Saturday, July 27, 2019

Watercolor in paper







ආගමික ඇදහිලි හා දේව විශ්වාස

     
             සෑම මිනිසකුම කුමන හෝ ආගමක් හා බැඳී සිටී. සෑම කටයුත්තකදීම ආගම මුල් කරගන්නා ආකාරයක් දැකිය හැකිය .සෑම තරාතිරකම අයෙක් ආගම හා බද්ධව සිටි .එය අතීතයේ සිටම පැවත එන්නකි .කෘෂිකාර්මික රටක් වූ අප රට ස්වයං පෝෂිත වූවකි. ආගම දේව ඇදහිලි හා විශ්වාස මෙම කෘෂි ආර්ථිකය සමඟ සමීප සබඳතා පවත්වන බවත් එය අතීතයේ සිට පැවත එන බවත් නිරීක්ෂණය කළ හැක. ගොවිතැන ඒ අතරින් ප්‍රධාන වේ .අප රට කුඩා රටක් වුවත් ප්‍රදේශයෙන් ප්‍රදේශ තුළ පවතින දේහය ඇදහිලි හා විශ්වාස විශ්වාසයන් එකිනෙකට වෙනස් ස්වභාවයක් උසුලයි .මේ බොහොමයක් තුළ සන්නිවේදන කාර්යයක් වක්‍රව හෝ සෘජුව සිදුවන ආකාරයක් හඳුනාගත හැකිය .සිංහල ගොවියා වී සැලකුවේ විශාල වූ බුද්ධ භෝගයක් ලෙසිනි.ගොවිතැනේ සෑම වැඩකටම දෙවියන් බුදුන් සම්බන්ධ කරගැනීමට ඔවුන් අමතක කළේ නැත .ගොවිතැන වටා තිබූ තිබූ අනුස්මරණීය ආගමික ක්‍රමයන් හා දේව ඇදහිලි සම්භාරයන් ඇතැම් වෙනස්කම් සහිතව නූතනයේදී නොනැසී පවතී .එසේම කෙත හා බැඳි ඇදහීම් රටාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන ආකාරයත් ඒවා දෙස නිරීක්ෂණය කරන විට හඳුනා ගත හැකිය .බෞද්ධාගමික රටක් වන ශ්‍රී ලංකාව බුදුන් මුල්කොටගෙන සියලු කාර්යන් කරන ආකාරයක් දැකගත හැකිය .කෙතට කෙටීම ආරම්භ කරන්නේද සන්සුන් සිතින් ය. සියල්ල සිදුවන්නේ ද බුදුන් වැඳීමෙන් අනතුරුව ය .මේ හරහා ඔවුන් තමන්ගේ සිත සන්සුන් කර ගන්නා අතර එය බලා සිටින බාල පරම්පරාව එසේ කිරීමට පෙළඹේ .ආධ්‍යාත්මික සුවය මෙන්ම පහල පරම්පරාවට මේ පිළිබඳව සන්නිවේදනය වේ. සෑම යහපත් කටයුත්තක් ම යහපත් ආකාරයෙන් ආරම්භ කළ යුතු බව මෙයින් සන්නිවේදනය කරයි.ගොවිතැන වටා තිබූ අනුස්මරණීය ආගමික ක්‍රමයන් හා දේව ඇදහිලි සම්භාරයන් ඇතැම් වෙනස්කම් සහිතව නූතනයේදී නොනැසී පවතී. එසේම කෙත හා බැඳි ඇදහීම් රටාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන ආකාරයත් ඒවා දෙස නිරීක්ෂණය කරන විට හඳුනා ගත හැකිය. බෞද්ධාගමික රටක් වන ශ්‍රී ලංකාව බුදුන් මුල්කොටගෙන සියලු කාර්යයන් කරන ආකාරයක් දැකගත හැකිය. සෑම යහපත් කටයුත්තක් ම යහපත් ආකාරයෙන් ආරම්භ කළ යුතු බව මෙයින් සන්නිවේදනය කරයි .
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් කුඹුරු කිරීමෙන් අනතුරු ව පෙර කුඹුර කොටා කොටා පිරිත් නූල් බදිනු ලබයි .අනතුරුව කුඹුරු කොටන තැනැත්තා සිතින් සබ්බ පාපස්ස අකරණං ගාථාව කියනු ලබියි. එම කුඹුරට සතුන්ගෙන් හානියක් හෝ සතුන්ට තමන්ගේ හානියක් නොවේ යැයි සිතනු ලබයි .මේ හරහා සත්ව හිංසනය අවම වන බව ඔවුන් විශ්වාස කරයි .එසේම තමා මේ ආහාර ලබා ගැනීමේදී කිසිවකුටත් හානියක් නොවිය යුතුය යන හැඟීම සන්නිවේදනය කරයි.
ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල පිරිත් කරනු ලබයි .මේ හරහා විශ්වයේ තම ශක්තියෙන් ක්‍රියාත්මක වන බවත් මෙම පිරිතේ ශක්තියෙන් නිසා හානිය අවම බවත් විශ්වාස කරනු ලබන නූතන විද්‍යාවෙන් පිරිත් ක්ෂණික විශ්වයට මුදා හැරෙන බවත් එහි ශක්තියට ශාක නම්‍යතාවක් දක්වන බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරයි. බොහෝවිට මෙම පිරිත් ගමේ වැඩිහිටි ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් විසින් පවසන අතරේ පසු පරම්පරාවට ඉගැන්වීම සඳහා ද එහි වටිනාකම පවත්වාගෙන යෑම සඳහා ද මේවා යොදා ගන්නා ආකාරයක් හඳුනාගත හැකිය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිදුකරන විවිධ ආගමික ක්‍රියාවන් හඳුනාගත හැකිය.

