ලබාගැනීම සිදුකර හැකි 
• විශාල ප්‍රමාණයක් හුවමාරු වන අලෙවිකරණ දේශපාලන විග්‍රහය තුළ හා පෞද්ගලික අදහස් හුවමාරුව තුළ ජනප්‍රිය අංශයකි විශාල බලපෑම්කාරී මාර්ගයකි 
• ලංකාවේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය සියල්ල තුළ පවත්වාගෙන යනු ලබයි සාර්ථක මහජන සම්බන්ධතාවක් උදෙසා මෙය සිදුකරයි ...
ඉහත කරුණු දෙස අවධානය යොමු කරන විට නව මාධ්‍ය යනු වර්තමාන වර්ථමාන සමාජයේ ඉතාම සුවිශේෂී සාධකයක් බවට පත් වේ .

M.D.C.S.Wijewardhana 
University of Kelaniya

8 comments:

Portrait