අනුරාධපුර ගලෙන්බිඳුනුවැව

කුඹුරු ගොවිතැන සතුන්ගෙන් ස්වභාවික ආපදාවලින් ආරක්ෂා කරන දෙන මෙන් පෙර අස්වැන්න ලබාගන්නා ලද වී කරල් මිටක් ගෙයි කොනක එල්ලා තබනු ලබයි. අනතුරු අදාල කන්නේ තුළ ගොවිතැන් කර ගැනීමටත් කන්න තුළ ගොවිතැන් කර ගැනීමට ප්‍රථම කමතට ගොස් හක්ගෙඩියක් ,බුලත් හා පොල් ගෙඩියක් කමත මත තබා ගම්භාර දෙවියන්ට තමන්ගේ ගොවිතැන ආරක්ෂා කරලා දෙන මෙන් පවසයි .ඇතුලින් ගෙයක් තුළ එවැනි වී කරල් එල්ලා තබයි.එවිට ගෙදරට පැමිණෙන අය මොවුන් ගිය පාර ගොවිතැන් කරලා තියෙනවා යැයි හඳුනා ගනී. අස්වැන්න ලැබී තියෙනවා ඉස්සරහට ගොවිතැන් කරන්න සූදානම් යයි සන්නිවේදනය කරනු ලබයි. ගොවිතැන ආරම්භ කිරීමට ප්‍රථම පොල් ගෙඩියක් ගෙන එහි හුණු වලින් ගෙවත්තේ සලකුණු කොට ගසක එල්ලීම සිදු කරයි .මෙය කුඹුරු ගොවිතැන සතුන්ගේ ස්වාභාවික විපත්වලින් ආරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලමින් ගැට ගසන ලදී. කුඹුරු කටයුතු සියල්ල අවසන් කොට අස්වැන්න නෙලීමෙන් අනතුරුව පොල් ගෙඩියේ ලෙල්ල අයින් කර පොල් කිරි ලබා ගනියි .අනතුරුව ඒ සහල්වලින් කිරි හැර පූජාව පවත්වනු ලබයි .
පූජාව නොකළහොත් අදාල ගෙදර පිරිසට හීනෙන් අලි පෙනීම, බියවීම ,ජලයෙ ගිලීම වැනි නරක සිහින පෙනෙන බව පවසයි .ඇතැම්විට මෙය සන්නිවේදන ක්‍රමයක් විය හැකිය .පොරොන්දුවක් වුවහොත් එය අනිවාර්යයෙන් ඉටු කළ යුතු බව මෙයින් ගම්‍ය වේ .
ගම්පහ ප්‍රදේශය අස්වනු නෙළා ඉවර වීමෙන් අනතුරුව ගම් මතුව නම් අස්වැන්න ලබා දුන්නට ස්තුති කරන ස්ථානයක් තිබේ. එතැනට පැමිණ දෙවියන්ට ස්තූති කරන බව සඳහන් වේ .
මේ හරහා තමාට උපකාර කළ අයෙක් වේ නම් ඔහුට උපකාර කළ යුතු බව සන්නිවේදනය කරයි. එනම් කෘත ගුණ සැලකීමයි .

අනුරාධපුර අලුත් සහල් මංගල්‍යය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල තමන්ගේ කුඹුරු වලින් ලබාගන්නා පළමු අසන්න බුදුන්ට මෙන් වෙන්කොට තිබේ .අනතුරුව අනුරාධපුර ශ්‍රී අනුරාධපුර ශ්‍රී මහ බෝධිය ඉදිරිපිට සියල්ලන්ගේම සහලින් නැලියක් පුරවා ප්‍රාර්ථනාවන් කරනු ලබයි. මෙහිදී සියලු දෙනාට යහපත සතුට සාමය ප්‍රාර්ථනා කරනු ලබයි .

නුවර අලුත් සහල් මංගල්‍යය

නුවර දළදා මාලිගාවේ සහල් මංගල්ලෙට පෙර පවත්වනු ලැබුවේ පෙරහැරකින් තැන් තැන් වලට ගොස් සහල් එකතු කර කර ගැනීමෙනි. නූතනයේ සියල්ල මාලිගාවට මාලිගාවට ගොස් පූජා කරන ආකාරයක් දැකගත හැකිය .

අනුරාධපුර ගලෙන්බිඳුණු වැව

සහල් අලුතෙන් ගැනෙන විට මුට්ටියකට වෙනම සහල් ප්‍රමාණයක් වෙන්කොට තිබේ .අවුරුද්දට දෙසැරයක් නිවසකට කිරිහර පූජා කිරීම සඳහා අවස්ථාවක් ලැබේ. ධාතුන් වහන්සේගේ පූජාව සඳහා එනම් උදේ 6 ට පෙර මෙම සහලින් පිසු කිරිබත් පන්සලට ගෙන ගොස් ලබා දිය යුතුය. ඒ සඳහා පොල් කිරි ධාන්‍ය වර්ගයක් හකුරු හා කෙසේ භාවිතා කරයි. මේ දැනුම් දෙන්නේ හැන්දක් වැනි උපකරණයක් කතා නොකොට උදේ 6 න් පසු අදාළ නිවසට ලබාදීමනි. පසුව මෙය ලග නිවසට ලබාදීමේ පසු අදාල නිවසට ලබා දේ.මෙහෙ නිර්වාචික සන්නිවේදන ක්‍රමයක් ගැබ් වී ඇති ආකාරයක් දැකගත හැකිය .යම් වැරදි දෙයක් කියවන හොත් යැයි යැයි සිතා මෙය ලබාදීමෙන් පසු කතා නොකිරීම සිදු කරයි. මෙය දීමෙන් අනතුරුව එම නිවසේ බොහෝ වේලාවක් රැදෙන්නේ නැත .සිංහල ගොවියා බුදුන්ට අමතරව වී ගොවිතැන සම්බන්ධයෙන් දෙවිවරු රාශියක් සමග කටයුතු සිදුකරනු ලබයි. මෙම දෙවියන් ප්‍රධාන ධාරාවන් දෙකක් වත් ඒ වග කරනු ලබයි .

1.රටපුරා පිළිගන්න දීප ව්‍යාප්ත දෙවිවරු

• හිරු
• සඳු
• මහී කාන්තාව
• වැස්ස වලාහක
• පත්තිනි දෙවියන්
• සතර වරම් දෙව්වරු
• කතරගම දෙවියන්
• සමන් දෙවියන්
• ගම්භාර දෙවියන්
2.ප්‍රාදේශීය වශයෙන්
• වීරමුණ්ඩ
• සපුමල් බණ්ඩාර
• ගඟේ බණ්ඩාර
• විභීෂණ
• බිසෝබණ්ඩාර
• ගනේෂ්වර
• මාරි අම්මා

        කුඹුරට ජලය ලබා ගැනීම, අමුණු බැදීමේ, ගොයම් කැපීම, අස්වැන්න නෙලීමේ සිටම පරිභෝජනය දක්වාම මෙම දෙවියන් හා ආගම සම්බන්ධ වේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ද මෙම දෙවියන් හා බැඳී පවතින සබඳතා වෙනස් වේ .

          අනුරාධපුර ගලෙන්බිඳුණු වැව

ප්‍රධාන වශයෙන් ගණ දෙවියන් සෑම කෙනෙක් පාහෙම අදහනු ලබයි .තමන්ගේ මුල්ම කොටස බුදුන් අයින් කිරීමෙන් අනතුරුව ගමේ සියල්ලන්ගේ ම දායකත්වයෙන් රූස්ස ගසක් යට කිරි උතුරවනු ලබයි .ඒ සඳහා පිරිමියා පමණක් දායකත්වය සපයයි .කුඩා ළමුන් මේ සඳහා උපකාර ලබාගැනීමට ලගින් සිටි .මේ කෑම සදහා මිරිස් හොද්ද යැයි විශේෂිත වූ හොද්දක් සාදන අතර තමන් විසින් සාදන වියලි මිරිස් ඒ සඳහා යොදා ගනු ලබයි.
මෙතුළින් සහයෝගීතාවය කළගුණ සැලකීම සෑම දෙනාටම එකට එක්වී වැඩ කලයුතු බව සන්නිවේදනය කරයි .

අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ගලෙන්බිඳුනුවැව හුරුලු දේවාලය කිරි ඉතිරවීම
  
මෙම වැවේ ජලයෙන් විශාල ගොවි බිම් ප්‍රමාණයක් ජීවය ලබයි .හුරුළු වැව අසල දේවාලය පිහිටා ඇති අතර තම අස්වැන්න ලබා ගැනීමට මෙම වැවත් දෙවියනුත් උපකාර කලා යැයි සිතා

              කිරි ඉතිරවීම
               පෙරහැර
                දිය කැපීම සියල්ල සිදු කරනු ලබයි .

                                      බහිරව මුත්තා

                ගොවිතැන් ආශ්‍රිත ආශ්‍රිතව වැව ප්‍රධාන තැනක් ගනී. ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ වැව ආරක්ෂා කරන ඉඩම් ආරක්ෂා කරන අරක්ෂකයා වන්නේ මොහුය .බහිරව මුත්‍තා සමඟ ඔහුගේ බිරිඳ සිටින අතර රාත්‍රියේ මොවුන් ගමේ සැරිසරන අතර නරක වැඩ කරන අයට දඬුවම් දෙන ලබන බව විශ්වාස කෙරේ. මොවුන් සඳහා ගමේ තුන්මං හන්දියක කිරිබත් කෙසෙල් තබා පූජා වට්ටියක් සේ ගොටුවක් තුන්මංහන්දිය තබන ලබයි. කිසිදු පුද්ගලයකු රාත්‍රියේ මේ දිනවල ගමන් බිමන් යන්නේ නැත .
                      වී ගොවිතැනට අමතරව හේන් ගොවිතැන ආශ්‍රිතව ද දේව ඇදහිලි දැකගත හැකිය. ප්‍රධාන දෙවියන් හත් දෙනකු හඳුනා ගනු ලබන අතර කවර හෝ දෙවියකුට හෙන බාර දෙනු ලබයි .

1. සූනියම් දෙවියන්
2. ගන දෙවියන්
3. වන්නි බණ්ඩාර දෙවියන්
4. කන්දෙ දෙවියන්
5. කුමාර දෙවියන්
6. මැණික් බණ්ඩාර දෙවියන්
7. කළුබණ්ඩාර දෙවියන්
                    
             හේනේ මල් යහනාවක් ඉදිකර මල් පහන් හා පුද පඩුරු යාතිකා කොට හේනේ වටේ අතු බඳිනු ලබයි.මල් මාලා ගොතලා දෙවියන්ට බාර කරනු ලබයි .හේන වටා සිටවූ රිටි වල අතු බැද තිබෙන දුටු කිසිවකු ඊට ඇතුල් වන්නේ නැත .ගොවියාට හේනට ඇතුළු විය නොහැකිය. හානි සිදු නොවේ යැයි විශ්වාස කරනු ලබයි. අනතුරුව අස්වනු නෙලන්නේ කොටසක් ඉවත් කර ගැනීමෙනි .

*කෙසෙල් හේන් හොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හේන දෙවියන්ට හා යකුන්ට වෙන් කරනු ලබයි මෙසේ වෙන් කරනු ලබන කොටසින් කෙසෙල් කෑවොත් ගතහොත් ඒ තැනැත්තා විනාශ වේ යැයි විශ්වාස කරයි විස්වාස කරයි ආරක්ෂා කර ගැනීම මෙහි ප්‍රධානම අරමුණ විය හැකිය .

දේව පූජාව

          හේනවල මුල් අස්වැන්න දෙවියන්ට පූජා කරනු ලබයි. බොහෝවිට මේ සමූහික ව කරන ලද්දකි. එම අස්වැන්න නෙළා අනතුරුව නියම කරගත් තැනක පුද පූජා කරනු ලබයි .අනුරාධපුර ප්‍රදේශයේ මේ බහුලව සිදු කරයි. අස්වැන්න අලින්ගෙන් හා වෙනත් සතුන්ගෙන් උවදුරු උවදුරුවලින් ආරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් එල්ලනු ලබයි.

කිරි ඉරිඟු පූජාව
හේනේ ඉරිගු කිරි වදින විට හොඳ වේලාවක් බලා ඒවා කඩා පන්සලට ගෙන ගොස් කිරි ඉරිගු දානයක් දීමට හේන් ගොවි හුරුව සිටියහ .තම්බන ලද කිරි කරල් බුද්ධ පූජාවට තබා ඉන්පසු භික්ෂූන් වහන්සේලාට දන් දෙනු ලබයි .
උතුරු මැද පළාතේ බහුලව මෙම චාරිත්‍රය දැකිය හැකි ය .

Watercolor painting








Tuesday, July 16, 2019

ඒ එළිය ඔයා මට දෙන්නේ නෑ

සුළගටත් අහසටත් මහ පොළොවටත් දැනෙනවා..
ඒත් ඔයාට දැනෙන් නෑ..
අහසට දරාගන්නත් බෑ
පොළොවට උහුලගන්නත් බෑ
අහස මහ පොළොවට
බර කරනවා
ඒ වේදනාව ...
මගේ වේදානාවේ උරුමක්කාරයා ඔයා..
ඒත් මට උරුම උනේ කදුලු විතරයි ..
මට මගේ හෙවනැල්ලවත් නෑ..
මුලු ජීවිතේම අදුරුයි..
ඒ අදුරට එළිය තියෙන්නේ ඔයා ලග..
නමුත් ඒ එළිය ඔයා මට දෙන්නෙ නෑ..
ඒ තරමටම ඔයා නපුරුයි..
ඔයාටවත් මුණ නොගැසුනු ඔයාව
හොයාගත්තේ මම..
කමක් නෑ...
මට නොලැබෙන දේවල්
ඔයාට ලැබෙනවන්ම්
මට ඒ හොදටම ඇතී..

Portrait